වැඩියෙන් මිරිස් කා වැඩියෙන් ජීවත් වෙන්න

 


වැඩියෙන් මිරිස් කා වැඩියෙන් ජීවත් වෙන්න 

මිරිස් සහිත ආහාර පරිභෝජනයට ගැනීම මේ වන විට ලොව පුරා විලාසිතාවක් බවට පත්ව තිබේ. මෑතකදී කරන ලද පර්යේෂණයකින් හෙළි වී ඇත්තේ පුරුද්දක් ලෙස මිරිස් කෑමට ගන්නා පුද්ගලයන්ගේ මර්ත්‍යතා අවදානම හෙවත් මරණයට පත් වීමේ අවදානම මිරිස් කෑමට නොගන්නා පුද්ගලයන්ට වඩා අඩු බවය.

මිරිස් ආහාරයට ගැනීම නිසා ලැබෙන සෞඛ්‍යමය වාසි සහගත තත්වයන් පිළිබඳ ඉතිහාසය මුළුල්ලේම සාධක ඕනෑ තරම් ලැබී තිබේ. මේ පිළිබඳ මෑතකදීම පර්යේෂණයක් සිදු කොට ඇත්තේ ඉතාලි ජාතික මහාචාර්යවරියක වන ලිසියා ලැකොවියෙලෝ ය. මිරිස් පිළිබඳ මෙතෙක් පර්යේෂණ පවත්වා ඇති සියලු දෙනාගේම අවධානය යොමුව තිබුණේ මිරිස්වලට මෙම සැර ගුණය ලබා දෙන්නා වූ රසායනය වන ‛කැප්සයිසින්’ කෙරෙහි ය. මෙතෙක් සිදුකරන ලද පර්යේෂණවලින් හෙළිවී ඇත්තේ කැප්සයිසින් නිසා හෘද ක්‍රියාකාරීත්වය සහ පරිවෘත්තීය ක්‍රියාවන් මනා ලෙස සිදුවන්නට ඉමහත් පිටිවහලක් ලැබෙන බවය. එමෙන්ම ස්නායු රෝග, ආතරයිටිස්, බඩවැල්වල රෝග සහ ඇතැම් අවස්ථාවලදී පිළිකාවලට පවා එරෙහිව සටන් කරන්නට හැකියාව මිරිස් කෑමට ගැනීම නිසා ශරීරයට ලැබෙන බව හෙළි වී තිබේ. කෙසේ නමුත් මෑතක දී බොහෝ පර්යේෂකයන්ගේ අවධානය යොමු වූයේ මිරිස් කෑමට ගැනීම නිසා මර්ත්‍යතා අවදානම අඩු වීම පිළිබඳවය.

ඉතාලියේ ‛මධ්‍යධරණීය ස්නායු ආයතනය’ (Mediterranean Neurological Institute) විසින් මේ පිළිබඳව පර්යේෂණයන් දෙකක් සිදුකොට තිබේ. ඉන් එකක් චීනයේ ද, අනෙක ඇමරිකා එක්සත් ජනපදයේ ද සිදුව තිබේ. මේ පර්යේෂණ දෙකින්ම හෙළි වී ඇත්තේ පුරුද්දක් ලෙස මිරිස් කෑමට ගන්නා පුද්ගලයන්ගේ මර්ත්‍යතා අවදානම ඉතා අඩු බවය.

ඔවුන් මේ සඳහා පිරිමි සහ කාන්තාවන් 22,811 දෙනෙක් මේ සඳහා සහභාගී කරවා ගැනුණි. ඔවුහු සිය පර්යේෂණයේ ප්‍රතිඵල ආමරිකානු හෘද රෝග වෛද්‍ය සඟරාව ඔස්සේ ප්‍රසිද්ධියට පත් කළහ.

මේ සඳහා සහභාගී කරවා ගත් සියලු දෙනා අවුරුදු 35 ට වැඩි අයවලුන් විය. ඔවුන් වසර 8 කට වැඩි කාලයක් තිස්සේ පර්යේෂකයන්ගේ නිරීක්ෂණයට ලක් වී තිබිණි. පර්යේෂණය අතරතුර දී එයට සහභාගී වූවන්ගේ 1,236 දෙනෙකු මරණයට පත් විය.

සෞඛ්‍යය කෙරෙහි බලපාන්නා වූ වෙනත් කාරණා, එනම්, ඒ ඒ පුද්ගලයන්ගේ වෛද්‍ය ඉතිහාසය, වික කාලයේ දී සිදු කෙරෙන ශාරීරික ක්‍රියාකාරකම්, දුම්බීම, මත්පැන් පානය සහ සමාජ ආර්ථික සාධක ආදිය ද සැලකිල්ලට ගනු ලැබිණි.

මේ පර්යේෂණයට සහභාගී කරවා ගන්නට පෙරාතුව සෑම පුද්ගලයකුටම මිරිස් කෑමට ගැනීම ඇතුළුව සිය ආහාර ගැනීමේ රටාව පිළිබඳ ප්‍රශ්නාවලියකට පිළිතුරු දෙන්නට සිදු විය.

එයට සහභාගී වූවන්ගෙන් 24.3%ක් සතියකට තුන් හතර වතාවක් මිරිස් කෑමට ගැනීමේ පුරුද්දෙන් යුක්ත විය. 33.7%ක් ඉතා කලාතුරකින් මිරිස් කෑමට ගැනීමේ පුරුද්ද තිබිණි. ඔවුන් අතර කිසිදා මිරිස් ආහාරයට නොගන්නා අය ද සිටියහ.

පර්යේෂණයයෙන් හෙළි වූ කරුණුවලට අනුව පර්යේෂකයන් පැමිණි නිගමනය වූයේ සතියකට තුන් හතර වතාවක් මිරිස් ආහාරයට ගන්නා පුද්ගලයන්ගේ මර්ත්‍යතා අවදානම 23%කින් අඩු බවය.

මිරිස් සහ හෘද සෞඛ්‍යය

හෘද රෝග පිළිබඳ සලකා බැලීමේ දී පුරුද්දක් ලෙස මිරිස් කෑමට ගන්නා පුද්ගලයන්ගේ මර්ත්‍යතා අවදානම එසේ නොවන පුද්ගයන්ට වඩා 34%කින් අඩු බව මෙම පර්යේෂණයෙන් හෙළි විය. එමෙන්ම පිළිකා රෝගීන් අතර ද මිරිස් කෑමට ගන්නා පුද්ගලයන්ගේ මර්ත්‍යතා අවදානමේ යම් අඩුවක් පෙන්නුම් කළ ද එය සංඛ්‍යාත්මකව දක්වන්නට තරම් ප්‍රමාණවත් මට්ටමක නොතිබිණි. කෙසේ නමුත් පුරුද්දක් ලෙස මිරිස් කෑමට ගැනීම පොදුවේ මර්ත්‍යතා අවදානම අඩු කරන්නට හේතුවක් වන බව නම් පැහැදිලිවම සනාථ විය.

තවත් සොයා ගැනීම්

මෙම පර්යේෂණයෙන් හෙළි වූ තවත් දෙයක් වූයේ වැඩි වශයෙන්ම මිරිස් කෑමට ගන්නේ උසස් අධ්‍යාපනයක් ලද, වයසින් වැඩි පිරිමින් බවය. එමෙන්ම මිරිස් කෑමට ගන්නන් අතර මිරිස් කෑමට නොගන්නන්ට වඩා දියවැඩියාව සහ අධ්‍යාතතිය, රුධිරයේ අධික ලිපිඩ මට්ටම සහ ඉහළ දේහ ස්කන්ධ පරිමාණයක් පවතින බව ද මෙම පර්යේෂණයෙන් හෙළි විය. මේවා සියල්ල හෘද රෝග ඇති කරන සාධක වුවත්, ඔවුන් පුරුද්දක් ලෙස මිරිස් කෑමට ගැනීම නිසා ඔවුන් සාමාන්‍යයෙන් මුහුණ දිය යුතු අවදානම් තත්වය අඩු වී ඇති බව පර්යේෂකයන්ගේ නිගමනය විය.

කෙසේ වෙතත් මිරිස් ආහාරයට ගැනීම නිසා ලැබෙන ප්‍රතිලාභ පිළිබඳ තවම ඇත්තේ සංවාදමය තත්වයකය. කැප්සයිසින් නිසා සිරුරේ බර අඩු වීමේ ප්‍රවණතාවක් ඇති බැවින් ඇතැම් විද්‍යාඥයෝ මේ නිගමනය සමග සිය එකඟත්වය පළ කරති. කෙසේ නමුත් ඉතාලි පර්යේෂණ ආයතනය මගින් පවත්වන ලද පර්යේෂණයට සහභාගී වූ මිරිස් කෑමට ගන්නන් බොහොමයකගේ දේහ ස්කන්ධ පරිමාණ පැවතියේ ඉහළ මට්ටමකය.

සීමාවන් සහ අනාගතය

ඇමරිකා එක්සත් ජනපදයේ සහ චීනයේ සිදු කරන ලද මෙම පර්යේෂණ දෙක කෙරෙහි අවධානය යොමු කරන නිරීක්ෂකයන් පවසන්නේ මේ දෙකෙහිම යම් යම් සීමාවන් පවතින බවය. මෙය හුදෙක් නිරීක්ෂණ මට්ටමකින් සිදු කරන ලද්දක් වන බැවින් මෙවැනි නිගමනයකට එලැඹෙන්නට අවශ්‍ය වන කාරණා සහ හේතු පැහැදිලිව අවබෝධ කරගත නොහැකි බව ඔවුහු පවසති. අනෙක මෙවැනි තත්වයක් කෙරෙහි බලපාන්නා වූ අනෙකුත් සාධක ද මෙහිදී එතරම් සැලකිල්ලකට ගෙන නොමැත. අනෙක මෙයට සහභාගී වූ පුද්ගලයන්ගේ ආහාර ගැනීමේ රටාව පිළිබඳ තොරතුරු ලබා ගෙන තිබුණේ පර්යේෂණය ආරම්භයේ දී පමණි. මිනිසුන්ගේ පරිභෝජන රටාව කාලයත් සමග වෙනස් විය හැකි වුවත්, එය මෙහි දී සැලකිල්ලකට ලක් කොට නැත. එමෙන් දිනපතා වරක් දෙවරක් මිරිස් කෑමට ගැනීමෙන් සිදුවන බලපෑම කෙරෙහි ද මෙහිදී අවධානය යොමු කොට නොමැති බව පෙනේ.

කෙසේ වෙතත්, අවසාන නිගමනය වී ඇත්තේ පුරුද්දක් ලෙස මිරිස් කෑමට ගන්නන් අතර මර්ත්‍යතා අවදානම පහළ මට්ටමක පවතින බවයි. විශේෂයෙන් හෘද රෝග සම්බන්ධ මර්ත්‍යතා අවදානම ද පහළ මට්ටමක පවතින බව අනාවරණය වී තිබේ. මිරිස් කෑමට ගැනීම සෞඛ්‍යය තත්වය ඉහළ නංවන්නක් බවට විවාදයක් නැති බව ද ඔවුන්ගේ නිගමනය විය. ඔවුන්ගේ ඊළඟ අපේක්ෂාව වන්නේ එසේ වන්නේ මන්දැයි යන්න පිළිබඳ පර්යේෂණයක් පැවැත්වීමය.

Rate This Article

Thanks for reading: වැඩියෙන් මිරිස් කා වැඩියෙන් ජීවත් වෙන්න, Stay tune to get latest Blogging Tips.

Getting Info...

Post a Comment

Cookie Consent
We serve cookies on this site to analyze traffic, remember your preferences, and optimize your experience.
Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.
AdBlock Detected!
We have detected that you are using adblocking plugin in your browser.
The revenue we earn by the advertisements is used to manage this website, we request you to whitelist our website in your adblocking plugin.
Site is Blocked
Sorry! This site is not available in your country.