මොලයට සිදුවූ හානි නිසා අසාමාන්‍ය හැකියාවන් ලබාගත් පුද්ගලයන් කිහිපයක්

 

මොළය, මිනිස් සිරුරේ පවතින අපූරු අවයවයක් වෙනවා. මෙය ඉතා සංකීර්ණ ලෙස සෑදී ඇති අතර එහි ක්‍රියාකාරීත්වය පිළිබඳ ව 100%ක් වටහා ගන්නට අද වන විටත් විද්‍යාඥයින් සමත් වී නැහැ.

යම් අනතුරක් හෝ රෝගාබාධයක් නිසා මොළයට සිදුවන හානි බොහෝ විට නැවත සැකසීම උගහට වන අතර මින් එම පුද්ගලයාගේ හැසිරීම ඇතුළු තවත් ක්‍රියාවලීන්වලට විශාල බලපෑමක් වෙනවා. කෙසේ නමුත් මොළයට යම් හානියක් වූ විට එයින් කුමණාකාරයේ බලපෑමක් වේදැ යි නිශ්චිතව ම ප්‍රකාශ කරන්නට වෛද්‍යවරුන්ට නොහැකි යි. මොළයට වූ හානි නිසා ලොව බොහෝ දෙනා ආබාධිත වෙද්දී ඒ නිසා අසාමාන්‍ය හැකියාවන් ලැබූ අය පිළිබඳවත් කලාතුරකින් ලොව වාර්තා වෙනවා.

කෙන් වෝල්ටර්ස්

lifecoachcode.com

මීට වසර 20කට පමණ පෙර ඉංජිනේරුවෙක් ලෙස කටයුතු කළ කෙන් වෝල්ටර් ඉතා දරුණු හදිසි අනතුරකට මුහුණ දුන්නා. මින් ඔහුගේ හිසට දැඩි හානි සිදු වූ අතර සදාකාලිකව ම රෝද පුටුවකට වී දිවි ගෙවන්නට වුණා. 2005 දී ඔහු මොළයේ අභ්‍යන්තර ලේ ගැලීමකට ද මුහුණ දුන්නා. මින් ඔහු අංශභාග තත්ත්වයකට ගොදුරු වූ අතර කථනය නැවත සකසාගැනීම උදෙසා භෞතචිකිත්සක ප්‍රතිකාර ගන්නට ද සිදුවුණා.

වෝල්ටර්ස්ගේ මොළයේ අභ්‍යන්තර ලේ ගැලීම ඇති වී තිබුණේ ආඝාත තත්ත්වයක් හේතුවෙන් වන අතර එය සුව වූ පසු තමන්ට ලැබුණු ‘අපූරු හැකියාවක්’ ඔහු අධ්‍යයනය කළා. යාන්තම් පැන්සලක් අල්ලාගැනීමට නැවත හැකියාව ලැබීමත් සමඟ ඔහු විවිධ රූප කුරුටුගාන්නට වුණා. ඒවා ඉතා ව්‍යක්ත ඒවා වුණු අතර වැඩි කල් යන්නට මත්තෙන් ඩිජිටල් රූප ඇඳීමට ද ඔහු සමත්කම් දැක්වූවා. අනතුරුව ඔහු විසින් ම මෘදුකාංගයක් නිපදවාගෙන ඒවා අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීමට පටන්ගත් අතර මේවා ඇමෙරිකානු පරිඝණක ක්‍රීඩා සමාගමක් වන EA සමාගමේ ඇස ගැටුණා. තමන් හා සම්බන්ධ වීමට ඔවුන් වෝල්ටර්ස්ට ආරාධනා කළ අතර ඔහු එය පිළිගත්තා. ඉන් වෝල්ටර්ස්ගේ ඉරණම වෙනස් වුණා.

ඇලන්සෝ ක්ලෙමන්ස්

curiosity.com

ඇමෙරිකානු ජාතික මූර්ති ශිල්පියෙකු වන ඇලන්සෝ ක්ලෙමන්ස් ලොව ප්‍රසිද්ධ වී ඇත්තේ සත්‍ය ස්වරූපයෙන් ම මිනිස් හා ස්ත්ත්ව රූප ඇඹීමෙහි දක්ෂයෙකු ලෙස යි. අනෙක් විශේෂත්වය වන්නේ ඔහු සිය මූර්ති සියල්ල ඉතා කෙටි කාලයක් තුළ මතකයෙන් ඇඹීම යි. ක්ලෙමන්ස්ගේ මේ හැකියාව උපතේ සිට ම තිබූ එකක් නොවන අතර එය ඔහුට ලැබී තිබෙන්නේ පුදුමාකාර ආකාරයකට යි. නව යොවුන් වියේ සිදු වූ අනතුරක් හේතුවෙන් ක්ලෙමන්ස්ගේ හිසට දැඩි ලෙස හානි සිදු වී තිබෙන අතර වසර ගණනාවක් ආබාධිත ව සිට තිබෙනවා. අනතුර හේතුවෙන් ක්ලෙමන්ස්ට තනිවම ආහාර ගැනීමට හෝ ඇඳුම් ඇඳීමට පවා හැකියාවක් තිබී නැති අතර එය ක්‍රම ක්‍රමයෙන් සුව වන විට මේ අපූරු හැකියාව පිළිබඳ ගවේෂණය කර තිබෙනවා. වර්තමානය වන විට ඔහු මේවායින් ඩොලර් දහස් ගණන් උපයනවා.

සැන්ඩි ඇලන්

Meryl Schenker/Seattle Post-Intelligencer

මොළයට සිදු වූ හානියකින් පසු සම්පූර්ණයෙන් වෙනස් හැකියාවන් ප්‍රදර්ශනය කළ අයෙකු ලෙස සැන්ඩි ඇලන් හැඳින්විය හැකියි. කුඩා කාලයේ සිට ඉතා දැඩි උත්සාහවන්තියක වූ ඇලන් කවදත් ප්‍රිය කළේ විද්‍යාවට යි. එහි ප්‍රතිඵලයක් ලෙස ඇය වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වෙනවා. කෙසේ නමුත් ඉන් වසර 3ක් ගත වෙද්දී ඇය හා ඇගේ සහෘදයන්ට අසන්නට ලැබෙන්නේ කණගාටුදායක පුවතක්. ඇයගේ මොළයේ වම් අර්ධගෝලයහි යම් ගැටිත්තක් වර්ධනය වී තිබූ අතර එය පූර්ව පිළිකා ලක්ෂණ පෙන්වමින් තිබුණා. මෙය ඉවත් කිරීමට සැත්කමක් සිදුකළ යුතු වූ අතර එය සිදුකිරීමේ දී ඇයගේ මොළයේ වම්පස කොටසක් ඉවත් කිරීමට සිදුවෙනවා.

කෙටි කලක් ගත වීමෙන් පසු ඇලන් සුවය ලැබුවත් මේ වන විට ඇගේ අවධානය යොමුවන්නට පටන්ගත්තේ විද්‍යාවට නොව කලාත්මක පැත්තට යි. අත්කම් නිර්මාණ කෙරෙහි ඇය ලැදියාවක් දක්වන්නට පටන්ගත් අතර ඒවායේ පෙර නොවූ විරූ අලංකාර මෙන්ම නිර්මාණශීලී බවක් ද තිබුණා.

ඇලන්ට සිදු වූ වෙනස පිළිබඳ ව මත පළ කරන විද්‍යාඥයින් පවසන්නේ ඇයගේ මොළයෙහි වම්පස කොටසක් ඉවත් කිරීම හේතුවෙන් දකුණු අර්ධගෝලය වැඩියෙන් ක්‍රියාත්මක වෙන්නට පටන්ගෙන ඇති බව යි. විද්‍යාත්මක කරුණු වැඩි වශයෙන් වම් මොළයෙන් සැකසෙන අතර, සෞන්දර්යයාත්මක දේ සඳහා ආධාර වෙන්නේ දකුණු මොළය ලෙස පිළිගැනීමක් තිබෙනවා. ඇයගේ මව හා සොහොයුරිය දක්ෂ චිත්‍ර ශිල්පීන් වීමත් විශේෂ යි.

ඩෙරෙක් ඇමටෝ

YouTube

ඩෙරෙක් ඇමටෝ 40 වියැති වන තුරු ගත කළේ ඉතාමත් සාමාන්‍ය ජීවිතයක්. මේ අතර එක් දිනක ඔහු ඉතා දරුණු අනතුරකට මුහුණ පානවා. පිහිනුම් තටාකයක නොගැඹුරු අන්තයෙන් දියට බැසීමට යාමේ දී පය පැටලී ඔහු ඊට ඇද වැටෙන අතර හිස තටාකය පතුලේ වදිනවා.

ඇමටෝ වහා ම රෝහල් ගත කළ අතර එහි දී අනාවරණය වී ඇත්තේ ඉන් ඔහුගේ හිසට යම් හානි සිදු වී ඇති බව යි. කෙසේ නමුත් ඔහුට ජීවිත තර්ජනයක් එල්ල නොවුණු අතර මතකය අඩු වීම, හිසරදය හා ඇසීම අඩුවීම වැනි අතුරු ආබාධ සහිත ව සුව වුණා.

කෙසේ නමුත් පෙර කී අතුරු ආබාධ සමග අනතුර නිසා ඇමටෝට තවත් අපූරු දායාදයක් ලැබී තිබුණා. පෙර නොවූ විරූ ලෙස සංගීත ඛණ්ඩ මතකයේ තබා ගැනීමට හා පියානෝව වාදනය කිරීමට ඔහුට හැකියාව ලැබී තිබුණා. අවසානයේ ඔහු හොඳ සංගීතඥයෙක් වුණා.

ඩැනියෙල් ටැමට්

Lionel Bonaventure/Getty Images

 හැකියාවන් ලැබූ පුද්ගලයින් අතර ප්‍රංශ ජාතිකයෙකු වන ඩැනියල් ටැමට් ඉතා විශේෂ තැනක සිටිනවා. ඒ ඔහුට ඒ නිසා හැකියාවන් රාශියක් ලැබී තිබීම නිසා යි. ඩැනියෙල් ටැමට් කුඩාකල මොළයේ ඇති වූ තුවාල නිසා පීඩා වින්දා. කෙසේ නමුත් වයසින් මුහුකුරා යාමත් සමග ඒවා සුව වූයේ පුදුමාකාර මතකයක් ඇතුළු තවත් හැකියාවන් රාශියක් ටැමට්ට දායාද කරමින්.

තුන් වියැති වූදා පටන් ඔහුට විවිධාකාර හැඩයන්, ඉලක්කම්, හා පැහැයන් මනසින් පෙනෙන්නට පටන්ගෙන ඇති අතර මේ හේතුවෙන් ඉතා අපහසු ගණනය කිරීම් වැනි දේ ඉතා වේගයෙන් සිදුකිරීමට හැකියාව ලැබී තිබෙනවා. ඔහුගේ භාෂා හැකියාව ද ඉතා ඉහළ මට්ටමක තිබෙන අතර අයිස්ලන්ත බස ඇතුළු තවත් භාෂා කිහිපයක් ම ඉතා කෙටි කලෙකින් ඉගෙනගෙන තිබෙනවා.

ටැමට්ට ඇත්තේ පුදුමාකාර මතකයක්. එක් පරීක්ෂණයකින් පසු ව පැය 5ක කාලයක දී අංක 22,514ක් මතකයේ සනිටුහන් කරගැනීමට ඔහුට හැකියාව ඇති බවට තහවුරු වුණා.

Rate This Article

Thanks for reading: මොලයට සිදුවූ හානි නිසා අසාමාන්‍ය හැකියාවන් ලබාගත් පුද්ගලයන් කිහිපයක්, Stay tune to get latest Blogging Tips.

Getting Info...

Post a Comment

Cookie Consent
We serve cookies on this site to analyze traffic, remember your preferences, and optimize your experience.
Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.
AdBlock Detected!
We have detected that you are using adblocking plugin in your browser.
The revenue we earn by the advertisements is used to manage this website, we request you to whitelist our website in your adblocking plugin.
Site is Blocked
Sorry! This site is not available in your country.