Whatsapp නවතම විශේෂාංග කිහිපයක් ලබාදෙයි

whatsapp logo


ජනප්‍රිය ක්ෂණික පණිවුඩකරණ සේවාවක් වන WhatsApp මෘදුකාංගයේ ඩෙස්ක්ටොප් යෙදුමට ප්‍රධාන යාවත්කාලීනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව වට්ස්ඇප් මෘදුකාංගය සක්‍රිය කර ඇති ප්‍රාථමික දුරකථනය ක්‍රියා විරහිත වුවද යොමු කරනු ලබන පණිවිඩ ඩෙස්ක්ටොප් යෙදුමට ලැබෙන අයුරින් එම යාවත්කාලින කිරීම සිදුකර ඇත.

පරිශීලකයින්ට දැන් තනි WhatsApp ගිණුමට උපාංග (Devices) හතරක් සම්බන්ධ කිරීමට හැකියාව ලබාදී ඇති අතර වට්ස්ඇප් ගිණුම සක්‍රිය කර ඇති ප්‍රාථමික උපාංගයේ අන්තර්ජාල සම්බන්ධතාවයක් නොමැති වුවද සෙසු උපාංග 04ට ස්වාධීනව ගිණුමේ ක්‍රියාකිරීමේ හැකියාව පවතින බවයි මේටා සමාගම සඳහන් කර සිටින්නේ.

Windows සඳහා වන නව WhatsApp යෙදුමේ දී වීඩියෝ ඇමතුමක් සඳහා දැන් පුද්ගලයින් 8 දෙනෙකු දක්වා සහ ශ්‍රව්‍ය ඇමතුම් වලදී පුද්ගලයන් 32 දක්වා කණ්ඩායම් වීඩියෝ සහ ශ්‍රව්‍ය ඇමතුම් වැනි විශේෂාංග සඳහා එක් කර ගැනීමට සහය දක්වනු ලබනවා

ව්ට්ස්ඇප් සමුහ ඇඩ්මින්වරුන්ට එමගින් විශේෂ පහසුකමක් ලබාදීමට Meta සමාගම විසින් පියවර ගෙන ඇත්තේ.

WhatsApp සමුහයන් (Group) භාවිතා කිරීමේදී එහි සිටින පරිශීලකයින් විසින් භාවිතා කරන පොදු වට්ස්ඇප් සමුහයන් පිලිබඳ වන තොරතුරු ඒ අනුව සමුහ පාලක ඇඩ්මින්වරුන්ට දැන ගැනීමට අවස්ථාව සැලසෙනු ඇත.

මේ අතර WhatsApp විසින් මෑතකදී සිය පරිශීලකයින්හට ඔවුන්ගේ හඬ ඔස්සේ "ස්ටේටස්" පළ කිරීමට ඉඩ සලසා ලබාදී ඇත.

සමූහ ඇඩ්මින්වරුන්ට වැඩි පාලනයක් ලබා දෙන මෙම WhatsApp හි නව විශේෂාංගය අනුව වට්ස්ඇප් සමුහ ආරාධනා සබැඳියන් (Request) හරහා ඇඩ්මින්වරුන්ට පරිශීලකයින්ගේ සියලුම ඉල්ලීම් එක තැනකින් පාලනය කිරීමට හැකිවන අතර එමගින් ඇඩ්මින්වරුන්ට අවශ්‍ය පරිශීලකයින්ට පමණක් සමුහයන් සඳහා ප්‍රවේශ වීමට අවසරය ලබාදීමට හැකිය.

මේ සමඟම, WhatsApp විසින් පහසු විශේෂාංගයක් හරහා පරිශීලකයින්ට ඔවුන් භාවිතා කරනු ලබන පොදු සමුහයන් කුමක්ද යන්න පිළිබඳව තොරතුරු ලබාගත හැකිවේ.

Rate This Article

Thanks for reading: Whatsapp නවතම විශේෂාංග කිහිපයක් ලබාදෙයි, Stay tune to get latest Blogging Tips.

Getting Info...

Post a Comment

Cookie Consent
We serve cookies on this site to analyze traffic, remember your preferences, and optimize your experience.
Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.
AdBlock Detected!
We have detected that you are using adblocking plugin in your browser.
The revenue we earn by the advertisements is used to manage this website, we request you to whitelist our website in your adblocking plugin.
Site is Blocked
Sorry! This site is not available in your country.