Detective Ravi - Episode 13

 

Detective Ravi 

Episode 13

✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️


👨🏻‍✈️ ඉන්ස්පෙක්ටර් රමේෂ් වීරරත්න 


🕵️‍♂️CID head officer 


🧔🏻 detective රවිදු සිරිවර්ධන ( රවී )


👱‍♀️ detective නෙත්මි යාපා බන්ඩාර ( නෙතූ )


👨‍⚕️doctor විහග කවීශ ( කවී)


🧑‍🦳 ජගත් සමරසිංහ


👩‍🦳 දේවිකා සමරසිංහ ( ජගත් සමරසිංහගේ wife )


👩🏻‍🦱 නිලක්ශි සමරසිංහ ( සමරසිංහ ෆැමිලි එකේ එකම දුව)


🧑🏻‍🦱 ගිහාන් සමරසිංහ ( සමරසිංහ ෆැමිලි එකේ පොඩි පුතා )


🧔🏻‍♂ නිලුපුල් සමරසිංහ ( සමරසිංහ ෆැමිලි එකේ ලොකු පුතා )



🙋🏻‍♂️ කැලුම් රූපසිංහ 


🧍‍♀️කමලාවතී 


❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️


🧑‍🦳 මෙහෙමයි පුතේ....

ඇත්තටම නිලුපුල් කියන්නේ ඔයාගේ අයියා නෙමේ.....


🧑🏻‍🦱 මො..මො..මොකක් ..............මගෙ අයි...යා....නෙ..මේ....


🧑‍🦳 ඔව් පුතේ ඔයාට අයියලා දෙන්නෙක් හිටියා ඒ දෙන්නම නිවුන්නු ඇත්තටම අර මං ඉස්සෙල්ලා පෙන්නපු photo එකේ ඉන්නේ ඒ දෙන්නයි ඔයයි


🧑🏻‍🦱 ඒ ....එතකොට කෝ මගෙ අයියා ඒ කියන්නේ අනේ මොකක්ද

                    මට මේක හරියට කියන්න, එතකොට නිලුපුල් කියන්නේ මගෙ අයියා නෙමේ නං ඒ කවුද ? එතකොට නංගිත් මගෙ නංගි නෙමේද ? 

                           එතකොට මගෙ ඇත්ත අයියාලා කෝ එතකොට කව්රුවත් මැරුනේ නැද්ද?


🧑‍🦳 පුතේ කෝ ඉතින් දැන් කලිනුත් කිව්වනේ කලබල වෙන්න එපා කියලා කෝ...ඔය පුටුවෙන් ඉදගන්න ආආආආහ් 


👩‍🦳 ඇයි ඇයි මහත්තයා ............


🧑‍🦳නෑ නෑ නෝනෙ මේ පපුවේ අමාරුව දැන් දැන් ටිකක් වැඩියි මට යන්න කාලෙ හරි වගේ නෝනේ


👩‍🦳 අනේ ...එහෙම කියන්න එපා මහත්තයා මහත්තයා නැති උනාම මං කොහොමද ඉන්නේ...


🧑‍🦳හරි හරි නෝනේ මං ගැන නෙමේ අපි අපේ පවුල ගැන හිතමු 



👩‍🦳 හ..හ.... හරි මහත්තයා කෝ ඔයා ඉන්නකෝ මං පුතාට කතාව කියන්නම් මට අමතක වෙන තැන් මහත්තයා මතක් කරන්න


පුතේ මගේ ඇත්තම නම දේවිකා සමරසිංහ නෙමේ

      මගෙ ඇත්ත නම චන්ද්‍රිකා මීගස්තැන්න

 පුතාගේ තාත්තගේ නමත් ජගත් සමරසිංහ නෙමේ තාත්තගේ නම වීරප්පෙරෙමුලාගේ ජයලත් වීරචන්ද්‍ර


  ඔයාට ඒ නම ඇහුනම කාව හරි මතක් උනාද?


🧑🏻‍🦱මො.. ක...ක්ක්ක් අර මාලන් කාරයගේ නමත් ඒ වගේ නේද?


👩‍🦳ඔව් පුතේ එයායි ඔයාගෙ තාත්තයි එකම පවුලේ සහෝදරයො එයාගෙ නම මාලන් වීරචන්ද්‍ර 


ඔයාගේ සීයා වසන්ත වීරචන්ද්‍ර ඒ කාලේ මේ පැත්තම හොල්ලපු පාතාල නායකයෙක් 


සීයට ඕනේ උනා පුතේ ඔයාගේ තාත්තවත් පාතාලෙ වැඩ වලට ගන්න


ඇත්තටම ඔයාගෙ තාත්තා තමයි ඒ කාලෙ මෙහෙ හිටපු හොද සල්ලිකාරයෙක් වෙච්ච ශාමෙල් වීරරත්නව කපලා මැරුවේ

            මං ඒක මගෙ ඇස් දෙකටම දැක්ක ඔයාගෙ තාත්තට ශාමෙල්ව මරන්න උවමනාවක් තිබ්බෙ නෑ පුතේ,

  ඔයාගේ සීයා තමයි තාත්තගෙ අතින් ඒක කරලා තාත්තගෙ අත් වලත් ලේ ගෑවේ


පුතාගෙ තාත්තා තමයි ඒ වෙලවෙ ශාමෙල්ගෙ wife වයි පුංචි පුතාවයි බේරලා යැව්වේ


මං ඒ දවස්වල ඒ ගෙදර වැඩකරපු වැඩකාරි පුතේ මං කුස්සියට වෙලා ඒ මිනීමැරුම බලාගෙන හිටියේ 


මාවත් පුතාගෙ බාප්පා මාලන් දැකල මරන්න හදද්දී පුතාගෙ තාත්තා තමයි මාව බේර ගත්තේ 


 පස්සෙන් පහු මගෙයි තාත්තගෙයි අතරෙ සම්බන්ධයක් තියෙනවා කියලා පුතාගෙ සීයා දැනගත්තා 


එදා පුතාගේ සීයා තාත්තට ගැහුවෙ ඔලුව පෙට්‍රල් බැරල් එකක ඔබලා මට එදා හොදටම මතකයි 


පුතාගෙ බාප්පා මාලන් රත් කරපු යකඩෙකින් මගෙ පිටට ගැහුවා 


ඒත් කොහොම හරි ඒ කාලේ පුතාගේ සීයගෙ හොදම ගෝලයා උනේ සිරිපාල , අපේ වත්තේ වැඩ කරන්න හිටියේ අන්න එයා, 


සිරිපාල තමයි පුතේ රෑ වෙලාවක ඇවිල්ලා මාවයි පුතාගෙ තාත්තවයි බේරගෙන ඇවිල්ලා රට යන්න බෝට්ටුවක් හොයලා දුන්නෙ 


ඊට පස්සෙ පුතේ අපි බෝට්ටුවෙන් ඉන්දියාවට ගියා , අනේ ඒ කාලේ අපි වින්ද දුක් කියලා නිම කරන්න බැරි තරම් පුතේ ,


මමයි තාත්තයි ගොඩක් මහන්සි වෙලා රස්සාවක් හොයාගත්තා ඒ බැංකුවක මැනේජර් කෙනෙක්ගෙ ගෙදර මං ගෙදර වැඩ කරද්දී තාත්තා ඒ මැනේජර්ගේ ඩ්‍රයිවර් විදියට වැඩකලා


ඒ ගෙදර මහ ගෑනි මාව මැරුවෙ නැති එක විතරයි පුතේ මට පුලුවන් තරම් වධ දුන්නා මට කොස්සක් කැඩෙනකන් දවසක් ගැහුවා 

 මේවා තාත්තා දැනගෙන හිටියේ නැහැ පුතේ මං තාත්තට මේවා කිව්වෙත් නැහැ . තාත්තා ඒ මිනිස්සු එක්ක මරා ගනියි කියලා බයට


ඒත් එක දවසක් තාත්තා දැකල තිබ්බා ඒ ගෑනි මට ගහපු හැටි


එදා ඒ ගෑනිගේ ඔලුව පැලෙන්නම තාත්තා ගැහුවා 

මං කවදාවත් දැකල නෑ පුතේ තාත්තා ගෑනු කෙනෙක්ට අතක් උස්සනවා ඒත් එදා තාත්තගෙන් ඒ ගෑනිව බේර ගත්තෙ මමයි 


කොහොමහරි එදා අපි ආපහු ඒ ගෙදරින් පැනලා ආවා . ඒ වෙද්දි මට පුතාගෙ අයියලා දෙන්නව ලැබෙන්න ලගයි


අපි එද්දි ඒ ගෙදර මහත්තයගේ කාමරෙ තිබ්බ සල්ලි ටිකකුයි අපි අවුරුද්දක් විතර වැඩ කරල එකතු කර ගත්ත සල්ලියි අරගෙන ආවේ


අපිට දවස් දෙකක් යන්නත් කලින් මාලු අල්ලන්න යන බෝට්ටුවක ආපහු ලංකාවට එන්න පුලුවන් උනා ඒ බෝට්ටුව ඇතුලෙදි තමයි පුතේ මට පුතාගෙ අයියලා දෙන්නව හම්බ උනේ


 ඉතිං පුතේ ලංකාවට ආවට පස්සෙ තමයි දැනගත්තෙ ඒ අවුරුද්දක කාලෙට ගොඩක් දේවල් වෙනස් වෙලා කියලා


ඒ වෙද්දි පොලීසියේ වෙඩි පාරකින් පුතාගෙ සීයා මැරිලා තිබුනා බාප්පත් තිස් අවුරුද්දකට හිරේ ගිහින් ඉතින් පුතේ අපිට ආපහු මෙහෙ ජීවත් වෙන්නෙ කිසි ප්‍රශ්නයක් තිබුනේ නෑ අපි නම් ගම් වෙනස් කරගෙන මෙහෙ පදිංචියට ආවා , 


                 අපි එකතු කරගත්ත සල්ලියි අර ගෙදරින් පැනල එද්දි හම්බ උන සල්ලියි එකතු කරලා අපි බිස්නස් එකක් පටන් ගත්තා ඒක තමයි පුතේ අද මෙච්චර දියුනු වෙලා තියෙන්නෙ ඉතිං ඔය දවස්වල තමයි අපිට පුතාව හම්බ උනෙ 



             ඉතිං පුතේ අපි කොච්චර හිතුවත් අපිට තිබ්බ ප්‍රශ්න ඉවරයි කියලා ප්‍රශ්න ඉවර වෙලා තිබුනේ නෑ


 අර ඉන්දියාවේ මනුස්සයෙගේ ගෑනු එක්කෙනා මැරිලා ඒ මනුස්සය පාතාලෙ එකෙක්ට බාර දීලා අපිව මරන්න ඒ මනුස්සය කොහොමහරි අපිව හොයාගත්තා

 තාත්තා ඒක සල්ලි වලින් බේර ගන්න හැදුවත් කරගන්න බැරි උනා


            මට හොදටම මතකයි පුතේ එදා අපි පන්සල් ගිහින් එන ගමන් , කලු කාර් එකක් අපේ වාහනෙ පස්සෙන් ආව  

             ටික වෙලාවක් යද්දි තාත්තටත් තේරුනා මේ එන්නෙ හොදකට නෙමේ කියලා තාත්තා පුලුවන් උපරිම වේගෙන් එක එක පාරවල් වලින් දාල ගියා 


අපිට ඒ වෙලාවෙ තේරුනා මේකෙන් අපිට බේරෙන්න නම් මොකක් හරි කරන්නම වෙනවා කියලා මොකද ඒ මිනිස්සු අපිව පන්නන එක නැවත්තුවෙම නෑ 


ඒ නිසා අපිට මොකක් උනත් කමක් නැහැ කියලා අපි ඔයාලව ආරක්ෂා කරගන්න ඕනි නිසා පුතාගෙ එක අයියා කෙනෙක්ව ලමා නිවාසයක ගේට්ටුවක් ඉස්සරහින් දාල ගියා 

අපිට වෙන කරන්න දෙයක් තිබුනෙ නෑ පුතේ


තව අයියා කෙනෙක්ව මං දන්න වයසක මනුස්සයෙක්ට සල්ලිත් එක්කම දුන්නා අපි ඉන්න ප්‍රශ්නෙ කියලා ඒ මනුස්සයත් අයියව ඒ වෙලාවෙ බාර ගත්තේ අපේ පිනකට


කොහොම හරි ඊට පස්සෙ හිටියේ ඔයා අපිට ඔයාව තමයි තිබ්බ ලොකුම ප්‍රශ්නෙ එතකොට ඔයාව හම්බ වෙලා මාස 6ක් විතර ඇති අපි පුතාව දුන්නෙ කමලාවතීට .

            කමලාවතීට පුතාගෙ වයසෙම දුවෙක් හිටියා hospital එකේදි අපි දෙන්නට ඔයාලව ලැබුනේ එකම දවසේ ඒ නිසා කමලාවතී පුතාව කිසිම දෙයක් නොකිය බාර ගත්තා කමලාවතී තමයි පුතාව කිරිදීලා ලොකු මහත් කලේ


එදත් අපිට ඒ ප්‍රශ්නෙ විසදගන්න පිහිට උනේ සිරිපාල

      ඒ මනුස්සය හිටියෙ නැත්තම් අද මමයි තාත්තයි මේ ලෝකෙ නැහැ පුතේ


ඉත්න් ටික කාලෙකට පස්සෙ අපි ඔයාලව හෙව්වා කමලා අපිට ඔයාව දුන්නා ,

 ඒකට කලගුන සලකන්න තමයි කමලවයි එයාගෙ දුවවයි අපි බාර ගත්තේ ඒත් පස්සෙ කමලා කැමති උනා

 දුව අපේම කෙනෙක් කර ගන්නවට ඒ නිසා පස්සේ ඔයාල දෙන්නම අපේ උනා

        අපි ඔයාලට කිව්වෙ ඔයාල දෙන්න නිවුන්නු කියලා

එතකොට නිලුපුල් කියන්නේ සිරිපාලගේ පුතා

එයාවත් අපි ගත්තෙ සිරිපාලගෙම කැමත්තෙන් මොකද සිරිපාලගෙ නෝනත් ඒ වෙද්දි මැරිලා වෙඩි පාරකින් 


ඒත් අපිට ඔයාගෙ අයියලා දෙන්නව හොයා ගන්න බැරි උනා 


      අපේ හදිස්සියට එදා ලමා නිවාසෙ නමවත් ලියාගන්න බැරි උනා   

          ඒ නිසා අපිට ඒ ලමා නිවාසේ හොයාගන්න බැරි උනා


ඒත් පස්සෙ ටික කාලයක් යද්දී අපි ඒ ලමා නිවාසෙ හොයා ගත්තත් ඒක ඒ වෙද්දි වහල දාල


 ඒ ලමයින්ව වෙනින් වෙනින් ලමා නිවාස වලට යවල ඉතිං අපේ ඒ බලාපොරොත්තුවත් නැති උනා


පස්සෙ අනික් අයියව හොයන්න ගත්තා ඒත් අපිට එයාව හම්බ උනෙත් නැහැ


 ඔයාගේ අය්යල දෙන්නගෙන් එක්කෙනෙක්ගෙ වම් උරහිසේ පිට පැත්තට වෙන්න බෝ කොලයක වගේ උපන්ලපයක් තිබ්බා


ඉතිං පුතේ ඒ වගේම උපන්ලපයක් ඒ තැනම අර ලොතරැයි විකුනන කෙනාගෙත් තියෙනවා



🧑🏻‍🦱මොක....ක්..........


👩‍🦳 ඔව් පුතේ අපි අහල බලපුවාම

ඒ ලමයත් ඉදල තියෙන්නෙ ලමා නිවාසෙක

අපිට සැකයි පුතේ ඒ ඔයාගෙ අයියා කෙනෙක්ද කියලා


( මේ අතරෙ නෙතූගෙන් අයියා ගියා කියලා දැනගත්ත නිලක්ශිත් ගෙදර ආවා )

👩🏻‍🦱 අම්මේ කෝ ඔයාල මේ අයියත් ඇවිල්ලනෙ මටත් නොකියා කෝ අනේ ඔයාලා



👩‍🦳 අන්න චූටි ඇවිල්ලා අනේ පුතේ කිසිම දෙයක් අගවන්න එපා හරිද? අනේ පුතේ කියන්න නම් එපා .


🧑🏻‍🦱 හ ..හරි අම්මේ 


👩‍🦳 චූටි අපි අප්පච්චිගේ කාමරේ......



 🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆



Rate This Article

Thanks for reading: Detective Ravi - Episode 13, Stay tune to get latest Blogging Tips.

Getting Info...

Post a Comment

Cookie Consent
We serve cookies on this site to analyze traffic, remember your preferences, and optimize your experience.
Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.
AdBlock Detected!
We have detected that you are using adblocking plugin in your browser.
The revenue we earn by the advertisements is used to manage this website, we request you to whitelist our website in your adblocking plugin.
Site is Blocked
Sorry! This site is not available in your country.