Detective Ravi - Episode 24

 


Detective Ravi

Episode 24


✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️


👨🏻‍✈️ ඉන්ස්පෙක්ටර් රමේෂ් වීරරත්න 


🕵️‍♂️CID head officer 


🧔🏻 detective රවිදු සිරිවර්ධන ( රවී )


👱‍♀️ detective නෙත්මි යාපා බන්ඩාර ( නෙතූ )


👨‍⚕️doctor විහග කවීශ ( කවී)


🧑‍🦳 ජගත් සමරසිංහ


👩‍🦳 දේවිකා සමරසිංහ ( ජගත් සමරසිංහගේ wife )


👩🏻‍🦱 නිලක්ශි සමරසිංහ ( සමරසිංහ ෆැමිලි එකේ එකම දුව)


🧑🏻‍🦱 ගිහාන් සමරසිංහ ( සමරසිංහ ෆැමිලි එකේ පොඩි පුතා )


🧔🏻‍♂ නිලුපුල් සමරසිංහ ( සමරසිංහ ෆැමිලි එකේ ලොකු පුතා )



🙋🏻‍♂️ කැලුම් රූපසිංහ 


🧍‍♀️කමලාවතී 


🧑🏻‍⚕️ doctor ශාන්


😈 මාලන්


👴 සිරිපාල

❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️


👩‍🦳මොකක්ද පුතේ ඒ සද්දේ ? එහෙම කියාගෙන ජගත් සමරසිංහ කාමරෙන් එලියට ආවා ඒ වෙද්දී දේවිකා සමරසිංහ එලියට ඇවිත් ඉවරයි 


🧑‍🦳හෙලෝ ඉන්ස්පෙක්ටර් රමේශ් මොකද මෙහෙ ( රමේෂ් ගේ ගාවට එද්දිම වගේ එලියට ආපු ජගත් සමරසිංහ ඇහුවා )


👨🏻‍✈️ සමාවෙන්නෙ මිස්ටර් ජගත් ඒත් මම හිතනවා මිස්ටර් , අපිට අපේ රාජකාරී වැඩ වලට සහයෝගය දෙයි කියලා


🧑‍🦳ම්ම්ම්ම්ම්.....මෙහෙ මොනවද තියෙන රාජකාරී වැඩ රමේෂ් ආ....


👨🏻‍✈️ මිස්ටර් ජගත්ගේ ලොකු පුතා ඒ කියන්නේ නිලුපුල් සමරසිංහ අපිට අත් අඩංගුවට ගන්න වෙනවා


🧑‍🦳මො...මොකක්.....මොකක්ද හේතුව.....


👨🏻‍✈️ මිනී මැරීම සහ මිනී මැරීමට සැලසුම් කිරීම


🧑‍🦳 මොකක් ...............


👨🏻‍✈️ ඔව් මිස්ටර් ජගත් මේ වෙලාවේ ඔයාට කරන්න තියෙන හොදම දේ තමයි අපිට සහයෝගය දෙන එක මොකද නිලුපුල්ට එරෙහිව අපිට මේ වෙද්දී ගොඩක් සාක්ශි ලැබිලා තියෙන්නෙ


( ඒත් එක්කම වගේ එතනට රවිදු ආවා 


🧔🏻නවත්තන්න .....රමේෂ් ................


( එක පාරටම ඉන්ස්පෙක්ටර් රමේෂ්ට නම කියලා රවිදු කතා කරපු එක ගැන ජගත් ,දේවිකා විතරක් නෙමේ නිලුපුල් වගේම ගිහානුත් confuse උනා )


🧑‍🦳 /👩‍🦳 ලොකු පුතා..........


🧑🏻‍🦱 අයියා....... ඔයා.....ඔයාලා......අදුරනවද?....


🧔🏻Sorry මම ඔයාලගෙ අයියා වත් පුතාවත් නෙමේ මම කරපු ඔක්කොම රගපෑමක් ඒකට මට සමාවෙන්න මිස්ටර් සමරසිංහ මොකද මට වෙන කරන්න දෙයක් තිබුනේ නෑ


🧑🏻‍🦱 ඒත් අපි දෙන්නගෙ DNA ගැලපුනානෙ


🧔🏻 හ්හ්හ්හ්හ් අයියෝ ගිහාන් ඔයා ඒ වෙලාවෙ මගෙ DNA check කලා නම් DNA ගැලපෙන්නෙ නෑ ඔයා ඒ වෙලාවෙ check කලේ මිස්ටර් ජගත්ගෙයි ඔයාගෙයි DNA


මොකද මම ඒ වෙලාවෙ doctor ශාන් මගෙන් ගත්ත කෙස් ජගත් සමරසිංහගෙ කෙස් එක්ක මාරු කලා මම යන්න කලින්ම මිස්ටර් ජගත්ගෙ කෙස් ටිකක් අරං තියාගත්තා

මොකද මට තේරුනා මොකක් හරි වෙනින් දෙයක් නිසයි මාව doctor ගාවට එක්කගෙන යන්නෙ කියලා මොකද ගිහාන් ඔයාට උවමනාවක් තිබ්බ නම් ඔයා මාව ඊට පස්සෙ දවසෙම doctor ලගට එක්කගෙන ගිහින් ඒත් ඔයා දවස් දෙකකට පස්සේ තමයි මාව එක්කගෙන ගියේ 


තව දෙයක් රමේෂ් 

ඔයා කියපු පලවෙනි එක වැරදියි 


👨🏻‍✈️ ඒ මොක...ක්ද රවිදු ........


🧔🏻රමේෂ් නිලුපුල් කාවවත් මැරුවෙ නැහැ එයා කලේ මැරිච්ච කෙනෙක්ව ගිනි තියපු එක විතරයි


එහෙම නේද නිලුපුල් ..............


👨🏻‍✈️ මො.... මො ........මොකක් රවිදු තමුසෙට පිස්සුද ?ආ.....


එතකොට කවුද මිනීමරුවා සිරිපාලද නැත්තම් මාලන්ද?


🧔🏻ටිකක් ඉන්න රමේෂ් නිලුපුල් ඇත්ත කියන්න


🧔🏻‍♂ ත ....ත...තමුසෙ කවුද කියනවා ඉස්සෙල්ලම ..........?


🧔🏻හ්හ්හ්හ්හ්හ් මමද.... මිස්ටර් නිලුපුල් කැමති නම් මට මල්ලි කියන්න නැත්තම් රවිදු කියලා කියන්න 

එහෙමත් නැත්තම්............මට කතා කරන්න Detective රවිදු සිරිවර්ධන කියලා


🧔🏻‍♂ මො......මොකක්......

( රවිදුගේ ඒ වචන ටිකත් එක්ක එතන හිටපු හැමෝම පුදුම උනා 

එක පාරටම ආපු කේන්තියට නිලුපුල් රවිදුට අත උස්සද්දිම ගිහාන් ඒක නැවැත්තුවා )


🧔🏻ගිහාන් ඔයා කරපු දේ හොදයි , නිලුපුල් ඔයා

දැනට කූඩුවට අඩියවත් තියන්න ඕනෙ නැති කෙනෙක් මට ගැහුවා නම් කූඩුවට යන්න තිබ්බා 

නිලුපුල් ඔයාට කේන්‍ති ඇති , ඔව් ඔයා මට gift එක දෙද්දි උනත් ඔයා ලග විශ්වාසයක් තිබ්බෙ නෑ මන් ඒක ඔයාගෙ ඇස් වලින් දැක්කා, ඒත් මම දන්නව මෙතනදි ඔයා arrest කරන්න ඕනි කෙනෙක් නෙමේ ඇත්තම කිව්වොත් අයියා කෙනෙක් විදියට ඔයාව මල් තියලා පුදන්න ඕනි කෙනෙක් මම දන්නවා ඔයා මෙතන කිසිම මිනීමැරුමක් කලේ නෑ කියලා ඒ වගේම ඔයා විහගව මරන්න plan කලේ ඔයාට වෙනින් කරන්න දෙයක් පෙනුනේ නැති නිසා ඒකත් පවුල රැක ගන්න එහෙම නේද නිලුපුල් 


( නිලුපුල් ගෙන් රවිදු ප්‍රශ්න ඇහුවත් නිලුපුල් ප්‍රශ්න වලට උත්තර නොදී කේන්තියෙන් අනිත් පැත්ත බලාගත්තා )


👴ඔව් ඔව් සර් නිලුපුල් කාවවත් මැරුවෙ නෑ මම තමයි මැරුවෙ අනේ නිලුපුල්ව නිදහස් කරන්න සර් .........


🧔🏻බොරු කියන්න එපා සිරිපාල ඔයා මිනීමරුවෙක් තමයි ඔයා තමයි කාලෙකට කලින් officer ජයවර්ධන මැරුවෙ ඊට පස්සෙ කෝටිපති ගජබාහු සිංහවංශව මැරුවෙත් ඔයා තව ගොඩක් මැරකම් තියෙනවා තමුසෙගෙ list එකේ ඒක මම දන්නවා 

ඒ වගේම මම දන්නවා තමුසෙත් මෙතනදි මිනීමැරුමක් කලේ නෑ කියලා


එ වගේම මම තමුසෙට ගරු කරනවා..... මගේ සහෝදරයා වගේ ඉන්න මගෙ දුකට සැපට ලග හිටපු එකම එකාගෙ අම්මවයි තාත්තවයි බේරපු එකට


විහග මේ ඉන්නේ ඔයාගෙ අම්මයි තාත්තයි


👨‍⚕️මො....මො..මොකක්



✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️

Rate This Article

Thanks for reading: Detective Ravi - Episode 24, Stay tune to get latest Blogging Tips.

Getting Info...

Post a Comment

Cookie Consent
We serve cookies on this site to analyze traffic, remember your preferences, and optimize your experience.
Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.
AdBlock Detected!
We have detected that you are using adblocking plugin in your browser.
The revenue we earn by the advertisements is used to manage this website, we request you to whitelist our website in your adblocking plugin.
Site is Blocked
Sorry! This site is not available in your country.