විශ්වයේ කෙලවරකට යන්න shortcut එකක්

 


විශ්වයේ කෙලවරකට යන්න shortcut එකක්

විශ්වයේ කෙලවරකට යන්න shortcut එකක් හොයා ගන්න බැරිද ? සලරව කිව්වොත් worm hole එකක් කියන්නේ එක තැනක ඉදලා තව තැනකට යන්න පුලුවන් shortcut ජතියක් මේක කියන තරම් පහසු දෙයක් නෙමෙයි. ඔයා interstellar ,flash ,back to the futureවගේ ෆිල්ම්ස් බලලා තියනවනම් දැකලා ඇති එවා වල worm holes.

Worm holes වල ඉතිහාසය බැලුවොත් එක 1935 වගේ කාලයකට විහිදිලා යනවා. මේ කාලේ ජිවත් වෙච්චි ඇල්බට් අයින්ස්ටයින්ගේ සාමාන්‍ය සාපේක්ෂතා වදයත් එක්ක තමා මේ worm hole කියන සංකල්පය ඇති වෙන්නේ,

මේ සාපේක්ෂතා වදයට පස්සේ අයින්ස්ටයින් හා නේතන් රොසන් කියන විද්‍යා යන් සොයා ගත්තා මේ අපි ජිවත් වන කාලය හා අවකාශය තුල shortcut තියෙන්න පුලුවන් කියලා .මේක හොයා ගත්තෙ සාමාන්‍ය සාපේක්ෂතා වදය වැඩිදියුණු කරන්න පරික්ෂණ කරනකොට මේවා හොයා ගත්ත මුල් කාලේ මේගොල්ලෝ , ඒ කියන්නේ ඇල්බට් අයින්ස්ටයින් හා නේතන් රෝසන් කියන දෙන්නා මේ worm holes වලට මුලින්ම නම දැම්මේ Einstein-Rosen bridge කියලා ඒක දැම්මේ , පාලම් වගේ එක තැනක ඉදලා තවත් තැනකට මේ worm holes හරහා යන්න පුලුවන් නිසා.පසු කාලෙක තමයි විද්‍යයන් මේ ගැන වැඩිදුරටත් පරික්ෂණ කරලා මේකට worm hole කියන නම දාලා තියෙන්නෙ .

මේ worm hole කියන එක සාමාන්‍යයෙන් විද්‍යායන්ටත් පැහැදිලි කරන්න අමාරු මාතෘමාත්තෘකවක් මොකක්ද මේ worm hole කියන එක ක්‍රියාත්මක වෙන්නේ සතරවෙනි මානයෙකින් . අප දන්නා සැටියට මේ විශ්වයේ පවතින්නේ දිග-පළල-උස කියන මාන 3 පමණයි . එහෙත් ඇල්බට් අයින්ස්ටයින්ගේ සාමාන්‍ය සාපේක්ෂතා වදයේ පවසන ආකාරයට මෙම විශ්වය සතරවෙනි මානයෙක් තියන බවත් එය කාලය වන බවත් ඔහු සාපේක්ෂතා වදයන් පවසා සිටිනවා.මෙය සිව්වන මානයෙකින් පැහැදිලි කිරීමට අපහසු නිසා විද්‍යයන් මෙය ද්විමාණ විශ්වයකට අදාලව පැහැදිලි කරනවා. ද්විමාණ විශ්වයක් යනු දිග-පළල පමණක් පවතින උසක් නොමැති පැතලි විශ්වයක්.අයින්ස්ටයින්ගේ සාමාන්‍ය සාපේක්ෂතා වාදයෙන් ඔහු ඔප්පු කරලා පෙන්නුවා මේ විශ්වයට නැමෙන්න,ඇබරෙන්න,දිගහැරෙන්න පුළුවන් කියලා, එත් එය සතරවෙනි මානයක් තුල සිදුවන නිසා එය අපට දැනෙන්නේ නැති බවද ඔහු සදහන් කරලා තියනවා.සාපේක්ෂතා වාදයෙන් පවසන ආකාරයට worm hole එකක් ඇතිවිය හැක්කේ උස කියන මානයෙන් හෝ සතරවෙනි මානයෙක් හරහා පමණයි.

මෙම worm hole කියන සංකල්පය විද්‍යාව තුල පමණයි කතා වෙන්නෙ, මේව විශ්වය තුල පවතිනවා කියලවත් තාම සොයාගෙන නෑ. මේව තාම ප්‍රායෝගිකව නිර්මාණය කරන්න උත්සාහ කරලවත් නෑ.විද්‍යායන් පවසන ආකාරයට මේවා නිර්මාණය කරලා පවත්වා ගන්න Exotic matters ,negative matter වාගේ ඝන ගුරුත්වයක් නිර්මාණය කරන්න අවශ්‍ය පදර්ථයක් අවශ්‍යයි.

Worm hole පිලිබදව තියන තවත් මතයක් තමයි . Black holes කියන්නේ එක් ආකාරයක විශ්වය තුල ස්වාභාවිකව ඇතිවන worm holes ජාතියක් බවයි.මෙම black hole වල අනෙක් පැත්තේ ඇත්තේ white holes කියලා හදුන්වන පදාර්ථය පිටතට කාන්දුවන සිදුරක් බවත් විද්‍යාඥයන් පවසනවා.

Rate This Article

Thanks for reading: විශ්වයේ කෙලවරකට යන්න shortcut එකක්, Stay tune to get latest Blogging Tips.

Getting Info...

Post a Comment

Cookie Consent
We serve cookies on this site to analyze traffic, remember your preferences, and optimize your experience.
Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.
AdBlock Detected!
We have detected that you are using adblocking plugin in your browser.
The revenue we earn by the advertisements is used to manage this website, we request you to whitelist our website in your adblocking plugin.
Site is Blocked
Sorry! This site is not available in your country.