Detective Ravi
Episode - 11
========================
👨🏻✈️ ඉන්ස්පෙක්ටර් රමේෂ් වීරරත්න
🕵️♂️CID head officer
🧔🏻 detective රවිදු සිරිවර්ධන ( රවී )
👱♀️ detective නෙත්මි යාපා බන්ඩාර ( නෙතූ )
👨⚕️doctor විහග කවීශ ( කවී )
🧑🦳 ජගත් සමරසිංහ
👩🦳 දේවිකා සමරසිංහ ( ජගත් සමරසිංහගේ wife )
👩🏻🦱 නිලක්ශි සමරසිංහ ( සමරසිංහ ෆැමිලි එකේ එකම දුව)
🧑🏻🦱 ගිහාන් සමරසිංහ ( සමරසිංහ ෆැමිලි එකේ පොඩි පුතා )
🧔🏻♂ නිලුපුල් සමරසිංහ ( සමරසිංහ ෆැමිලි එකේ ලොකු පුතා )
🙋🏻♂️ කැලුම් රූපසිංහ
🧍♀️කමලාවතී
.................................................
========================================================================
========================
( එදා රෑ නෙතූ රවීට මැසේජ් කරලා විස්තරය අහගත්තා
හවස රවිදුට ගහල තියෙන්නෙ ඇත්තටම මැරයො ටිකක්
ඒත් රවිදු කිසි දෙයක් නොකර හිටියෙ ඒ වෙලේ පාරෙ ටිකක් සෙනග හිටපු නිසායි
නෙතූ ඒ වෙලාවෙ රවීගෙන් ඇහුවා විහගට medical center එක නවත්තන්න කියන්නද කියලා
එහෙම medical center එක නවත්තලා විහගගෙ වෙස් මාරු කරලා පාරට යවන්න තමයි දැන් දෙන්නගෙ plan එක මොකද දැන් රවිදුට කිසිම දෙයක් කර ගන්නත් විදිහක් නෑ සමරසිංහ ගෙදරට කොටු උනානෙ
ඉතිං නිදා ගන්න කලින් විහගට මේ ගැන කියන්නත් නෙතූ අමතක කලේ නැහැ ඉතින් හෙට තමයි විහග medical center එක දාන අන්තිම දවස )
…………………………………………………
( කොහොම හරි එදා දවස මේ විදියට ගෙවිලා ගියා )
…………………………………………………
( පහුවදා උදේ පාන්දර රවිදු නැගිටලා වත්ත අතුගාලා එහෙම එයාගෙ වැඩ ටික පටන් ගත්තා )
👩🦳 පුතේ ඔයාගෙ ඇගටත් අමාරු ඇති නේද ? ඔයා අද පොඩි rset එකක් ගන්න
පුතාගෙ නම මොකක්ද
🧔🏻 අනේ මැඩම් , මගේ නම රවිදු ...... රවිදු සංකල්පන
( රවීට නමේ මුල් කොටස කිව්වට පස්සෙයි මතක් උනේ බොරු නමක්නෙ කියන්න ඕන් කියලා )
මැඩම්ලා නම් මට මොකක් කියලා කතා කලත් කමක් නෑ
👩🦳 මො .. මො කක් රවිදු ………😢
හ..හරි හරි පුතේ පුතා යන්නකො ගිහින් rest කරන්න මං කෑම එක කමලා අතේ එවන්නම්
🧔🏻 හරි මැඩම්😇 ( මොකද එක පාරටම මැඩම්ට මගේ නම කිව්වා විතරයි උනේ
මූනත් වෙනස් උනා ඇස් දෙකට කදුලුත් ආවා
අනේ මන්දා......
………………………………………………
( රවිදු එක්ක කතා කරල ඉවර උන ගමන්ම දේවිකා සමරසිංහ අඩ අඩම ජගත් සමරසිංහ ලගට ගිහින් මේ ගැන කිව්වා )
👩🦳 මහත්තයා ....මහත්තයා දැන් නං මටත් හිතෙනවා මහත්තයා ඒ අපේ පුතාමද කියලා
🧑🦳 ඇයි නෝනෙ මොකද උනේ ?
👩🦳 නෑ මහත්තයා උදේ පාන්දරම එයා වැඩ පටන් අරගෙන
මං ගිහින් කිව්ව ටිකක් rest කරන්න කියලා
ඊයෙ ගුටි කාපු නිසා ඇගටත් අමාරු ඇතිනේ😭
🧑🦳 ඉතින් .........
👩🦳 ඊට පස්සෙ මං නම මොකක්ද කියලා ඇහුවා 😢
අනේ මහත්තයා .....😭😭
🧑🦳 කෝ අඩන්න එපා අඩන්නෙ නැතුව මට මොකක්ද නම කියන්නකෝ
👩🦳 න් නම මහත්තයෝ රවිදු තමයි නම රවිදු සංකල්පන
🧑🦳 මොකක්😳 මං ඒ ළමයා එක්ක දැන් පොඩ්ඩක් කතා කරන්න ඕනේ අපේ දෙන්නත් ගෙදර නැහැනේ
කමලා ....... කමලා........
පොඩ්ඩක් මෙහාට ආවා නං
🧍♀️ මේ එනවා මහත්තයා ඇයි මහත්තයා කතා කලේ
🧑🦳 කමලා; මේ අර ළමයව එක්කන් එන්න
මට පොඩ්ඩක් එයත් එක්ක කතා කරන්න ඕනේ
අපි එයා ගැන මොනවත් විස්තර දන්නෙ නැහැනේ
🧍♀️ හරි මහත්තයා මං ඒ ලමයව එක්කන් එන්නං
(කමලා ගිහින් රවිදුව ජගත් සමරසිංහ ලගට එක්කගෙන ගියා )
🧑🦳 කමලා ...කමල කොහෙද යන්නෙ ඔහොම ඉන්න
හරි පුතා අපි කැමතියි ඔයා ගැන විස්තර ටිකක් දැන ගන්න
මට කියනව ද, ඔයාගෙ නම
එතකොට ඔයාගෙ අම්ම,
තාත්තා, ගැන එහෙම🤔
🧔🏻 අනේ මහත්තයා මගෙ නම රවිදු සංකල්ප
මට අම්මයි තාත්තයි නැහැ🥺 මහත්තයෝ මං පොඩි කාලෙ ඉදන් හිටියේ ළමා නිවාසෙක
🧑🦳 මො.....මොකක්... ළමා නිවාසෙක😱
( එහෙම කියන ගමන්ම ජගත් සමරසිංහ පපුවට අත තියාගෙන කෙදිරි ගෑවා )
👩🦳 මහත්තයා ............. කමලා මහත්තයගෙ බෙහෙත් ටික .. ගේන්න.......😨
🧍♀️ආආආ.... නෝනා...මං වතුර ටිකක් ගේන්නම්
👩🦳 ආආ මහත්තයා මේ ටික බොන්න😰😰😰
දැන් හරිද මහත්තයා
🧑🦳 ඔ ....ඔව් නෝනෙ 😖
👩🦳 හරි හරි මහත්තයා දැං ඇති අපි පස්සෙ මේ ලමයගෙන් ප්‍රශ්න කරමු දැන් මහත්තයා ටිකක් විවේක😨 ගන්න
🧔🏻( අනේ මංදා මං ලමා නිවාසෙක හිටියා කිව්වම මෙයාට මොකද පපුවෙ අමාරුවක් හැදුනේ
මං ළමා නිවාසෙක හිටියට මෙයාලට කවදාවත් ඒ මොන ලමා නිවාසෙද කියලා හොයා ගන්න බැහැ අනික මට මේ වෙලාවෙ අම්මා තාත්තා කියලා කියන්න කෙනෙකුත් නැති නිසා මේ විදියටම කියපු එකත් හොදයි )
🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷
🖊️ ඉස්සරහට මොකක් වෙයිද
🖊️ රවිදු සමරසිංහ ෆැමිලි එකේ නැති උන ලමයද?
මේ ප්‍රශ්න වලට උත්තර දැනගන්න නම් ඉස්සරහට එන episode කියවන්නම වෙනවා
Rate This Article
Thanks for reading: Detective Ravi - Episode 11 , Stay tune to get latest Blogging Tips.