ලෝකෙම කතා වෙන මොකක්ද මේ ChatGPT කියන්නේ ?

 


ලෝකෙම කතා වෙන මොකක්ද මේ ChatGPT කියන්නේ ?

“ChatGPT එක අමෙරිකා එක්සත් ජනපදයේ වෛද්‍ය විභාගයත් සමත් වෙලා තියෙනවාලු. ඒ වගේම මිනසෝටා ප්‍රාන්තයේ නීති විද්‍යාලයේ විභාගයත්,වෝටන් බිස්නස් ස්කූල් එකේ විභාගයත් පාස් වෙලා තියෙනවලු” වගේ කතා ගොඩක් දැන් ප්‍රසිද්ධයිනේ.. ඉතින් ලෝකෙම මාතෘකාවක් වෙලා තියෙන ChatGPT ගැන තමා දැන් කතා කරන්න යන්නේ.

සරලව කිව්වොත් ChatGPT කියන්නේ AI තාක්‍ෂණය මගින් මෙහෙයවනු ලබන ස්වාභාවික භාෂා සැකසුම් මෙවලමක්. මේ chatGPT එක පරිශීලකයන්ට එහි චැට්බෝට් සමඟ බොහෝ දේවල් කරන්න ඉඩ සලසනවා.

මේ chatGPT එකට පුළුවන් පරිශීලකයා අසන ප්‍රශ්ණ වලට පිළිතුරු දෙන්න. ඒ වගේම ඊමේල්, රචනා සහ කේත රචනා කිරීම වැනි කාර්යයන් සඳහාත් අපිට සහය වෙන්න මේ chatGPT එකට හැකියාව තියෙනවා. උදාහරණයක් විදියට ඔයාට මොකක් හරි මාතෘකාවක් ගැන රචනාවක් ලියාගන්න අවශ්‍ය නම් ඔයාට කරන්න තියෙන්නෙ ඒ ගැන chatGPT ට කියන්න විතරයි. මේ වගේ ගොඩක් දේවල් සදහා ඔයාට chatGPT සහය ලබා ගන්න පුලුවන්.

ලෝකෙම ප්‍රසිද්ධ chatGPT හැදුවේ කවුද ?

chatGPT නිර්මාණය කරේ AI පර්‍යේශණ සමාගමක් වන OpenAI විසිනුයි. ගොඩ දෙනෙක් OpenAI ගැන දැනටමත් දන්නවනේ. මොකද ප්‍රසිද්ධම AI art generator එකක් වන DALL-E සහ an automatic speech recognition system එකක් වන whisper නිර්මාණය කරලා තියෙන්නෙත් මේ OpenAI සමාගම විසින් නිසා. ඉතින් මේ OpenAI විසින් මේ ChatGPT නිකුත් කරන්නේ 2022 නොවැම්බර් 30 වෙනිදායි.

අපිට chatGPT භාවිතා කරන්න පුළුවන් කොහොමද ?

ඒක හරිම ලේසියි. ඔයා chatGPT conversation එක open කරගත්තනම් ඔයාට තියෙන්නේ ඔයා කැමති දෙයක් අහන එක විතරයි. ඔයාට translate කරගන්න අවශ්‍ය නම්, essay එකක් ලියාගන්න අවශ්‍ය නම්, ගණිත ගැටළුවක් විසදගන්න අවශ්‍ය නම්, කාටහරි මේල් එකක් යවන්න දන්නැත්නම් වගේම තවත් බොහෝ දේවල් මේ හරහා කරගන්න පුලුවන්.

ඒ වගේම ඔයාට තමන්ගේ එදිනෙදා ප්‍රශ්ණත් මේ හරහා කතා කරන්න පුලුවන්.

chatGPT සහ search engine අතර වෙනස මොකක්ද ?

ChatGPT කියන්නේ අවසාන පරිශීලකයා සමඟ සංවාදයක් පැවැත්වීමේ අරමුණින් නිර්මාණය කරන ලද භාෂා ආකෘතියක්. ඒත් chatGPT එකට අපි අසන ප්‍රශ්ණ වලට පිළිතුරු දෙන්න අන්තර්ජාලය සෙවීමේ හැකියාවක් නැහැ. ඒ සදහා chatGPT භාවිතා කරන්නේ පුහුණු දත්ත වලින් ඉගෙන ගත් තොරතුරු පමණයි.

ඒත් search engine එකක් කියන්නේ පරිශීලකයාට ඔවුන් ඉල්ලා සිටින තොරතුරු සොයා ගැනීම සදහා උදවු කිරීමට internet එකෙන් web pages ගොනු කිරීමක්.

ඉතින් මේ නිසා search engine සහ chatGPT අතර විශාළ වෙනසක් තියෙනවා.

chatGPT එකේ සීමාවන් මොනවද ?

ChatGPT ගැන ලෝකෙම කතා වුණත් තාමත් මේකේ සීමාවන් තියෙනවා.

ලබා දෙන ප්‍රතිචාරයේ ගුණාත්මක භාවය නොමැති වීම මේකෙ ප්‍රධාන සීමාවක් වෙනවා. පරිශීලකයා අසන ප්‍රශ්ණයට පිළිතුරු දීම සදහා නැවත වචන භාවිතා කළ යුතු නිසා නිශ්චිත ආකාරයකින් පිළිතුරු දීමට chatGPT හට හැකියාවක් නැහැ.

ඒ වගේම අපැහැදිලි ප්‍රශ්ණ ඇසීමේදී එය පැහැදිලි කරන ලෙස ඉල්ලනවා වෙනුවට chatGPT විසින් අපැහැදිලි ප්‍රශ්ණයේ තේරුම් කුමක්දැයි අනුමාන කරනු ලබනවා. මෙය විකෘති ප්‍රතිචාර ලබා දීමට හේතු වෙනවා.

එ වගේම chatGPT හී තියෙන ප්‍රධාන ගැටළුවක් වෙන්නේ මෙය ලබා දෙන පිළිතුරු බොහොමයක් වැරදි වීමේ ඉහළ අනුපාතයක් තිබීමයි.


අපිට chatGPT භාවිතා කරන්න පුලුවන් කොහොමද ?

chat.openai.com හරහා ගොස් account එකක් නිර්මාණය කිරීමෙන් පසුව අපිට ලේසියෙන්ම chatGPT සමග conversation එකක් ආරම්භ කරන්න පුළුවන්. chatGPT තවමත් පර්‍යේශණ මට්ටමේ තියෙන නිසා පරිශීලකයන්ට දැනට ඕනෑම තරමක් ප්‍රශ්ණ අසන්න හැකියාව තියෙනවා.

ඔයාලත් භාවිතා කරලා බලන්න කොහොමද අලුත්ම AI chatGPT එක කියලා.

Source - Cyber Yakku

Rate This Article

Thanks for reading: ලෝකෙම කතා වෙන මොකක්ද මේ ChatGPT කියන්නේ ?, Stay tune to get latest Blogging Tips.

Getting Info...

Post a Comment

Cookie Consent
We serve cookies on this site to analyze traffic, remember your preferences, and optimize your experience.
Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.
AdBlock Detected!
We have detected that you are using adblocking plugin in your browser.
The revenue we earn by the advertisements is used to manage this website, we request you to whitelist our website in your adblocking plugin.
Site is Blocked
Sorry! This site is not available in your country.