ලොව වටා රෝහල්වල ආහාර වට්ටෝරු

 

මෙය කියවන සියලුදෙනා ම රජයේ රෝහලක එක්දිනක් හෝ නේවාසික ව ප්‍රතිකාර ලබා ඇතැ යි සිතමු. නේවාසික රෝගීන් සඳහා රෝහලෙන් දිනපතා ආහාර වේල් තුන ම ලබා දෙයි. මෙම ආහාර වේලේ ප්‍රණීත බව පිළිබඳ ව නම් සෑහීමකට පත්වන අයෙක් සිටී ද යන්න සැක සහිත වුවත්, එය අපගේ දෛනික ආහාර වේලට වඩා රෝගීන් වෙනුවෙන් ම සකස් කරන ලද්දකි. රෝගාතුර වීමෙන් පසු, සුව වීමේ ක්‍රියාවලියේ දී සෘජුව ලබාදෙන ඖෂධ මෙන්ම එදිනෙදා ආහාර වේල මඟින් ද සුව වීමේ ක්‍රියාව ඉක්මන් කිරීමට විශාල දායකත්වයක් ලබා දෙයි. රෝගය සඳහා ඔරොත්තු දීමට ශරීර ප්‍රතිශක්තිකරණය ඇති කිරීම ද, විශේෂයෙන් ම සැත්කම් සඳහා යොමුකිරීමෙන් පසුව කැපුම් සුවවීම සඳහා ප්‍රෝටීන් වැනි පෝෂ්‍ය පදාර්ථ සහිත ආහාර ලබා ගැනීම ඉතාමත් ම වැදගත් වේ. ලෝකයේ විවිධ රටවල මේ සඳහා නිර්දේෂිත රෝහල් තුළ ලබාදෙන ආහාර වට්ටෝරු පිළිබඳ ව සොයැබැලීමකි මේ. රට තුළ විවිධ ප්‍රදේශයන්හි දී මෙම වට්ටෝරු වෙනස් විය හැකිය.

මෙක්සිකෝව

මෙක්සිකෝවේ රෝහල් ආහාර වට්ටෝරුව (theguardian)

මෙක්සිකෝ සමාජ ආරක්ෂණ ආයතනය විසින් රෝගීන් සඳහා ලබාදෙන ආහාර වට්ටෝරුව තුළ අපට හුරු පුරුදු ආහාර වර්ගවලින් ම සමන්විත වෙයි. බදින ලද බිත්තරයක්, ගම්මිරිස් කුඩු සමග තක්කාලි සලාදයක්, කුඩා කැබලි ලෙස කැපූ ඉදුණු ගස්ලබු, සහ වතුර වීදුරුවක් ඔවුන් රෝගීන් සඳහා නිර්දේශ කරයි.

එක්සත් ජනපදය

එක්සත් ජනපදයේ විස්කොන්සින් හි ලබාදෙන ආහාර වේල (theguardian)

එක්සත් ජනපදය තුළ ලබා දෙන ආහාර වට්ටෝරුවේ කුකුල් මස්වලින් සකසා ගන්නා චිකන් පොට් පායි නම් ආහාරය ද, බ්‍රොකෝලි නම් ගෝවා වර්ගය ද, චොකලට් සහ කෝපි කෝප්පයක් අඩංගු වේ. Chicken pot pie විවිධ රසයන් සහිත ව විවිධාකාර ලෙස සකසා ආහාරයට ගන්නා එරට ප්‍රචලිත ආහාරයකි.

කැනඩාව

කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්තයේ ලබාදෙන ආහාර වේල (theguardian)

කැනඩාවේ රෝහලක දී ලැබෙන ආහාර වට්ටෝරුව තුළ පිසින ලද සැමන් මාළු, මුං ඇට, ඉරිඟු, සහ වතුර වීදුරුවක් අඩංගු ය. සැමන් මත්ස්‍යය ආහාර කැනඩාව තුළ ඉතා ප්‍රචලිත අතර, ලෝකය තුළ සැමන් අපනයනය අතින් ද කැනඩාව ඉදිරියෙන් ම සිටින රටකි.

ඕස්ට්‍රේලියාව

දකුණු ඕස්ට්‍රේලියාවේ රෝහල් සඳහා නිර්දේශිත ආහාර වට්ටෝරුව (theguardian)

ඕස්ට්‍රේලියාවේ රෝහල් සඳහා නිර්දේශ කළ ආහාර වට්ටෝරුව තුළ ප්ලම් සමග කුකුල් මස්, බත්, කපාගත් ඇපල්, සහ ක්‍රැන්බෙරි යුෂ වීදුරුවක් අඩංගු වෙයි.

දකුණු අප්‍රිකාව

දකුණු අප්‍රිකාවේ නෙල්ස්පෘට්හි රෝගීන් සඳහා නිර්දේශ කළ වට්ටෝරුව මෙය යි (theguardian)

කුකුල් මස්, පරිප්පු ව්‍යාංජනයක්, බත්, එළවළුවක්, සහ කිරි වීදුරුවක් ලබා දීම සුදුසු බවට දකුණු අප්‍රිකාවේ නිර්දේශ කර ඇත.

ජර්මනිය

ජර්මනියේ බැවේරියා ප්‍රාන්තය තුළ ලැබෙන ආහාර වට්ටෝරුව (theguardian)

ජර්මනියේ රෝහල් තුළ ලබාදෙන ආහාර වට්ටෝරුව යි මේ. එහි යොදය සමග හරක් මස්, මුං ඇට, ඉරිඟු, ස්ටෲඩල් නමින් හඳුන්වන පේස්ට්‍රි වර්ගයක්, සහ පාන් අඩංගු ය.

ස්පාඤ්ඤය

ස්පාඤ්ඤය තුළ නිර්දේශිත ආහාර වට්ටෝරුව (theguardian)

ස්පාඤ්ඤයේ ජාතික සෞඛ්‍යය සංවිධානය විසින් නිර්දේශ කරන ලද ආහාර වට්ටෝරුවේ ගම්මිරිස් බතක් (pepper rice) සමග චොරිට්සෝ නම් සොසේජස් මිශ්‍රණයක්, පළතුරු සලාදයක්, සහ දොඩම් යුෂ විදුරුවක් අඩංගු ය. චොරිට්සෝ තුළ ප්‍රධාන අඩංගුකාරකය වන්නේ පුළුස්සාගත් ඌරු මස් ය.

ඉතාලිය

ඉතාලියේ ටූරින්හි රෝගීන් සඳහා මෙම ආහාර වට්ටෝරුව ලබා දෙයි (theguardian)

ඉතාලියේ රෝගීන් සඳහා ලබා දෙන ආහාර වට්ටෝරුවේ ඇත්තේ අර්තාපල්, චීස්, සහ බිත්තර මඟින් සකසා ගන්නා නොකී (gnocchi) නම් ආහාරයක් සමග පලතුරු සහ ජලය යි. මෙම gnocchi තක්කාලි සෝස් සමග පිරිනමනු ලැබේ. Gnocchi යනු ඉතාලියට ම ආවේණික විශේෂිත ආහාරයකි.

බ්‍රිතාන්‍යය

බ්‍රිතාන්‍යයේ ලීඩ්ස් නගරයේ රෝහල් තුළ මෙම ආහාර වට්ටෝරුව ලබා දෙයි (theguardian)

බ්‍රිතාන්‍යයේ දී කෝනිෂ් පේස්ටි සමග සැවෝයි ගෝවා, බත්වලින් සැකසූ පුඩිමක්, සහ තේ කෝප්පයක් ලබා දෙයි.

ජපානය

මෙම ආහාර වේල ජපානයේ Iwate ප්‍රදේශයේ රෝහල්වල ලබා දෙයි (theguardian)

මුහුදු ආහාරවලින් සැකසූ නූඩ්ල්ස් සහ හරිත තේ ජපානයේ දී ලබා දෙයි.

රුසියාව

රුසියාවේ Voronezh නගරයේ ලබා දෙන්නේ මෙම වට්ටෝරුව යි (theguardian)

රුසියාවේ දී Buckwheat නම් ධාන්‍ය වර්ගයෙන් සැකසූ පුඩිමක් සහ නැවුම් චීස් සමගින් කෝපි කෝප්පයක් ලබා දෙයි. මෙම buckwheat අප දන්නා බඩඉරිඟු වර්ගය නම් නොවේ.

Buckwheat ශාකය (Wikipedia)

ස්විට්සර්ලන්තය

ස්විට්සර්ලන්තයේ Cully නගරයේ රෝගීන් සඳහා මෙම වට්ටෝරුව ලබා දෙයි (theguardian)

ස්විට්සර්ලන්ත රෝහල්වල ලබා දෙන ආහාර වේලෙහි කීෂි (quiche) නම් ආහාරයක්, Walnut නම් පලතුරු ඇට වර්යෙන් සැකසූ සලාදයක්, චොක්ලට් සහ ක්‍රීම් සහිත Éclair නම් පේස්ට්‍රි වර්ගයක්, සහ ඇපල් යුෂ අඩංගු වේ. කීෂි යනු බිත්තර, කිරි, චීස්, මස්, එළවලු වැනි බොහෝ දේ යොදා සකසා ගන්නා ප්‍රණීත ආහාරයකි.

Rate This Article

Thanks for reading: ලොව වටා රෝහල්වල ආහාර වට්ටෝරු, Stay tune to get latest Blogging Tips.

Getting Info...

Post a Comment

Cookie Consent
We serve cookies on this site to analyze traffic, remember your preferences, and optimize your experience.
Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.
AdBlock Detected!
We have detected that you are using adblocking plugin in your browser.
The revenue we earn by the advertisements is used to manage this website, we request you to whitelist our website in your adblocking plugin.
Site is Blocked
Sorry! This site is not available in your country.