WhatsApp ආකර්ෂණීය නව විශේෂාංග කිහිපයක් හඳුන්වාදෙයි

 


WhatsApp ආකර්ෂණීය නව විශේෂාංග කිහිපයක් හඳුන්වාදෙයි

WhatsApp විසින් සියලුම Android භාවිතා කරන්නන් සඳහා නව විශේෂාංග කිහිපයක් හඳුන්වා දී ඇත

WhatsApp මෑතකදී සිය Android යෙදුමට නව විශේෂාංග මාලාවක් එක් කර ඇත පරිශීලකයින්ට දැන් වරකට ඡායාරූප 100 ක් යැවීමට හැකියාව ඇත.ඊට අමතරව දැන් දිගු Group Name දැමිය හැකිය පරිශීලකයින්ට Profile Picture සහ ස්ටිකර් සඳහා Avatar යොදා ගත හැකිය.මේ අතර Document සඳහා Description එකක් එක් කළ හැකිය. අපි මෙම නවතම විශේෂාංග හඳුනාගනිමු.


🔅ඡායාරූප 100ක් එකවර යැවීමේ විශේෂාංගය - කලින් Whatsapp හි වරකට යැවිය හැකි ඡායාරූප හෝ වීඩියෝ 30 ක සීමාවේ තිබුණි. පරිශීලකයෙකුට වැඩිපුර ඡායාරූප හෝ වීඩියෝ යැවීමට අවශ්‍ය නම් ඔවුන්ට ඡායාරූප හා වීඩියෝ කිහිප වතාවක් නැවත යොමු කිරීමට සිදුවේ. එය පරිශීලකයින්ට විශාල කරදරයක් විය. නමුත් දැන් පරිශීලකයින්ට එකවර ඡායාරූප සහ වීඩියෝ 100ක් තරම් ප්‍රමාණයක් බෙදා ගැනීමට හැකි වේ


🔅 Document යවන අතරතුර Description එක් කිරීමේ විශේෂාංගය - Meadia බෙදා ගන්නා අතරතුර WhatsApp විසින් පරිශීලකයින්ට රූප සහ වීඩියෝ සඳහා Description එක් කිරීමට මින් පෙර ඉඩ ලබා දී ඇත. කෙසේ වෙතත් Document සඳහා Description එක් කිරීමට හැකියාවක් නොතිබුණි. එහි ප්‍රතිඵලයක් වශයෙන් Document පිළිබඳ විස්තර තබා ගැනීම දුෂ්කර විය විශේෂයෙන්ම සමූහ හා බෙදාගත් විට. මෙම ගැටළුව විසඳීම සඳහා WhatsApp දැන් පරිශීලකයින්ට Document සඳහා Description එක් කිරීමේ හැකියාව ලබා දී ඇත.


🔅දිගු Group Name සහ Description එක් කිරීමේ විශේෂාංගය - WhatsApp Group Name සඳහා මීට පෙර අක්ෂර 25 ක් වූ අතර පරිශීලකයින්ට ඔවුන්ගේ කණ්ඩායම් නාමය නිවැරදිව විස්තර කිරීමට අක්ෂර 100 ක් දක්වා ඉඩ ප්‍රස්ථාව දැන් ලබා දීඇත. කණ්ඩායමේ අරමුණ තේරුම් ගැනීමට ද මෙය කණ්ඩායම් සාමාජිකයින්ට උපකාරී වනු ඇත. මීට අමතරව Group Description සඳහාද දිගු ලෙස අක්ෂර යෙදීමට දැන් හැකියාව ඇත.


🔅Avatar විශේෂාංගය - පරිශීලකයින්ට දැන් Avatar ගැනීමට Setting වෙත යා හැක. පරිශීලකයින්ට ඔවුන් සිතන අයුරින් චරිතයක් නිර්මාණය කළ හැකි අතර එය Profile Picture එක සඳහා මෙන්ම ස්ටිකර් සඳහාද භාවිතා කළ හැකිය. මෙම විශේෂාංගය බොහෝ කලකට පෙර ප්‍රකාශයට පත් කරන ලද නමුත් එය Whatsapp Beta පරිශීලකයින්ට එය සීමා විය.එහෙත් දැන් සාමාන්‍ය පරිශීලකයින් වෙතද මෙම විශේෂාංගය ලබා දී ඇත.


🚫 සැලකිය යුතුයි - මෙම විශේෂාංග තවමත් ඔබට ලැබී නොමැතිනම් යෙදුම යාවත්කාලීන කරගන්න.තවමත් යාවත්කාලීන කිරීමක් පැමිණ නැතිනම් යාවත්කාලීන කිරීමක් ලැබෙන තුරු සිටින්න.

Rate This Article

Thanks for reading: WhatsApp ආකර්ෂණීය නව විශේෂාංග කිහිපයක් හඳුන්වාදෙයි, Stay tune to get latest Blogging Tips.

Getting Info...

Post a Comment

Cookie Consent
We serve cookies on this site to analyze traffic, remember your preferences, and optimize your experience.
Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.
AdBlock Detected!
We have detected that you are using adblocking plugin in your browser.
The revenue we earn by the advertisements is used to manage this website, we request you to whitelist our website in your adblocking plugin.
Site is Blocked
Sorry! This site is not available in your country.