Detective Ravi
Episode 21
✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️
👨🏻✈️ ඉන්ස්පෙක්ටර් රමේෂ් වීරරත්න
🕵️♂️CID head officer
🧔🏻 detective රවිදු සිරිවර්ධන ( රවී )
👱♀️ detective නෙත්මි යාපා බන්ඩාර ( නෙතූ )
👨⚕️doctor විහග කවීශ ( කවී)
🧑🦳 ජගත් සමරසිංහ
👩🦳 දේවිකා සමරසිංහ ( ජගත් සමරසිංහගේ wife )
👩🏻🦱 නිලක්ශි සමරසිංහ ( සමරසිංහ ෆැමිලි එකේ එකම දුව)
🧑🏻🦱 ගිහාන් සමරසිංහ ( සමරසිංහ ෆැමිලි එකේ පොඩි පුතා )
🧔🏻♂ නිලුපුල් සමරසිංහ ( සමරසිංහ ෆැමිලි එකේ ලොකු පුතා )
🙋🏻♂️ කැලුම් රූපසිංහ
🧍♀️කමලාවතී
🧑🏻⚕️ doctor ශාන්
😈 මාලන්
👴 සිරිපාල
❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️
( නෙතූ රවිදු ට දාපු මැසේජ් එක රවිදු බලන්න ගියේ නෑ මොකද ඒ වෙද්දී ගිහාන් රවිදුට phone එකක් අරන් දෙන්න රවිදු එක්ක shop එකට එන ගමන් හිටියේ , මොකද කලිං රවිදු ගිහාන්ට කියලා තිබ්බේ එයාට phone එකක් නැහැ කියලා )
( ඉතිං මේ වෙද්දි රවිදුට ජගත් සමරසිංහයි දේවිකා සමරසිංහයි එයාලගෙ කතාවෙ ඔක්කොම කියලා තිබුනා ඒ වගේම දැන් රවිදු ව එයාලගෙම පුතෙක් විදියට පිලි අරගෙන හිටියෙ කොච්චර උනත් රවිදුත් පිළි අරගත්තා එයා සමරසිංහ ෆැමිලි එකේ ලොකු පුතා කියලා ඒ වගේම හැමෝම කතා කරගත්තා නිලක්ශිට මේ සිද්ධිය ගැන ඇත්ත දැනගන්න තියන්නෙ නැහැ කියලා )
👩🏻🦱අහ් ඒ තමුසෙ කොහෙද බං එක පාරටම ගියේ අනික මොකො මෙයා..........
🧑🏻🦱ම්ම්ම්...තමුසෙ මොකක්ද හිතන්නෙ මෙයා ගැන
👩🏻🦱මෙයා ගැන මොකක් හිතන්නද බං මේ ඉන්නෙ ශෝක් එකට
🧑🏻🦱යකෝ මේ ඉන්නෙ තොගෙ අයියා කෙනෙක් අපේ හිටපු දුර නෑ කෙනෙක්ගෙ පුතෙක් මුගෙන් ප්රශ්න අහද්දි තමයි දැනගත්තෙ
තාත්තා තමයි මටත් කිව්වෙ මමත් වැඩි දෙයක් දන්නෙ නැහැ
👩🏻🦱මො..මොකක්..........මේ අපේ අයියා කෙනෙක් , තව්සේ විහිලුවක් නෙහ් කරන්නේ??
🧔🏻නෑ නංගි, මල්ලි කියපු එක ඇත්ත. මම ඔයාට දුරින් නෑ වෙන අයොයා කෙනෙක් .මම ඉපදෙනකොට අම්ම මැරුනා ඉතිං මට හිටියෙ තාත්තා විතරයි ඉස්කෝලෙ ගියත් වැඩි කාලයක් යන්න පුලුවන් උනේ නැහැ තාත්තා අසනීප උනා නිසා ඉතිං ඉස්කෝලෙ යන එක පැත්තක තියල මට යන්න උනා වැඩ කරන්න තාත්තට බෙහෙත් ගන්න සල්ලි හොයාගන්න
දැනට මාසෙකට කලින් තාත්තා මැරුනා ඉතිං මටත් යන එන මං නැති උනා තාත්තා මැරෙන්න ඉස්සෙල්ලා මට කිව්වා
මෙහෙ අපේ නෑයෙක් ඉන්නවා පොඩ්ඩක් ගිහින් කතා කරන්න කියලා ඒත් දෙපාරක්ම ආවා මට හොයාගන්න බැරි උනා
බලනකොට මහප්පා ඉදලා තියෙන්නෙ නම් වෙනස් කරලා ඉතින් තාත්තා මැරුනට පස්සේ සල්ලි ණයට දුන්න මිනිස්සු ගේ අරගත්තා
තනි මම කියලා මොනවා කරන්නද ?
ඉතිං මම මෙහෙ ආවා ලොතරැයි විකුනන්න එතකොට මට ඔයාලව හොයාගන්නත් පුලුවන් නිසා
🧑🏻🦱( 💭යකෝ මූනෙ දවසකටත් මිනිහා ආයෙ නෑ නංගිව අන්දනවා ඇන්දිල්ලක් )
හරි හරි ඉතුරු ටික ගෙදරදි කතා කරගමුකො
උබට පෙන්නන්න තව කෙනෙක් ඉන්නවා උබේ වෙන්න නෑනා ඒ කිව්වෙ බං මගේ වෙන්න වයිපරේ මේ එහාපැත්තේ ඉන්නේ යමුකො පෙන්නන්න.
( මෙහෙම කියපු ගිහාන් රවිදුවත් ඇදගෙන නෙතූගෙ shop එකට ගියා )
🧔🏻( 💭අඩෝ නෝ ,මං දැනගෙන් හිටියෙ නැති උනාට මුංගේ ටිලිං ටිලිං එකකුත් තිබිලනේ )
👱♀️( 💭මොකක් රවී නෙහ් මේ මොකක් වෙලාද මුන් දෙන්නට ගිහානයයි මූයි නිකන් යාලුවො වගේ කරටත් අත දාගෙන එක්කො හොදයි මූ එන එකත් විහගයා ඉන්න ප්රශ්නෙ ගැන කියන්නත් පුලුවන්නෙ )
🧑🏻🦱ආ... හලෝ සුදූ , මොකෝ මේ මූන නිකන් තැලිච්ච් කජු ලෙල්ල වගේ වෙලා...මේ ඉන්නේ මගෙ අයියා කෙනෙක් අදුර ගන්නකෝ මෙයාගෙ නම රවිදු , රවිදු සංකල්පන
👱♀️Hello nice to meet you.....මගේ නම නෙත්මි යාපා බන්ඩාර .....( 💭ගොනා , පොල්බූරුවා යකෝ දැන් මුං අයියලා මල්ලිලා වෙලා මට මෙලෝ හසරක් කිව්වෙ නැහැනේ මී.....හරකා...)
👩🏻🦱ඒ අයියේ පොඩ්ඩක් එනවකෝ මෙහාට .......
🧑🏻🦱අහ්හ් අයියේ අර මැට්ටි මට කතා කරනවා පොඩ්ඩක් උබේ වෙන්න නෑනෑ එක්ක කතා කර කර ඉන්නවකෝ
( එහෙම කියපු ගිහාන් ගියා නිලක්ශි ලගට ඇත්තටම නිලක්ශි ගිහාන්ට කතා කලේ කලින් කියපු දේවල් ඇත්තටම ඇත්තද කියලා දැනගන්න )
👱♀️එහ් නෙතු උබලා අතරේ ටිලිං ටිලිං එකක් තියේද බං
මොන ටිලිං ටිලිං ද, මගෙ ටිලිං ටිලිං කියන්න උබ මට කිව්වද උබල අයියල මල්ලිලා කියලා.... හ්ම් .. අහ්හ් මේ විහගයා අරහෙ අමාරුවෙ වැටිලා ඉන්නෙ ඌ ඉන්නෙ කොහෙද කියලා නං දන්නෙ නෑ බං ඒත් ඌ වැටිලා ඉන්නෙ පට්ට ප්රශ්නෙක
🧔🏻හම්මට මොකක්ද උනේ ? ඉක්මනට කියපන්
( ඉතිං නෙතූ විහග එයාට එවපු ඔක්කොම මැසේජ් පෙන්නලා රවිදුට විස්තරේ කිව්වා )
යකො තෝ මට මේක කලිං කියන්න එපෑ එහෙනම් මං මොකක් හරි ගේමක් ගහනවනේ .අපි දෙන්න gps tracker දාගෙන හිටියට විහගට දෙන්න අමතක උනානෙ ශික්
මොකෝ කරන්නෙ... මොකෝ කරන්නෙ ..........
බලපං අඩුම විහගයා දැං online ද , කියලා
👱♀️ම්ම්ම් විහගයගෙ phone එක නං online බං phone එක වෙනින් කොහෙට හරි විසික් කරලද දන්නෙ නෑ බං මුට මොකක් හරි කරලා
🧔🏻ඔය මගුල් කල්පනා කරන්න කලින් උබ විහගයගෙ phone එක hack කරලා බලපන් කොහෙද ඉන්නෙ කියලා ඒකත් බැරි නං number එක hack කරලා බලපන් location , මට කරන්න විදියක් නෑ බං ගිහානයට කියලා තියෙන්නෙ මං phone ගැන කිසි මගුලක් දන්නෙ නෑ කියලා ඒකයි මේ phone එකක් දෙන්නං එන්න කියල එක්කගෙන ආවෙ
උබට පුලුවන් නේ hack කරන්න... ඌ ඉන්නේ කොහෙද කියලා හොයන් රමේශ්ට කියන්න ඉක්මනින් ගිහින් නිලුපුල්ව arrest කරන්න කියලා...
අපිට ඌව arrest කරන්න මේ තියෙන සාක්ශි හොදටම ඇති
✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️
Rate This Article
Thanks for reading: Detective Ravi - Episode 21, Stay tune to get latest Blogging Tips.