මෙසීට මරණ තර්ජන


සුප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩක ලියොනෙල් මෙසිට හට මරණ තර්ජනයක් එල්ල වෙයි

මාර්තු 2 දින අලුයම 2.00 ට පමණ ලියොනෙල් මෙසිගේ බිරිඳ වන ඇන්ටොනෙලෝ රකුසෝගේ පවුලේ ඥාතියෙක් විසින් සිදුකරගෙන යන සුපිරි වෙළඳ සැලකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

“Unico” නැමති මෙම වෙළඳසැල ආර්ජන්ටිනාවේ සැන්ට ෆේ පළාතේ පිහිටි රොසරියෝ නගරයේ පිහිටා තිබෙනවා. සැන්ට ෆේ හි විශාලතම නගරය වන්නේද රොසරියෝ නගරයයි.

අළුයම දෙකට පමණ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩි ප්‍රහාර 14 ක් වෙළඳ සැලට එල්ල කර තිබෙන මුත් කිසිදු පුද්ගලයෙකුට හානියක් වී නොමැත.

වෙඩික්කරුවන් දෙදෙනා වෙළඳ සැල ඉදිරිපිට බෝඩ් කැබැල්ලක් දමා ගොස් ඇති අතර එහි සුප්‍රකට පාපන්දු තරුව වන මෙසි හට තර්ජනාත්මක ආමන්ත්‍රණයක් සඳහන් කර ඇත... එහි ඉංග්‍රීසි පරිවර්තනය 
“Messi, we are waiting for you, Javkin is a drug dealer, He is not going to look after you” (මෙසි, අප ඔබ පැමිණෙන තෙක් බලාසිටින්නෙමු. ජවකින් කියන්නේ මත්ද්‍රව්‍ය වෙළඳාම් කරුවෙක්. ඔහුට බෑ ඔබව ආරක්ෂා කරන්න) යනුවෙන් එහි සඳහන් කර තිබෙනවා.

Pablo Javkin යනු රෝසාරියෝ නගරයේ නගරාධිපති වන අතර, එම නගරය ආර්ජන්ටිනාවේ සැන්ට ෆේ පළාතේ විශාලතම නගරයයි. Pablo Javkin මීට දින කිහිපයකට පෙර පවසා සිටියේ රෝසරියෝ නගරයේ අපරාධ වැඩි වී ඇති බවත් පොලිසිය ඒ පිළිබඳව දක්වන අවධානය මද බවයි.

ලියනොල් මෙසිගේ උපන් නගරය රෝසාරියෝ නගරය වන අතර, එය ආර්ජන්ටිනාවේ අගනගරය වන බුවනොස් අයාර්ස් සිට කිලෝමීටර් 300 ක් පමණ දුරින් පිහිටා ඇත. කෙසේ නමුත් මෙම තර්ජනාත්මක ප්‍රකාශය පිළිබඳ මෙසි හෝ ඔහුගේ බිරිඳ හෝ පවුලේ කිසිවෙක් මේ දක්වා කිසිදු අදහසක් ප්‍රකාශ කර නොමැත...

වෙබ් අඩවි කිහිපයම සඳහන් මෙම පුවත දෙස බැලූ බැල්මට පෙනීයන්නේ රෝසරියො නගරයේ නගරාධිපති හට කරන ලද තර්ජනයක් වැඩි අවධානයක් ගැනීම පිණිස මෙසිගේ ඥාතියෙකුට අයත් දේපලකට හානිකොට ආමන්ත්‍රණයක් කර ඇති බවයි.

Source - SriCOM

Rate This Article

Thanks for reading: මෙසීට මරණ තර්ජන, Stay tune to get latest Blogging Tips.

Getting Info...

Post a Comment

Cookie Consent
We serve cookies on this site to analyze traffic, remember your preferences, and optimize your experience.
Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.
AdBlock Detected!
We have detected that you are using adblocking plugin in your browser.
The revenue we earn by the advertisements is used to manage this website, we request you to whitelist our website in your adblocking plugin.
Site is Blocked
Sorry! This site is not available in your country.