ෂර්ලොක් හෝම්ස් කිව්වම ඒක ලියපු සර් ආතර් කොනන් ඩොයිල්ටත් වඩා ලංකාවෙදි නම් චන්දන මෙන්ඩිස් ජනප්‍රියයි. ඇතැම් අය කියන විදිහට මෑතකදි නිකුත් වුන ෂර්ලොක් හොම්ස් කෘති වල තියෙන්නේ කොනන් ඩොයිල්ගේ කතා නෙමෙයි. ඒත් ෂර්ලොක් හෝම්ස් ලංකාවේ බාල මහළු, තරුණ අය අතර ජනප්‍රිය වෙන්න චන්දන මෙන්ඩිස්ගේ පරිවර්තන හේතු වුනා. ෂර්ලොක් හෝම්ස්, ජුරාසික් දඩයම හරහා ජනප්‍රිය වුණත්, චන්දන මෙන්ඩිස්ගේ කෙටිකතා පරිවර්තනත් ගොඩක් තියෙනවා. ඒවා වෙළුම් කිහිපයක් ලෙස පළ වෙලාත් තියෙනවා. ඔහුගේ කෙටිකතා වෙළුම් රාජ්‍ය සම්මානයට පවා පාත්‍ර වුණා. පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් දන්ත වෛද්‍ය උපාධිය ලබාගත් චන්දන මෙන්ඩිස් දන්ත වෛද්‍යවරයෙක් ලෙස ලංකාවේ වගේම වෙනත් රටවලත් සේවය කළා.
Rate This Article
Thanks for reading: චන්දන මෙන්ඩිස් , Stay tune to get latest Blogging Tips.