අපේ‍්‍රල් 01 මෝඩයාගේ දිනයේ (April Fools' Day) ආරම්භය ගැන දන්නවා ද?

 April Fool's Day

අපේ‍්‍රල් පළමුවෙනිදා මෝඩයාගේ දිනය (April Fools' Day) ලෙස සලකා කිසියම් පුද්ගලයෙකු රවටා උසුඵ විසුලු කිරීම අප රටේද සිදුවේ. නමුත් බොහෝ දෙනා මෙහි ආරම්භය හෝ ඉතිහාසය නම් නොදනිති. මෝඩයාගේ දිනයේ ඉතිහාසය සොයා බැලීමේ දී පැහැදිලි වන්නේ එහි ආරම්භය 16 වන සියවස දක්වා ඈතට විහිදී යන බවයි. එකල යුරෝපයේ භාවිතා වු ජුලියන් දින දර්ශනයට අනුව වර්ෂයේ ආරම්භක දිනය අපේ‍්‍රල් 01 වන දිනය ලෙස සලකා මාර්තු 25 සිට අපේ‍්‍රල් 01 වන දින දක්වා නව අවුරුදු සැමරුම් උත්සව පවත්වන ලදි.


08 වන ජෝර්ජ් පාප් වහන්සේ විසින් එතෙක් පැවැති ජුලියන් දින දර්ශනය වෙනුවට ජොර්ජියන් දින දර්ශනය හඳුන්වා දුන් අතර එකල ප‍්‍රංශයේ රජු වු 09 වන චාල්ස් රජු විසින් 1564 දී ප‍්‍රංශය තුළ ජොර්ජියන් දින දර්ශනය භාවිතා කිරීම අනිවාර්ය කරන ලදි. ජොර්ජියන් දින දර්ශනයට අනුව නව අවුරුද්දේ ආරම්භය දිනය ජනවාරි පළමුවෙනිදා විය.


චාල්ස් රජතුමාගේ දින දර්ශන වෙනසට විරුද්ධ පිරිස් විසින් තවදුරටත් අපේ‍්‍රල් පළමුවෙනිදා නව වසර සැමරීම සිදුකළහ. එසේම එකල පැවති සන්නිවේදනයේ දුර්වලතා නිසා ද ඇතැම් ප‍්‍රදේශවල පෙර දිනයේ ම නව වසර සමරන ලදි. එම නිසා අපේ‍්‍රල් පළමුවෙනිදා අවුරුද්ද සමරන පිරිස් මෝඩයන් ලෙස සලකන ලද අතර එය මෝඩයාගේ දිනයේ ආරම්භය විය.


මුලින්ම ප‍්‍රංශයේ පමණක් සමරන ලද මෙම දිනය 16,17 සියවස් වන විට අනෙක් බටහිර රටවලටද පැතිර ගියේය. 18 වන ශතවර්ෂයේ පමණ මෙම දිනය බි‍්‍රතාන්‍යයන් විසින් ඇමෙරිකාවට හඳුන්වා දෙන ලදි. එසේම මෙම දිනය තම යටත් විජිතයන්ට හදුන්වාදීමට ද බටහිර රටවල් කටයුතු කළහ. බි‍්‍රතාන්‍යයන් උදය වරුවේ පමණක් මෙම දිනය සමරන අතර ස්කොට්ලන්තය හා පෘතුගාලය දින දෙකක් පුරා සමරනු ලබයි.


අපේ‍්‍රල් පළමුවෙනිදා රැවෙටන පුද්ගලයන් හැදින්වීමට Aprial-Fish (මාලූවා ඇමට අසුවන්නේ රැවටෙන නිසා යන තේරුමෙන්) යන වදන භාවිතා වේ. ස්කොට්ලන්තයේ දී රැවෙටන පුද්ගලයා හැදින්වීම අපේ‍්‍රල් කොහා (April - Gowk - Cuckoo) යන වදන භාවිතා වේ.


අදවන විට මෝඩයාගේ දිනය (April Fools' Day) ලොව පුරාම සමරනු ලබයි. ඇතැම් රටවල මෙම දිනය නිවාඩු දිනයක් ද වේ. එසේම ලොව ප‍්‍රධාන පෙළේ ජනමාධ්‍ය විසින්ද එදිනට බොරු තොරතුරු ප‍්‍රචාරය කිරීම ද සිදු වේ. ශ‍්‍රී ලංකාව තුළ ද පුවත්පත්වල එදිනට බොරු තොරතුරු පළකිරීම කලක් සිරිතක්ව පැවැතිය ද වර්තමානයේ දී නම් බොහෝ දුරට එම සිරිත අභාවයට ගොස් ඇත.

Rate This Article

Thanks for reading: අපේ‍්‍රල් 01 මෝඩයාගේ දිනයේ (April Fools' Day) ආරම්භය ගැන දන්නවා ද?, Stay tune to get latest Blogging Tips.

Getting Info...

Post a Comment

Cookie Consent
We serve cookies on this site to analyze traffic, remember your preferences, and optimize your experience.
Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.
AdBlock Detected!
We have detected that you are using adblocking plugin in your browser.
The revenue we earn by the advertisements is used to manage this website, we request you to whitelist our website in your adblocking plugin.
Site is Blocked
Sorry! This site is not available in your country.