සුකී (කෙටි කතාව)
(නිර්පාක්ශික හදවත් හරි විශාලයි. ඒ හදවත්වල තියෙන ප්‍රේමය අපිට තේරුන් ගන්න හරිම අමාරුයි. ඔවුන් ආදරය කරන්නෙ නැවත දෙයක් බලාපොරොත්තුවෙන් නොවේය, ඉතින් සුකී, උබ මගේ ප්‍රේමයයි)
රචනය ; ලක්ෂාන් ජයසුරිය ✍️
⚠️️ අනවසරයෙන් උපුටා ගැනීම තහනම්
ජීවිතය යනු, හැගීම් සමුදායකින් පිරි බිදෙන සුලු වීදුරුවකි. මට එය වැටහෙනුයේද, ජීවිතේ ලොකු කඩාවැටීමකින් පසුව ය. කිසිවිටෙකත් හැගීම් මත ජීවත් වන්නාවූ මිනිසුන් ඒ හැගීම් නිසාම දුක් වන්නේ ය. මම සිතමි. ඒක තමා මිනිස්සු ජිවිතේ විඳල පසුව විදවනව කියල කරන්නෙ. යතාර්තික ජීවිතයක්. හැගීම් සමුදායක් එක්ක යන්න තියෙන මේ මාවතේ කෙලවර තවම මට පෙනෙනුයේ මිරිගුවකි.
මගේ කකුල් බිම නොගෑවෙන තරම් වෙමි. කිමද ඒ මා හිද සිටින බන්කුව එතරම්ම උස් වූ නිසා ය. එපිටින් ගලාගෙන එන හීත සුළං දහරාවම මගේ ගතම සලිත කරවන්න සමත් ය. ඒ මා විදින්න ආසම හැගීම ය. ආදරණීය කුරුලු ජෝඩූන් පමනක් සිටින මේ විනෝද පොකුණ වටා මා තනිවම බංකුවක් මත හිද, බනිස් ගෙඩියක් අනුභව කරන්නෙමු. ඉතින් මේ මම. මම මොකටද අනිත් අය වගේ වෙන්නෙ. එහෙම වෙන්න ඔනිමනම් මම මම වෙන්නෙ නෑනෙ. කකුලට දැනුන සියුම් ස්පර්ශයත් තුල මා කකුල වේගයෙන් සෙලවූ මොහෙතේම කුඩා වේදනාත්ම හඬකින් ඒ කුඩා කලු පැහැති බලු පැටවා කෙඳිරිලි වීය.
"අනේ පැටියෝ,,, කෝ මෙහෙ එන්න. රිදුනෙ නෑ නේද මම හිතල නෙවෙයි ගැහුවෙ හරිද,,,"
මම ඌව, නොරිදෙන සේ කන් පෙත්තෙන් හෙමීට මගෙ අසලට ගත්තේ මා සතුන්ට හදවතිම්ම ආදරේ කරන නිසාය. කුණාටු වෙච්ච, ළඟින් යන්නවත් හිතෙන්නෙ නැති දැඩි දුගන්දයකින් පෙලෙන සතෙකු උනත් මා ඇගි තුඩු වලින් හෝ ස්පර්ශ කරන්නේ ඒ ශ්පර්ශය තුල ඒ අහිංසක සතා තරමකෝ නිවෙන නිසා ය. මොකද මම දන්න්ව ඒ අහින්සකයන්ටත් ආදරේ දැනෙනව කියල.
"කෝ එන්න කන්න මේ බනිස් කෑල්ල,,"
කුසගින්නේ සිටියාක් මෙන්. කුඩා වූ ඒ බනිස් කෑල්ලම විගහින් කා දැමුවත් තව යම් කිසිවක් අරන් දීමට මුදල් අතේ නැති නිසා මම කම්පා වූවෙමි. සමහර කතා තියෙනව ඇස් ඉදිරියෙම ඇත්ත වෙනව හරියට මේ වගේ මොකද මම දුන්න ඒ කුඩා බනිස් කෑල්ලට උගේ බඩ පිරුණේ නෑ ඒත් ඌ මං ගාවින් දැවටිලා කරන දාන්ගලෙන් උගෙ හිත පිරී ඇති බවක්නම් මම දන්නෙමි. තවම කුඩා හුරුබිහුටි බලු පැටියෙකි. එනිසාම ඒ අහිංසක හිතට කෙතරම් සතුටක් දැනෙන්න ඇතිද ඒ ආදර වදන් එක්ක දුන්න චූටි බනිස් කෑල්ලට.
"මචන්, පොඩි උදව්වක් කරපන්,,"
"ඔව් කියන්න. මොකද්ද වෙන්න ඔනී,,"
"එක බංකුවක්වත් නෑ හැම එකකම කපල් පිරිල, පුලුවන්නම් මේ බන්කුව අපි දෙන්නට දෙන්න පුලුවන්ද,,"
"අහ්,, හරි ඉද ගන්න,,ඉද ගන්න,,"
මම එතැනින් නැගිට ඒමට සැරසුනෙමි. කුඩා බලු පැටවාදෙස එක් බැල්මක් පමනක් යොමා මම එතනින් නික්මුනත් ඇසුන කෑ ගැසීමත් එක්ක මම නැවත හැරෙන විට මා හිදගන්න දුන් බන්කුව මත සිටින ආදරණීය කුරුලු ජෝඩුව අහිංසක බලු පැටවාට පයින් ගසා එ අසරණය මා සිටින දෙසට වේගෙන් දුවගෙන එන්න වීය. හැද සිටි සුදු කමිසයක් වූවත් මම ඌව වඩා ගත්තේ ය. "සුකී" කටින් ඉබේට පිටවූ වචනයක් වූවත් මම ඒ නමින් බලු පැටවාව ඇමතීය.
"දන්න්වද සුකී' මිනිස්සු හරි ආදරණීයයි. හැබැයි එක එක දේවල්වලට මිනිසුන්ගෙන් මිනිසුන්ට ඒක වෙනස් වෙනව. සමහරු සත්තුන්ට ආදරෙයි. සමහරු සල්ලිවලට ආදරෙයි. සමහරු රාගයට, වෛරයට , එක එක දේවල්වලට මිනිස්සු ආදරෙයි. ඉතින් මංවත් දන්නෙ නෑ සුකී ආදරේ කියන්නෙ මොකද්ද කියල."
මම සුකීව බිමින් තබා එන්න පිටත් වීය. මා යායුතු බසයට නැගීමට තරමක දුරක් ආවේය. පරණ වූ ලංගම බසයට නැගීමට හදනාවත් සමගම මා නෙත් කොනට හසු වූයේ සුකීය. මා පසුපසම පැමිනි බව මම දැන ගත්තෙමි. ඉදිරි පස කකුල් දෙක නවා චූටි පස්ස එක්කම කුඩා නකුට වනමින් මා දෙස බලා සිටින විට මම කුමක් කලයුතුදැයි සිතාගත නොහැකි වූවෙමි.
" මාත් එක්ක යන්න ඔනිද, ම්ම්ම් සුකී, දැනෙතකොට මාත් එක්ක යන්න ඔනි කියල තමා කියන්නෙ නේද, හරි දාන්ගලයක් තියෙන කෙල්ලෙක් වගේ. හරි කමක් නෑ යමුකො මම මගේ ගම පෙන්වන්නම්."
ලංගම බසයේ පිටුපසම ආසනයේ කෙලවරේ ජනේලය අසලින් මා සුකීවද, ඔඩොක්කුවේ තබාගෙන හිත ගත්තෙමි. මිනිත්තු දහයකට පමන පසු ලංගම බසය මාගේ සොඳුරුම ගම්මානය බලා ගමන් ආරම්බ කළෙමු. සුකී' ඔව් ජනේලයෙන් එන සියුම් සුළඟත් එක්ක ජනේලයෙන් ඔලුව දාගත්ත ගමන්මය. විටින් විට වැටෙන වලවල් නිසා බසය ගැස්සුන හෙයින් පිටුපසම සිටි අපි දෙදෙනාම අඟල් කිහිපයක් ඉස්සී නැවත සීට් එකට පතිත වූවේ ය. එය සුකීටනම් විනෝදාශ්වාදයක් වූවාක් මෙන් ය.
"හරි ජොලියෙ යනව නේද, සුකී. බනිස් කෑල්ලක් කන්න දීල මම වට්ට ගත්ත පරාලයක් කිව්ව. කිසි ගාණක් නැතිව යනව ඉතින් නේද සුකී,,"
මම සුකීගේ ඔලුව කෙතරම් අත ගෑවත් ඒ අහිංසකයාගේ මුහුන තාමත් ආදරණීයවම කුඩා දිවත් එලියට දාගෙන හිනා වුන ගමන්මය. මිනිසුන්ට සමහර දේවල් ලැබෙන්නෙ ඇයි කියලවත් හිතා ගන්න බෑ. ඒවා ජීවිතේ සුන්දර කරනව වගේම ජීවිතේ අපායක් කරනව. නමුත් නිර්පාක්ශිකත්වය තුල ලැබෙන ප්‍රේමය හරිම වෙනස් හරියට මේ සුකීගෙන් මට ලැබෙන ආදරේ වගේ.
ඇය නැවත මගෙන් යමක් බලාපොරොත්තු වන්නෙ නෑ. දුන්නොත් කනව කොහේ හෝ ගොස් ආවොත් කාටත් කලින් ලොකු හිනාවක් එක්ක ඇගට පනිනව. ඒක තමා ඒ නිර්පාක්ශික ආදරේ පෙන්වන හැටි. ඒ වගේ වෙලාවක පොඩි කන කෑමෙන් පොඩි කෑල්ලක්වත් නොදී, කොහේ ගොස් පැමිනි පසු එල්ල්ව්න්න නොදී පයින් ගසා පන්නනකොට අපිට නොතේරුනාට අපිට නොදැනුනාට ඒ හිතට ගොඩක් රිදෙනව ඇති.
බලන්න ඒ වෙලාවට පැත්තකට ගිහිල්ල හොම්බ බිම තියාගෙන ඔහේ බලාගෙන ඉන්නව. ඒ වගේ වෙලාවකට පොඩ්ඩක් ආදරේ කළානම් ඒ චූටි හිතට ගොඩක් ලොකු සතුටක් දැනේවි. මොකද ඉන්න එක ස්වාමියා වන නිසා. හෝරාවකට පමන පසු මා කඩ මංඩියෙන් බැස ගත්තේ සුකීද, අත ඇතිවය. කඩමංඩිඋඒ සිටි බල්ලන් කිහිප දෙනෙකු බුරාගෙන පැමිණියත් මා ඔවුන්ගෙන් බේරාගෙන සුකී සමග නිවසට පැමිනියේ ය.
"මේ කවුද,,, මේ,,,"
"අනේ අම්මෙ,, මම ටවුන් එකේදි පොඩි බනිස් කෑල්ලක් දුන්න. බස් එකට එනකම් පස්සෙන් ආව. මට හිතුනෙ නෑ දාල එන්න ඉතින් මම අරගෙනම ආව,,"
"කෝ බලන්න, උබටත් ඉතින් සතෙක් කිව්වොත් වෙන මොකුත් ඔනි නෑනෙ. බැල්ලි පැටියෙක් නේද, හැබැයි පුතෝ ගේ එහෙම වනසලා තිබ්බොත් කොල්ලයි බැල්ලියි දෙන්නම එලියට දානව ඕන්,,,"
අම්ම මොනා කිව්වත් මම හොදින් දන්නා දෙයක්නම් මට වඩා අම්මා සත්තුන්ට ආදරේ කරන බවය. ඔය මොනා කිව්වත මට වඩා හොදට අම්මා සුකීට ආදරයෙන් සලකන්නේ ය. ජරා වී තිබූ බූල් සියල්ලක්ම සබන් දා මම පිරිසිදු කෙළෙමි. මා ළඟ තිබූ කුඩා පවුඩර් බෝතලයෙන් පොඩ්ඩක් අරන් සුකීගේ මුලු ඇග පුරාම ඇතුල්ලුවේ තුරුල් කරන් ඉන්න තරම් සුවඳක් හමන ගමන් ය.
"ඉතින් සුකී මේ මගේ ගෙදර අද ඉදන් උබෙත් ගෙදර, ම්ම්ම් මගේ ඇදේ නිදියන්න පුලුවන්. එතකොට හොදට මතක තියා ගන්න ඔනී පාපිසි'යි මගෙ සපත්තුයි කන්න බෑ ඒක මට පොරොන්දු වෙන්න ඔනි,,"
පසුදා උදයෙම්ම මා නැගිටින විටත් සුකී අසල නොවීය. මට හුරුවක් නොතිබුණ නිසාම ගාණක් නොගියත් එක් වරම මතක් වූ නිසා මම අම්මා සොයා කුස්සියට පැමිණියේය. එයින් මා දුටු දෙයින් මුවගට තරමක සිනහවක් නැගුනේ ය. අම්මා බිම හිදගෙන කැත්තෙන් වරක ගෙඩියක් කපමින් ඇත. සුකීද ඒ අසලට වී නැට්ට වනමින් ඉද හිට අම්මා දෙන වරක මදුලක් කෑමට බලා සිටී. ඉතින් අම්මා බැන බැන සුකීට වරක මදුලක් දෙන්නේ ය. එක හුස්මක ගිල දමා නැවතත් අම්මාගෙ මුහුණත් කපන කැත්ත දිහාත් බලා වරක මදුල වතුර භාජනයට දානවාත් මාරුවෙන් මාරුවට බලා සිටින්නේ ය.
"මෙයා වරක කන්න පුරුදු වෙලා වගේ, මම දැක්කමයි බල්ලෙක් වරක කනව,,"
"දැන් දෙනව දෙකක්, වරක මදුලු පහ හයකට වැඩිය දුන්න, යනව ඇති. පුතා අරන් යන්න මෙයාව. වන වනා ඉන්නව මෙතන,,"
"එන්න අපි යන් සුකී, වැව පැත්තෙ රවුමක් ගහල එමු,,,"
"ඔය බැල්ලිව ගිහින් අනිත් බල්ලො ලව්ව කවා ගනින්කො. මම ගහන්නෙ උබට දැන ගනින්,,,"
සුකී'ද, කැටුව මම වැව් කන්ඩියට පැමිණියෙමි. මා ආසම කර වූයේ වැවේ වතුර වැඩිවෙන විට පිටාර ගලන කුඩා වැව් පීල්ල ලගට වී හිද සිටීමටය. ඇයත් මා අසලය. ඈත කදු යායෙන් බැස එන සුළඟට අපි දෙදෙනාගෙම ගත හීතව යන්නේය. විටෙක ඇය තන ගොල්ල මත වහන සමනලයෙකු පසු පස පැන්නුවද, මගේ අණ කිරීමත් එක්ක නැවත මා අසලට පැමින වැතිරෙන්නේ ය.
" මම කියන දේවල් උබට තේරෙනව කියල මං දන්න්ව සුකී. උබටත් කතා කරන්න පුලුවන් උනානම් අපිට කතා කරන්න කොච්චරක්නම් දේවල් තියෙනවද, ඉතින් උබ මම කියන හැම දේකටම නකුට වන වන හිටපන්. වෙන මොනා කියල කරන්නද නේද,,"
මා කියූ දෙය තේරුනාක් මෙන් නැගිට මගේ මූන කෙලවලින් නහවා වකුටු වී සිටි මගේ අත් අස්සෙන් ඇවිත් පපුවට තුරුල් වීය. මම හරි ආදරෙන් මගේ සුකීව තුරුල් කර ගත්තෙමි. මේ වැව් බන්ට් එකේම මේ පීල්ල මතම ගෙවුන කාලයන් හමුවේ ඉතාමත් වේගයෙන් කාලය ගත වුනේ ය. මගේ සුකී දැන් පෙර සිටි කුඩා බැල්ලි නොවේ ය. දැන් තරමක් ලොකු වූ යව්වනියක් ය. පෙලවහක් කරල දෙන්න තරම්.කාලයක් ඇවිත්. නමුත් පෙර සේම මා ඇය සමගින් මේ ගෙවුන අවුරුදු කිහිපය තුලම මේ වැව් පිටිය. ආදර්‍ර්ණීය ගම්මානය. අපේ මතක අලුතින් අලුත් කළෙමු.
***********************
( ගෙවුන අවුරුදු ගණනාවකට පසු )
හීත හුළං ඒ පෙර සේම ඇවිත් මා හීතලෙන් වෙලා ගත්තේය. ඔව් ඒ මා විදින්න ආසම හැගීම වූ නිසා ය. මගේ කකුල් තවමත් බිම තබා ගැනීමට නොහැකිය ඒ බංකුව තවමත් එලෙසිම්ම උස වූ නිසා ය. තවමත් මා තනිවම මේ බංකුවට එන්න හුරු වී තිබුනේ ය. ඒත් මම මොකුත් කෑවේනම් නැත. ගෙවිල යන ගෙවිල ගියපු ජීවිතේ ගැන මා තවමත් කල්පනා කරන්නේ මේ ජීවිතේ පුදුමා කාර මායවක් යැයි සිතාය.
බොහෝ දෑ සහ බොහෝ චරිතාන්ග මේ ගෙවුන කාලය තුල මට හමු වී ඇතිද, වෙන් වී ඇතිද. ඇත්තටම ජීවිතේ කියන්නෙම ඒක නේදැයි මම මේ උස් වූ බංකුවට වී කල්පනා කලේ ය. ඔව් ඒක හරි ලස්සනයි. මං දන්න්ව ඒක හරි ලස්සනයි. මේ ජීවිතේ හරි ලස්සනයි මම ඒක ලස්සනට ගෙව්ව මගේ විදිහට. මොකද මේ මම මට වෙන කෙනෙක් වෙන්න ඔනි නෑ. මම මමමයි. මට වෙන කෙනෙක් වෙන්න ඔනිනම් මම මම වෙන්නෙ නෑනෙ.
"සීයේ,,, එක බන්කුවක්වත් නෑ. හැම එකකම කට්ටිය පිරිල, සීයා දැම්ම යනවනම් අපිට මේ බංකුව දෙන්න පුලුවන්ද,,,"
" මම දැන් යනව ලමයිනේ, ඉද ගන්න ඉද ගන්න. පරිස්සමට ඉන්න ඔය ළමයි,,,"
මම එතනින් එන්න ආවේය. මම මදක් දුර පැමින ආපසු හැරී බැලුවේ මගේ සුකී මා පසු පස වේගෙන් දුවගෙන එනවාද කියාය. නෑ මං දන්න්ව මගෙ සුකී ආයෙ මගෙ පස්සෙන් දුවන් එන්නෙ නෑ කියල. මගෙ සුකී උබ දන්න්වද, මගෙ ජීවිතේ ලැබුන ලොකුම තෑග්ග උබ. මගේ හොදම යාලුවත් උබ. උබ සත්වයෙක් උනත් මම හදවතිම්ම ආදරේ කළෙත් උබට. මගේ නිර්ලෝභී ප්‍රේමිය උබ මගේ ප්‍රේමයයි,,,,,!
ස්මාප්තයි,,,,,,,,!
(මේ ආදරණීය කතාව මගේ බල්ලා. ( ෂැඩෝ ) වෙත පිරි නමමි. මා කුඩා කාලයේ නොදැනුවත් කමින් ඔහුට පහර දී ඇත. සමහර විට ඒ පහරවල් ඔහු වේදනාවෙන් දරාගන්න ඇත. නමුත් පහර කෑ අවසානයේ සානුකම්පිත බැල්මකින් මා දෙස බලා මගේ කකුල් අබියස හුරතල් වීය. ආදරණීය ෂැඩෝ උබ තමයි මට හම්බුන හොදම යාළුවා. මට සමාවෙයන්. අද උබ නැතත් උබෙයි මගෙයි මතක හැමදාමත් මං ළඟ තියේවි.)
Rate This Article
Thanks for reading: සුකී ( කෙටි කතාවකි ), Stay tune to get latest Blogging Tips.