විෂබීජ වලින් ආරක්ෂා වී පිරිසිදුව සිටීමට නිරතුරුව ස්නානය කිරීම හොඳ පුරුද්දක්. නමුත්, දිනපතා නිතර ස්නානය කිරීමෙන් ඔබේ කෙස්කලඹට සිදුවන්නේ යහපතකට වඩා අයහපතක් කියලයි ඇතැම් විශේෂඥයින්ගේ අදහස වන්නේ.
හිස නිතර සේදීම හේතුවෙන් හිස්කබල වියළීයාමට බලපෑ හැකියි. එහිදී ගෙවී ගිය තෙතමනය වෙනුවට ස්නේහක ග්‍රන්ථි වලින් තෙල් අධිකව ශ්‍රාවය වීම උත්තේජනය විය හැකි බවත් , එහි ප්‍රතිඵලයක් ලෙස හිසකෙස් තෙල් අධික ස්වභාවයකට පත්වීම , කැසිල්ල,ඉස් හොරි ඇතුළු කෙස්කලඹ ආශ්‍රිතව විවිධ ගැටළු පැනනැගිය හැකි බවත් සඳහන් වෙනවා. කෙස්කලඹේ ස්වභාවික ආරක්ෂක ආවරණය නිතර ඉවත්වීම කෙස්කලඹට හානිකරයි.
නිතර ස්නානය නොකර, ඔබේ කෙස්කලඹ ආකර්ෂණීය ලෙස පවත්වාගන්නේ කොහොමද කියා කල්පනා කරනවාද? එහෙනම්, මේ උපදෙස් කිහිපය ඔයාටයි.
1.ඔබේ ආහාර රටාව ගැන සැළකිලිමත්වන්න
දිගු කාලයක් ඔබේ කෙස්කලඹ පිරිසිදුව තබාගැනීම සඳහා ඔබ එදිනෙදා පරිභෝජනය කරනු ලබන ආහාර අතරින් මේදමය හා ගැඹුරු තෙලේ බදින ලද ආහාර අනුභවයෙන් ඈත්වෙන්න.සීනි, පාන් සහ කෑන් කල ආහාර වර්ග පරිභෝජනය සම්බන්ධයෙන්ම මෙය එලෙසම අදාල වේ.මේ ආහාර වෙනුවට, එළවළු, පලතුරු, සිහින් මේද සහිත මස් වර්ග, සහ නට් වර්ග ඔබේ ආහාර වේලට එකතුකරගන්න.මින් ස්නේහක ග්‍රන්ථි ක්‍රියාකාරීත්වය අඩුවීමට හොඳ සහයක් ලැබෙයි.
2. ‘ඩ්‍රයි ෂැම්පූ’ (dry shampoo) භාවිතා කරන්න
කෙස් කලඹේ තෙල් සහිත දීප්තිමත් ගතිය අඩුකිරීම සඳහා මේ ක්‍රමය ඵලදායි වේ. ඔබේ කෙස්කලඹ කොටස් කිහිපයකට බෙදාගන්න. ඉන් අනතුරුව අඟල් 8-10 ක පමණ සිට හිසකෙස් මුල් දක්වා ඩ්‍රයි ෂැම්පු ආලේප කරන්න.ස්ප්‍රේ බෝතලයක් ආකාරයෙන් ඇති ඒවා භාවිතය පහසුය. ඔබ මිලදී ගත් නිෂ්පාදනය ටැල්කම් පවුඩර් වර්ගයේ එකක් නම්, කෙස්ගස් මුල් වලට ඒවා යොදන්න. මිනිත්තු 10 ක් පමණ රැඳෙන්නට තබා,පනාවකින් කෙස්කලඹ පීරන්න.ඩ්‍රයි ෂැම්පු මඟින් කෙස්කලඹ මතුපිට තෙල් ගතිය දුරුකර, දිගු වෙලාවක් පුරාවට පවතින පිරිසිදු පෙනුමක් ඇතිකරවයි.
3. අලංකාර පළඳනා භාවිතයෙන් හැඩවෙන්න
ඔබ නළල හිසකෙස් වැටෙන ආකාරයේ හෙයාර්කට් එකක් (ෆ්‍රින්ජ් කට්) ඇති කෙනෙක් නම්, ස්කාර්ෆ් එකක් භාවිතයෙන් අපූරු කොණ්ඩා විලාසිතා ක්‍රම අනුගමනය කළ හැකියි.හෙඩ්ස්කාෆ් භාවිතය කෙටි කෙස්කලඹක් ඇති අයට වගේම කොණ්ඩය කඩාහැලෙන ආකාරයේ විලාසිතා භාවිතා කරන අයට වඩාත් ගැළපේ.කොණ්ඩ කටු, අලංකාර හෙයාර්බෑන්ඩ් වර්ග වැනි පැළඳුම් භාවිතයෙන් කෙස්කලඹේ තෙල් ගතිය වැඩි තැන් ආවරණය කළ හැකියි.
4. වතුරේ උෂ්ණත්වය ගැන අවධානය යොමුකිරීම වැදගත්!
සාමාන්‍ය ජලය හැරුණු විට, ස්නානය කිරීමේදී උණුසුම් හෝ ඇල්මැරුණු වතුර භාවිතා කරන්න. උණුවතුර ස්නානය කිරීමෙන් සමේ තෙල් ශ්‍රාවය වීම වැඩිවෙයි.කෙස්කලඹ සේදීමෙන් පසු කෘතිම ක්‍රම වලින් තොරව, ස්වභාවිකව පවනේ වියළෙන්නට හරින්න.
5. කොණ්ඩය කරලක් ලෙස ගොතාගන්න
කෙස්ගස් වල මුල කොටස් ආශ්‍රිත තෙල් ගතිය ආවරණය කරගැනීම සඳහා කොණ්ඩය ගෙතීමේ ක්‍රම ඉතා ප්‍රයෝජනවත් වේ. ගෙතුම ඝනකම් වන තරමට හොඳ පෙනුමක් ලැබේ.නොසේදූ කෙස් කොටස් වැසෙන ආකාරයෙන් ‘බැක්කෝම්බ්’ ක්‍රමයට හිස පීරිය හැකියි (කොණ්ඩය මදක් උස්කර පිටුපසට පීරීම).
6. රාත්‍රී නින්දට පෙර ඔබේ කෙස්කලඹ පීරාගන්න
නින්දට පෙර කෙස්කලඹ ගැට ඉවත්කර පීරාගන්න.කොට්ටය මත හිස තබා, කෙස්වැටිය අතින් කොට්ටයේ දාරයෙන් ඉවතට කරන්න. දිගු කෙස් කලඹක් නම් පෝනිටේල් එකක් හෝ ලිහිල් ආකාරයෙන් ගොතාගන්න.
7.රොදය බෙදන ආකාරය ටිකක් වෙනස් කරන්න
මැදින් රොදය පීරිමට වෙනුවට විකර්ණව, හෝ පුරුදුව සිටින පැත්ත නොව අනෙක් පැත්තට කෙස්කලඹ පීරාගන්න.මෙසේ කිරීමට හේතුව ඉතා සරලයි.එකම ආකාරයෙන් පීරන විට අපේ කෙස්කලඹ එම විලාසිතාවට අනුව හැඩගැසෙන අතර, කාලයක් යන විට කෙස්ගස් මුල් ආශ්‍රිතව පිරිපුන් බව නැතිවීයයි.ඒවගේම, රොදය අවට හිසකෙස් ඉක්මනින් අපවිත්‍ර වීමට බලයි. ඉතින්, රොදය වෙනස් කර පීරීමෙන් කෙස්කලඹට පිරිපුන් බවක් වගේම අලුත් පෙනුමක් ද එක්වෙයි. මින් කෙස්කලඹේ පිරිසිදු පෙනුමක් ද ඇතිවේ.
8. පැතලි ආකාරයේ කොණ්ඩා මෝස්තර වලින් වළකින්න
පළමු ඡායාරූපයේ ආකාරයේ සුමට විලාසිතා උත්සහ නොකරන්න.මින් ඔබේ කෙස්කලඹ අධික තෙල් ගතියකින් යුක්ත බවක් පෙනෙයි.හිසකෙස් මුල් ආශ්‍රිතව ‘බැක්කෝම්බ්’ ක්‍රමයට හිසපීරීමෙන් වැඩි පිරිපුන් බවක් කෙස්කලඹට එක්වේ.කොණ්ඩය ගුලියක් ආකාරයෙන් ඉහළට කර ගැටගසාගැනීම ආකර්ෂණීයයි.
9. පනා හා කොණ්ඩා බුරුසු ආදිය සෝදා පිරිසිදුව තබාගන්න.
ඔබ පරිහරණය කරන පනා, බුරුසු හා අනෙකුත් හිසකෙස් අලංකරණ උපකරණ ආදිය නිතිපතා පිරිසිදුව තබාගන්න.භාවිතයේදි ඔබේ හිස්කබලේ ඇති තෙල්, කන්ඩිෂනර් කොටස් සහ රූපලාවන්‍ය නිෂ්පාදන හා ගැලවී ගිය හිසකෙස් ආදි නොයෙකුත් අපද්‍රව්‍ය මේවායේ බැඳෙයි. පිරිසිදු නොකර යළි යළි භාවිතා කිරීමෙන් කෙස්කලඹ තවත් අපිරිසිදු වෙයි. ඒ නිසා සතියකට එක්වරක් හෝ මේවා සබන් හෝ ෂැම්පු මුසු කල උණුසුම් වතුරෙන් සෝදා පිරිසිදු කරගන්න.
10. කෙස්කලඹ පිරිසිදු කරගත යුතු නිවැරදිම ක්‍රම
ස්නානය කළ පසු තෙත කොණ්ඩය තුවායක් වෙනුවට ටී-ෂර්ට් එකක් භාවිතයෙන් තෙත මාත්තු කරමින් වියළාගන්න.ඉන් ගැට ඇතිවීම අවම කරගත හැකියි.
හිස්කබල ස්ක්‍රබ් කිරීමෙන් වළකින්න. ඇඟිලි තුඬු වලින් සියුම්ව ෂැම්පු ගල්වන්න.
හිසකෙස් මුල් වල කන්ඩිෂනර් ගැල්වීමෙන් වළකින්න.
කන්ඩිෂනර් ගැල්වීමට පෙර කෙස්කලඹේ අතිරික්ත ජලය මිරිකා ඉවත්කර සිටින්න.
Source - Naifm
Rate This Article
Thanks for reading: දිනපතාම ස්නානය නොකළත් කෙස් කලඹ ලස්සන තියාගන්න උපකාරී වන උපදෙස් 10 ක්, Stay tune to get latest Blogging Tips.
