Detective Ravi
Episode 22
✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️
👨🏻✈️ ඉන්ස්පෙක්ටර් රමේෂ් වීරරත්න
🕵️♂️CID head officer
🧔🏻 detective රවිදු සිරිවර්ධන ( රවී )
👱♀️ detective නෙත්මි යාපා බන්ඩාර ( නෙතූ )
👨⚕️doctor විහග කවීශ ( කවී)
🧑🦳 ජගත් සමරසිංහ
👩🦳 දේවිකා සමරසිංහ ( ජගත් සමරසිංහගේ wife )
👩🏻🦱 නිලක්ශි සමරසිංහ ( සමරසිංහ ෆැමිලි එකේ එකම දුව)
🧑🏻🦱 ගිහාන් සමරසිංහ ( සමරසිංහ ෆැමිලි එකේ පොඩි පුතා )
🧔🏻♂ නිලුපුල් සමරසිංහ ( සමරසිංහ ෆැමිලි එකේ ලොකු පුතා )
🙋🏻♂️ කැලුම් රූපසිංහ
🧍♀️කමලාවතී
🧑🏻⚕️ doctor ශාන්
😈 මාලන්
👴 සිරිපාල
❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️
🧔🏻නෙතූ රමේෂ්ට කියන්න මට නිලුපුල්ගේ නම්බර් එකෙන් ගිය දවස් ටිකේ ඒ කිව්වේ මාසයක වගේ , ගත්ත calls වල recording ටික phone එකට එවන්න කියලා
මේ ඉන්න තත්වෙත් එක්ක මට කොහෙවත් යන්න එන්න වෙන්නෙ නෑ ඔයාට තේරෙනවනෙ ඒක
( රවිදු එහෙම කියලා අනිත් පැත්ත හැරෙද්දිම වගේ ගිහානුත් එතනට ආවා , ගිහාන් ආවට ගිහාන්ට ඇහුනෙ නෑ රවී නෙතූ එක්ක කතා කරපු දේවල් )
🧑🏻🦱 අයියෙ යමුද ෆෝන් එකක් බලන්න තමුසෙ කැමති ඕන එකක් ගනින් හරිද?
අහ්හ් සුදූ ගිහින් එන්නං ඈ
( එහෙම නෙතූට කියපු ගිහාන් රවිදු එක්ක shop එකට ගියා,
ටික වෙලාවකින් විහග හිටපු location එක හොයාගත්ත නෙතූ gift palace එක වහලා එලියට ඇවිත් රමේෂ්ට call එකක් ගත්තා)
📲📲📲
👱♀️හෙලෝ රමේශ් මම දැන් පොලිසියට එනවා ඔයා teem එකක් ලෑස්ති කරගන්න නිලුපුල්වයි සිරිපාලවයි arrest කරන්න යන්න
මම යන ගමන් ඔයාට පැහැදිලි කරන්නම් වෙච්ච දේවල් ටික
ම්ම් තව දෙයක් රවිදු කිව්වා එයාට නිලුපුල්ගෙ නම්බර් එකෙන් ගිය calls වල recording එවන්න කියලා
👨🏻✈️හරි ok නෙත්මි මම මගෙ teem එකක් ලෑස්ති කරන්නම් ඔයා එන්න
👱♀️Ok bye
( call එක ගත්ත ගමන්ම නෙතූ කතාකරපු විදියටම රමේෂ්ට තේරුනා මොකක් හරි ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා කියලා , ඒ නිසා රමේෂ් එක විනඩියක් පරක්කු වෙන්නෙ නැතුව teem එක ready කර ගත්තා )
( මේ අතරේ නිලුපුල් ගෙදර ආව නිසා රවිදුටයි ගිහාන්ටයි ගෙදර යන්න සිද්ද උනා , යන්න කලින් ගිහාන් රවිදුට තිබුනු හොදම Phone වලින් එකක් දුන්නා)
(ඉතිං මේ වෙද්දි රවිදුගෙ ඔලුවෙ තිබුනේ කොහොම හරි ඉක්මනින් සමරසිංහලා එයාට දීලා තිබුනු කාමරේට ගිහින් call recording ටික check කරන්න ගෙදරට යද්දි නිලුපුල්ගේ වාහනේ ගෙදර තිබ්බත් නිලුපුල් ගෙදර හිටියේ නෑ ඉතින් මේ chance එකෙන් ප්‍රයෝජනයට ගත්තු රවී ඔලුව කැක්කුමයි කියලා room එකට ගියා
ඒ වෙද්දි රවිදුගෙ phone එකට calls වල recording ලැබිලා තිබුනා ඉතිං රවිදු room එකට ගිය ගමන්ම කලේ නෙතූට නිලුපුල් ගෙදරට ආවා කියලා මැසේජ් එකක් දාපු එක.
ඊට පස්සෙ රවිදු රමේෂ් එවල තිබ්බ recording ටික check කරන්න පටන් ගත්තා )
❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️
---------------මේ අතරේ--------------
❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️
( පැයක් යන්නත් කලින් නෙතූ රමේෂ්ගේ teem එකත් එක්ක නිලුපුල්ගෙ මාරවිල තිබුනු ගෙදරට ගියා, යන ගමන්ම නෙතූ රමේෂ්ට සිද්ධ වෙච්ච දේවල් ඔක්කොම පැහැදිලි කලා )
✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️
Rate This Article
Thanks for reading: Detective Ravi - Episode 22, Stay tune to get latest Blogging Tips.