මිනිසකු මරා දැමීමේ වරදට එල්ලුම් ගස් ගිය අලියා

 


 මිනිසකු මරා දැමීමේ වරදට එල්ලුම් ගස් ගිය අලියා


අපරාධයක් වෙනුවෙන් ලබා දෙන දඬුවමක් විදියට මිනිසෙක්ව එල්ලා මරන සිදුවීම් ඔබ ඕනෑ තරම් අසා ඇති. නමුත් අපරාධයක් වෙනුවෙන් අලියෙක්ව එල්ලා මරන සිදුවීමක් ගැන අසා නැති වෙන්නත් පුළුවන්. මේ කියන්න යන්නේ එහෙම කතාවක්.


මේ කතා නායිකාව ආසියානු ගැහැනු අලියෙක්. ඒ කියන්නේ කෙනරක්. නමින් මේරි. කොහොම වුනත් ඉතිහාසයේ ඇගේ නම ලියවී තිබෙන්නේ ‘මිනීමරු මේරි’ විදියටයි. 1894 දී උපන්, ටොන් 5ක පමණ බරින් යුක්ත ඇය උසින් අඩි 11 අඟල් නවයක් වුණා. ඇමරිකාවේ චාලි ස්පාර්ක් කියන සර්කස් කණ්ඩායමේ හිටිය ඉතා හීලෑ සතෙක්. ඇය කළේ මිනිසුන් සතුටු කරන්න සර්කස් පෙන්වපු එක. 


මේ විදියට අහිංසක විදියට හිටිය මේරිගේ ඉරණම් දවස උදා වුණේ කිසිවෙක් නොසිතපු විදියට. ඒ 1916 අවුරුද්දේ සැප්තැම්බර් 11 වෙනිදා. ඇමරිකාවේ ටෙනිසි ප්‍රාන්තයේ කිංග්ස්පෝර්ට් කියන කුඩා නගරයට මේ සර්කස් කණ්ඩායම පැමිණෙමින් සිටියා. මේ සර්කස් කණ්ඩායමේ ප්‍රසිද්ධම චරිතය තමයි මේරි. 



එදා මේරිගේ ඇත්ගොව්වා විදියට වැඩකටයුතු කළේ රෙඞ් එල්ඩ්‍රිජ්. ඔහු මේ කණ්ඩායමට එකතු වී තිබුණේ එදාට කලින් දවසෙ. අලින්ව බලාකියා ගැනීම ඔහුට කිසිම පළපුරුද්දක් තිබුණේ නැහැ. නමුත් ඔහු නිතර පුරසාරම් දෙඩමින් කිව්වේ “හෙණ්ඩුව අතේ තියෙන කල් ඕනම අලියෙක් මට ඔට්ටුයි” කියන එක. කොහොම වුනත් මේ කියන දවසේ මේරිගේ දතක වේදනාවක් තිබුණා. පාරේ වැටිලා තිබුණු කොමඩු ගෙඩියක් අරන් හපමින් යන්න මේරි කැමැත්තක් ඇති වුණා. ඇය එය හොඬයෙන් ගන්න නතර වුණා. ඒ වෙලාවේ නතර වෙන වළක්වන්න එල්ඩ්‍රිජ් මේරිට හෙණ්ඩුවෙන් ඇන්නා. ඒ ඇන්නෙත් හක්කේ දතේ අමාරුව තිබුණු තැනටයි. 


සාමාන්‍යයෙන් කතාවක් තියෙනවා අලින්ට ඇත්තුන්ට හරි ඉක්මනින් කේන්ති එනවා කියලා. එදා මේරිටත් ඒකම සිද්ධ වුණා. මේරි සැනෙකින් එල්ඩ්‍රිජ් හොඬයෙන් ඇදලා අරන් පොලොවේ ගසා මරා දැම්මා. 


‘මිනීමරු මේරිව මරා දමන්නැයි රැස්ව සිටි පිරිස ගෑගැසුවා. එතැන හිටි කම්මල්කාරයෙක් මේරිට වෙඩි පහක් තැබුවා. නමුත් ඒවාට ඇගේ ඝනකම් හම පසා කරගෙන යන්න පුළුවන් වුණේ නැහැ. 


සර්කස් කණ්ඩාමේ අයිතිකාරයා, චාලි ස්පාර්ක්ට පවා ඕනෑ වුණේ මේරිව මරා දමා සර්කස් එක ඉදිරියට පවත්වාගෙන යෑම පමණයි. ඔහු ඇයව එල්ලා මරා දමන්න තීරණය කළා. ඒක එකපාරටම විකාර අදහසක් වගේ පෙනුනත් අවසාන තීරණය වුනෙත් ඒකම තමයි. 


ඔවුන්ගේ ඊළඟ සර්කස් සංදර්ශනය පැවැත්වෙන අර්වින් නගරයේ දී මෙය සිදු කරන්නට ඔවුන් තීරණය කළා. එයට හේතුව වුණේ එහි දුම්රිය මැදිරි එසවිය හැකි ටොන් 100 දොඹකරයක් තිබුණු නිසයි. 


ඒ 1916 සැප්තැම්බර් 13 වෙනිදා. මේ මරාදැමීම නරඹන්න ඔහු මුළු නගර වැසියන්ටම ආරාධනා කළා. ඇගේ කකුල් සියල්ලත්, මුළු සිරුර වටේටත් දම්වැල් යොදා බැඳ තිබුණා. බෙල්ලටත් දම්වැලක් යොදා දොඹකරයෙන් ඇයව ඉහළට ඉස්සුවා. දම්වැල් නිසා ඇති වුණු වේදනාවෙන් ඇය කෑ ගැසුවා. 


කොහොම වුනත් අඩි 5ක් ඉහළට ඔසනවාවත් සමග දම්වැල් ලිහිල් වී ඇය බිම ඇද වැටුණා. ඇගේ උකුල් ප්‍රදේශය එයින් දැඩිව බිඳී ගියා. ඇය වේදනාවෙන් කෑගැසුවත් ඒ හඬ අසන්නට කිසිවෙක් හිටියේ නැහැ. තවත් ශක්තිමත් දම්වැල් ගෙනැත් ඇයව ගැට ගසා නැවතත් ඉස්සුවා. බෙල්ලට දමා තිබුණුටඑ දම්වැල් හිර වී ඇය මිය යන තුරුම මෙසේ එල්ලාගෙන සිටියා. 


මිනිසුන් සතුටින් කෑගැසුවා. පැය භාගයකට පමණ පසු ඇය බිමට පහත් කළා. පශු වෛද්‍යවරයකු විසින් පරීක්ෂා කළාට පසුව මේරි මිය ගොස් ඇති බව නිල වශයෙන් නිවේදනය කළා. 


මිනිසකු මරා දැමූ වරදට මේරි එල්ලා මැරූ පුවත එකල පුවත්පත්වල පළ වුණා. මේරි මරා දැමුවේ එක් පුද්ගලයකු පමණක් වුවත් ඇතැම් පුවත්වල තිබුණේ ඇය මිනිසුන් අට දෙනෙකු මරා දැමූ බවයි. 


ඇගේ සිරුර වළලා දමන්නට දැවැන්ත වලක් සෑරු බවට වාර්තා වුනත් එය තිබුණු තැනක් දැන් කිසිවෙක් දන්නේ නැහැ.

Rate This Article

Thanks for reading: මිනිසකු මරා දැමීමේ වරදට එල්ලුම් ගස් ගිය අලියා, Stay tune to get latest Blogging Tips.

Getting Info...

Post a Comment

Cookie Consent
We serve cookies on this site to analyze traffic, remember your preferences, and optimize your experience.
Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.
AdBlock Detected!
We have detected that you are using adblocking plugin in your browser.
The revenue we earn by the advertisements is used to manage this website, we request you to whitelist our website in your adblocking plugin.
Site is Blocked
Sorry! This site is not available in your country.