Facebook භාවිත කරන අයට දැනුම්දීමක්


සාමාන්‍ය ෆේස්බුක් පරිශීලකයින්ට වඩා ප්‍රභූ (VIP) තනතුරුවල සිටින්නවුන් ෆේස් බුක් පරිශීලනය කිරීමේ දී ඔවුන් සඳහා ලබා දී තිබූ විශේෂ සැලකිලි ප්‍රතිසංස්කරණය කිරීමට මෙටා සමාගම කටයුතු කර තිබෙනවා.

ඒ අනුව Facebook-parent Meta මගින් මධ්‍යස්ථ සිය පද්ධතිය වෙනස් කිරීමට නතු කර ඇති අතර ඊට “cross-check” ආදේශයක එක් කර තිබෙනවා.

මෙම මෙටා වැඩසටහන මගින් ප්‍රභූ යැයි හඳුනාගනු ලබන්නේ කුමන පෙළේ ගිණුම් ද යන්න ප්‍රසිද්ධියේ හඳුනාගැනීමේ යෝජනාවක් සම්බන්ධයෙන් වන අදහස් මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශ කර නැහැ.

2021 වර්ෂයේ නොවැම්බර් මාසයේ දී වෝල් ස්ට්‍රීට් ජර්නලයේ වාර්තාවකින් පෙන්නුම් කළේ මෙම ක්‍රොස් චෙක් වැඩසටහන මගින් දේශපාලඥයින්, ප්‍රසිද්ධ පුද්ගලයින්, මාධ්‍යවේදීන් සහ වෙළෙඳ ප්‍රචාරකයින් වැන්නවුන් මෙටා පද්ධතිය මගින් ආරක්ෂා කර ඇති බවයි.

එය දැඩි විවේචනයට ද ලක් ව තිබුණා.

සමහර අවස්ථාවල දී එම ප්‍රභූන් හට මෙටා නීතිරීති උල්ලංඝනය කරමින් (සාමාන්‍ය පරිශීලකයින් වෙත පමණක් ක්‍රියාත්මක ) ඇතැම් පෝස්ට් පළ කිරීමට ද හැකියාවක් උදා කර තිබුණා.

කෙසේවෙතත් 2020 වන විට මිලියන 5.8ක පරිශීලකයින් ඇතුළත් ෆේස් බුක් වෙත ක්‍රොස් චෙක් වැඩසටහන යළිත් එක් කිරීම සිදු කළේ එහි අන්තර්ගතයේ මධ්‍යස්ථභාවයේ නිරවද්‍යතාව වැඩිදියුණු කිරීමට පමණක් බවයි මෙටා අධ්‍යක්ෂ මණ්ඩලය පැවසුවේ.

මෙම නව පද්ධතිය ප්‍රතිසංස්කරණය සඳහා මෙටා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සාමාජිකයින් 24 දෙනෙකුගෙන් සමන්විත මණ්ඩලයක් ද පත් කර තිබෙනවා.

Rate This Article

Thanks for reading: Facebook භාවිත කරන අයට දැනුම්දීමක් , Stay tune to get latest Blogging Tips.

Getting Info...

Post a Comment

Cookie Consent
We serve cookies on this site to analyze traffic, remember your preferences, and optimize your experience.
Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.
AdBlock Detected!
We have detected that you are using adblocking plugin in your browser.
The revenue we earn by the advertisements is used to manage this website, we request you to whitelist our website in your adblocking plugin.
Site is Blocked
Sorry! This site is not available in your country.