එංගලන්තයේ තියෙන මේ අපූරු අවන්හලේ තනිකර කළුවරේ තමයි කෑම බීම ගන්න තියෙන්නෙ. අවන්හල ඇතුළේ එකම විදුලි බුබුලක්වත් දැල්වෙන්නේ නැහැ. ආලෝකය පතුරුවන්න උපකාරී වෙන ජංගම දුරකථන, ලයිටර්, සිගරට්, ගිනිපෙට්ටි ආදී කිසිම දෙයක් මේ අවන්හල ඇතුළට ගෙනියන්න ඉඩ ලැබෙන්නේ නැහැ. එකිනෙකාගේ අත් අල්ලගෙන, වේටර්වරුන්ගේ උදවුවෙන් තමයි ආසනයක් හොයාගෙන, ආහාර ඇනවුම් කරලා කන්න බොන්න තියෙන්නේ. මේ අවන්හලේ වේටර්වරුන් හැටියට සේවය කරන්නෙත් දෘෂ්‍යාබාධිත පුද්ගලයොයි. අන්ධකාරේ අතපත ගාලා කන බොන එක තරමක් අමාරු කාරියක් වුණත් මේ අත්දැකීම මරු කියලයි මේ අවන්හලට ගොඩවැදුණු උදවිය නම් කියන්නෙ.
කළුවරේ ජරමරේ අවන්හලේ නම – Dans Le Noir – එංගලන්තයට ගියොත් ගිහින් බලන්න
Rate This Article
Thanks for reading: කළුවරේ ජරමරේ කෑම කමුද, Stay tune to get latest Blogging Tips.