චීනයේ ඉදිවූ ලොව දිගම වීදුරු පාලම

 


ඔන්න අපි අද ඔයගොල්ලන්ව එක්කන් යනවා චීනයට. හැබැයි ඒ පැන්ඩලා ගැන හරි, චීන මහාප්‍රාකාරය ගැන හරි කතා කරන්න නම් නෙමෙයි. ලෝකයේ විස්මිතම තවත් නිර්මාණයක් ගැන කතා කරන්නයි. ඒක පාලමක්. හැබැයි ඒ පාලම හදලා තියෙන්නෙ වීදුරුවලින්. මේ පාලම පිහිටලා තියෙන්නේ චීනයේ ජාතික උද්‍යානයක් වන සෑන්ග්ජියාජි උද්‍යානයේ යි.

සෑන්ග්ජියාජි (zhangjiajie) උද්‍යානය

පාලම ගැන කතා කරන්න කලින් මේ උද්‍යානය ගැන පොඩ්ඩක් කියවමු. චීනයේ හුනාන් ප්‍රාන්තයේ උතුරු දෙසට වන්නට මෙම අපූරු උද්‍යානය පිහිටා තිබෙනවා. ඔබට ඇවටාර් සිනමාපටය මතක නම්, එහි ඇති දැවැන්ත පසුතල වලට මූලාශ්‍ර සපයන්නේ මෙම උද්‍යානයයි. එමෙන්ම දැනට ලෝකයේ වැඩිම උසකින් පවතින ස්වාභාවික පාලමත් මෙම උද්‍යානයේ පිහිටා තිබෙනවා. ඒ වගේම 1992 වසරේදී මෙය යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුම ලැයිස්තුවටද නම් කරනු ලැබුවා. මෙම උද්‍යානයේ සමහරක් ස්ථාන වලට ඔබට කේබල් කාර් මගින්ද ළඟා විය හැකියි. මෙම උද්‍යානය ප්‍රධාන වශයෙන් කොටස් තුනකින් යුතු වෙනවා. ඒ සෑන්ග්ජියාජි වනෝද්‍යානය, සුක්සි නිම්නය හා ටිඅන්සි කන්ද වශයෙනු යි. මෙය වර්ග සැතපුම් 135ක් පුරා පැතිර පවතිනවා. මෙහි 3,100කට අධික තිරිවානා ගල් කුළුණු ප්‍රමාණයක් තිබෙන අතර ඒවායින් 1000කට අධික ප්‍රමාණයක් අඩි 650කට වඩා උසකින් යුතු වෙනවා. තවද චීනයට ආවේණික සත්ත්ව, ශාක විශේෂ 3000ක් පමණ තිබෙනවා. ඉන් 35ක් පමණ අතිශය දුර්ලභ ඒවායි. මෙහි ජීවත් වන සත්ත්ව විශේෂ ප්‍රමාණය 116ක්.

හයිම් ඩොටාන්

ලෝකයේම කතා බහට ලක්වුණු මෙම පාලම නිර්මාණය කරනු ලබන්නේ ඊශ්‍රායල ජාතික ගෘහනිර්මාණ ශිල්පියෙකු වන හයිම් ඩොටාන් විසිනුයි. ඔහු Haim dotan ltd නම් ගෘහනිර්මාණ, නගර නිර්මාණ හා නිර්මාණ ආයතනයේ නිර්මාතෘවරයා ද වෙනවා. ඔවුන් ආසියාව, අප්‍රිකාව, ඊශ්‍රායලය හා යුරෝපය ආශ්‍රිතව තමන්ගේ නිර්මාණ සිදු කරනු ලබනවා. එමෙන්ම ඔහුව සැලකෙන්නේ අන්තර්ජාතික ගෘහනිර්මාණයේ නව්‍ය භාෂාවක් නිර්මාණය කරන ලද ගෘහනිර්මාණ ශිල්පියෙකු ලෙසයි. ඔහුගේ නිර්මාණ බැලූ බැල්මටම ඒවාටම අන්‍යය වූ හැඩයකින් යුතු වෙනවා. ඔහුගේ නිර්මාණ අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ lake view හෝටලය, ඇන්ද්‍රේ මින්ක්ඔෆ් ගෘහස්ථ ක්‍රීඩාංගණය; ඇමරිකාව, ඊශ්‍රායලය හා ස්පාඤ්ඤය එකතු වී නිර්මාණය කරන ලද AORA සූර්ය කුළුණද ඇතුළත් වෙනවා.

ලෝකයේ උසම හා දිගම වීදුරු පාලම
සෑන්ග්ජියාජි උද්‍යානයේ අඩි 1200 ක් දිග පාලමක් තැනිය යුතු බව ඉංජිනේරුවරුන් විසින් ඩොටාන්ට යෝජනා කළත් ඔහු එය එක හෙලාම ප්‍රතික්ෂේප කරනවා. ඔහු පවසන්නේ මෙය ශාක සම්පත අතින් ඉතාම අලංකාර වනාන්තරයක් බවත්, එහි පාලමක් තැනුවොත් එය ඇවටාර් සිනමාපටයේ කොටසක් ලෙස දිස්වනු ඇති යනුවෙනුයි. මෙම ව්‍යාපෘතිය පිළිබඳව ඉංජිනේරුවරයාට ඩොටන් තවත් ඉතා අපූරු පිළිතුරක් ලබා දී තිබෙනවා. එනම් මෙතනට පාලමක් තැනුවොත් මෙහි ඇති අලංකාරත්වය නැතිව යනු ඇතැයි යනුවෙනුයි. ඉන්ජිනේරුවා දිගින් දිගටම වෙහෙසට පත් කරන විට ඩොටන් මෘදු ස්වරයෙන් පවසා ඇත්තේ තමන් මෙහි පාලමක් තනන්නේ නම් ඒ එක් කොන්දේසියක් පමණක් මත බවයි. එනම් එම පාලම මෙම ස්ථානයේ තිබෙන බව නොපෙනිය යුතුය යනුවෙනි.

කෙසේ නමුත් ඔහුගේ සැලසුම අනුව පාලම නිර්මාණය නම් ලෙහෙසි පහසු කටයුත්තක් වී තිබුණේ නෑ. එය වෙනුවෙන් ඉංජිනේරුවන්ට ඉතා වෙහෙසක් දැරිය යුතුව තිබුණා. එමෙන්ම මෙය නිර්මාණය කර අවසන් වූ පසු වලාකුළු සමඟ වලාකුළු වල කොටසක් ලෙස පාවෙන ස්වභාවයක් පෙන්නුම් කරනු ලැබුවා.

මෙම පාලම අඩි විස්සක පළලකින් යුතු වූ අතර එය මත විලාසිතා ප්‍රදර්ශනයක් පවා පැවැත්විය හැකි වෙනවා. එමෙන්ම එහි මධ්‍යයට වන්නට, ත්‍රාසජනක ක්‍රීඩා කළ හැකි ( බන්ගි පැනුම් ) කළ හැකි තැනක් ඉංජිනේරුවරුන් සැලසුම් කර තිබුණා. එය ලොව උසම බන්ගි පැනුමයි. වසර තුනක ඇවෑමෙන් පසුව ඉංජිනේරුවන් එල්ලෙන කම්බි භාවිතා කර පාලම සැලැසුම් කරා. එම පාලම පැයට කිලෝමීටර් 100ක සුළඟකට ඔරොත්තු දෙන ආකාරයට ඔවුන් නිමවා තිබුණා.

මෙම නිර්මාණය පිළිබඳව ඉංජිනේරුවන් පැසසුම්සහගතව කතා කළ අතර ඔවුන් පවසා තිබුණේ ඩොටාන්ගේ පාලම පියාපත් මෙන් තුනී බවත් වටු කුරුල්ලකු මෙන් සැහැල්ලු බවත් යනුවෙනුයි. මෙම පාලම නිර්මාණය කල අයුරු මෙතනින්.

පාලම නිර්මාණය වන අතරතුර (dailymail.co.uk)

සෑන්ග්ජියාජි උද්‍යානයේ පාලම දත්ත සැකවින්

පළල – මීටර 6යි, දිග – මීටර 430

උස ( පොළොවේ සිට) – මීටර 300

අමුද්‍රව්‍ය – ලෝහ

යොදාගත් වීදුරු – ඝනකම සෙන්ටිමීටර් 5 / පැනල ගණන 120

කාලය – මාස 18යි

වියදම – ඩොලර් මිලයන 59යි

බන්ගි පැනුමේ උස අඩි – 857


මෙම පාලම මූලිකවම චීනය නිර්මාණය කරනු ලබන්නේ සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය වෙනුවෙනුයි. නමුත් එම පාලම විවෘත කරනු ලැබූ 2016 අගෝස්තු 20 වෙනිදා සිට දින 13කින් නැවත එය වසා දැමුණා. එයට හේතුව වී තිබුණේ එම පාලමට දරාගත නොහැකි තරම් සංචාරකයන් ප්‍රමාණයක් පැමිණීමයි. මෙම පාලම මත එක්වරකට සිටිය හැකි වන්නේ 800කට පමණයි. දිනකට ඇස්තමේන්තු කර තිබූ සංචාරකයන් ප්‍රමාණය 8,000ක් පමණ වුණා. නමුත් එම ප්‍රමාණය දිනකට 80,000ක් තරම් ඉහළ අගයක් ගනු ලැබුවා. මේ හේතුව නිසා පාලම තවත් වැඩිදියුණු කිරීම වෙනුවෙන් වසා තැබුණු අතර පසුව එය 2016 සැප්තැම්බර් 30 වෙනිදා නැවත ජනතාව වෙනුවෙන් විවෘත කෙරුණා. මෙම පාලමේ ප්‍රවේශ පත්‍රයේ මිල උද්‍යාන පිවිසුම් මිලට ඇතුළත් නොවන අතර ඒ වෙනුවෙන් ඩොලර් 21ක (2016) ටිකට් පතක් මිලදී ගත යුතු වෙනවා.

තවත් ඔබ දන්නා මේ වගේ නිර්මාණ වල තොරතුරු අපිත් එක්ක බෙදා ගන්න අමතක කරන්න එපා.

Rate This Article

Thanks for reading: චීනයේ ඉදිවූ ලොව දිගම වීදුරු පාලම, Stay tune to get latest Blogging Tips.

Getting Info...

Post a Comment

Cookie Consent
We serve cookies on this site to analyze traffic, remember your preferences, and optimize your experience.
Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.
AdBlock Detected!
We have detected that you are using adblocking plugin in your browser.
The revenue we earn by the advertisements is used to manage this website, we request you to whitelist our website in your adblocking plugin.
Site is Blocked
Sorry! This site is not available in your country.