තරබාරුව හිසරදයක් වූ ඔබට

 


තරබාරුව හිසරදයක් වූ ඔබට

වර්තමාන සමාජයේ බොහෝ දෙනෙකුට ඇති ප්‍රධාන පෙළේ ගැටළුවක් වන්නේ තරබාරු බවයි. මෙය කාන්තාවන්ට මෙනම පිරිමින්ට ද එකසේ බලපානා ගැටළුවක් වුවද මනා හැඩයක් සහිත සිහින් සිරුරකට සහජ කැමැත්තක් ඇති කාන්තාවන් මෙම තරබාරු ගැටළුව පිළිබඳ දක්වන්නේ දැඩි කනස්සල්ලකි. කාන්තා පුවත්පත්, රූපවාහිනි කාන්තා වැඩසටහන් ආදියේ නිතර දක්නට ඇති සිරුර සිහින් කරගැනීමේ ක්‍රම මොවුහු නිරතුරු අත්හදා බලති. විවිධ වෛද්‍යවරු හමුවන්නට යති. ව්‍යයාම කළ හැකි ස්ථානවලට ගොස් ඒවායේ උපදෙස් පිළිපදිති. නමුත් බොහෝ දෙනෙකුට තමන් රිසි හැඩයෙන් යුක්ත සිහින් සිරුර හිමිවන්නේ නැත. මෙයට බොහෝ විට හේතුවන්නේ සිහින් සිරුරකට මග කියනා මූලික කරුණු බොහෝ දෙනෙක් විසින් අමතක කිරීම හෝ නොසළකා හැරීමය. ප්‍රායෝගිකව, පහසුවෙන් ක්‍රියාත්මක කළ හැකි එවැනි කරුණු කිහිපයක් පිළිබඳ අද අප කතා කරන්නට සිතුවේ එබැවිනි. 

බොහෝ දෙනෙකු විවිධ ඖෂධ වර්ග මගින් සිරුර සිහින් කරගැනීමට උත්සාහ දරතත්, එය සෞඛ්‍ය සම්පන්න නොවන බැව් මුළින්ම පැවසිය යුතුය. එබැවින් ස්වභාවික ක්‍රම අනුගමනය කිරීම සෞඛ්‍ය සම්පන්නවනවා සේම අනාගතයේ වැළිඳිය හැකි ලෙඩරෝගවලින්ද වැළකෙන්නට හේතුවක් ද වන්නේය. මේ පවසන්නට සූදානම් වන්නේ ඔබට පහසුවෙන් අනුගමනය කළ හැකි පියවර කිහිපයකි. මේවා නිවැරදිව, දිනපතා අනුගමනය කිරීමෙන් ඔබටම මෙහි ප්‍රතිඵල අත්විඳිය හැකිය. 

1. දිනකට කුඩා ආහාරවේල් පහක් අරගන්න 

උදෑසන ආහාරය සමග දිනකට ඔබ ගන්නා ආහාර වේල් සංඛ්‍යාව පහකට සීමාකරගන්න. බොහෝ දෙනෙක් උදෑසන ආහාරය පිළිබඳ වැඩි සැළකිල්ලක් දක්වන්නේ නැත. නමුත් උදෑසන ආහාර නොගැනීම හේතුවෙන් ඔබට තරමක් දිවා කාලය වනවිට දැඩි කුසගින්නක් ඇතිවීම ස්වභාවිකය. මන්ද පසුගිය රාත්‍රියේ සිටම හරිහැටි ආහාරයක් කුසට නොලැබුණු නිසාය. දිනය ආරම්භ කන්නට නම් හොඳ ආහාරයක් අවශ්‍යය. උදෑසන ආහාරය නොගැනීම නිසා දිවා කාලය වන විට ඇතිවන අධික කුගින්න සමනය කිරීමට බොහෝ දෙනා පමණ ඉක්මවා ආහාර ගන්නා බව පෙනෙන්නට තිබේ. මෙසේ පමණ ඉක්මවා ආහාර ගැනීම තරබාරුවට මූලික් පියවර තැබීමකි. එබැවින් එසේ නොකර දිනකට කුඩා ආහාර වේල් පහක් ලබාගත යුතුය. එය සිරුරේ පරිවෘත්තීය ක්‍රියා නිසි අයුරින් සිදුවීමට හේතුවක් වනවා සේම සිරුර සිහින් කරගැනීමට මුල් පියවර තැබීමක් ද වන්නේය. 

2. වැඩියෙන් ජලය පානය කරන්න 

බොහෝ දෙනෙක් පිපාසය ඇති අවස්ථාවකදීද එය කුගින්න යැයි වටහාගෙන ආහාර ගැනීමට පෙළෙඹෙන බැව් පෙනෙන්නට තිබේ. ජලය වැඩි වැඩියෙන් පානය කරනා විට සිරුරය අනවශ්‍ය දෑ බැහැර කිරීමට ද වැඩි වැඩියෙන් අවස්ථාව හිමිවේ. මෙය ද සිරුර සිහින්වීමට අවශ්‍ය දෙයකි. දිනකට අඩුම තරමේ ජලය බෝතල් අටක් (8) වත් පානය කළ යුතුයැයි පැවසේ. ඔබ වැඩි වැඩියෙන් වෙහෙසවන අවස්ථාවක වැඩි වැඩියෙන් ජලය පානය කළ යුතුය. එවිට දහදිය දැමීම ද යහමින් සිදුවේ. 

3. පළතුරු වැඩි වශයෙන් ආහාරයට එකතු කරගන්න 

පළතුරු වැඩි වශයෙන් ආහාරයට ගන්න. එමෙන්ම ඔබ නිවසින් බැහැර යනවිට බෑගයේ කුමක් හෝ පළතුරක් දමාගෙන යාමට මතක තබාගන්න. ඔබට යම්කිසි අවස්ථාවක කුසගින්නක් දැනුනහොත්, සෞඛ්‍ය සම්පන්න ආහාරයක් ලබාගැනීමට අවස්ථාවක් ද නොමැතිනම් කළ යුතු හොඳම දෙය මෙම පළතුර ආහාරයට ගැනීමය. එය සිරුර තරබාරුවට හේතුවක් නොවන අතර සෑහෙන වේලාවක් ගතවන තුරු කුසගින්න ද නිවා දමනු ඇත. යම් ලෙසකින් ඔබ ඒ වෙනුවට වෙනත් ආහාරයක් ලබාගත්තේ නම් එය නිසැකවම සිරුර තරබාරුවට හේතුවන බර ආහාරයක් වන්නට ඉඩ තිබේ.  

4. සෙමින් ආහාර ගන්න 

හදිසි කාර්යයටකට යාමට ඇත්තා සේ ආහාර අනුභව කිරීමේ පුරුද්දෙන් ඈත්වන්න. එමෙන්ම, “තව පොඩ්ඩක් කෑවා නම් හරි” යැයි සිතෙන විට ආහාර ගැනීම නවත්වන්න. කුස සම්පූර්ණයෙන්ම පිරී ඇති බැව් මොලයට තේරුම් ගැනීමට අඩුම වශයෙන් මිනිත්තු 20ක්වත් ගතවේ. එබැවින් කුස හොඳින්ම පිරුණු බව ඔබට දැනෙන විට, තවත් මිනිත්තු 20කට පසුව මොලය එය තේරුම් ගන්නේ පමණට වඩා ආහාර ලබාගෙන ඇති අවස්ථාවක් ලෙසය. 

5. ආහාර ගන්නා ප්‍රමාණය පිළිබඳ සැළිකිලිමත්වන්න 

අධික ලෙස ආහාර ගැනීම සිරුරේ බර වැඩිවීමට නිසැක ලෙසම හේතුවේ. එය ඔබ දන්නා දෙයකි. ඔබ ගන්නා ආහාර ප්‍රමාණය පිළිබඳ සැළකිල්ලක් නොදක්වන්නේ නම් සිදුවන්නේ සිරුර සිහින්වනු වෙනුවට එය තවත් තරබාරු තත්වයට පත්වීමය. ස්වභාවිකවම සිහින් සිරුරක් ඇති අයගේ ආහාර ගැනීමේ රටාව පිළිබඳ මඳක් විමසිලිමත්වන්න. ඔවුන් බොහෝ දෙනෙක් ආහාර ලබාගන්නේ කුඩා ප්‍රමාණයන්ගෙන් බැව් ඔබට පෙනෙනු ඇත. 

6. අධික ලෙස කැලරි සිරුරට එක්කරගැනීමෙන් වළකින්න 

වර්තමානයේ ශක්තිජනක පාන වර්ග ගැනීම විලාසිතාවක් බවට පත්ව ඇති බැව් පෙනේ. මේවායේ අධික ලෙස කැලරි අඩුංගුවේ. එමෙන්ම සෝඩා හෝ වෙනත් පැණි බීම වර්ගවලද අධික ලෙස කැලරි ප්‍රමාණයක් අඩංගුය. අධික ලෙස කැලරි සහිත අඩංගු පානවර්ග ලබාගත්ත ද ඒවා දහනය කරන්නට තරම් සිරුරට ව්‍යායමයක් ලැබෙන්නේ නැත. එය සිරුර තරබාරුවට හේතුවකි. එබැවින් එවැනි පාන වර්ග අතහැර අඩු කැලරි හෝ කැලරි කිසිවක් අඩංගු වී නොමැති පාන වර්ග පමණක් පානය කරන්නට හුරුවන්න. එය ද සිරුරේ සිහින් බව ඇතිකරගැනීමට පිටිවහළක් වනු ඇත. 

ඔබට මෙම පියවරයන් නියමාකාරයෙන් අනුගමනය කරන්න. හැකි සෑම අවස්ථාවක සිරුරට ව්‍යයාමද ලබාදෙන්න. එවිට මනා හැඩයෙන් යුක්ත සිහින් සිරුරක් හිමි කරගන්නට ඔබට දැඩි වෙහෙසක් දරන්නට සිදුවන්නේ නැත.

Rate This Article

Thanks for reading: තරබාරුව හිසරදයක් වූ ඔබට, Stay tune to get latest Blogging Tips.

Getting Info...

Post a Comment

Cookie Consent
We serve cookies on this site to analyze traffic, remember your preferences, and optimize your experience.
Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.
AdBlock Detected!
We have detected that you are using adblocking plugin in your browser.
The revenue we earn by the advertisements is used to manage this website, we request you to whitelist our website in your adblocking plugin.
Site is Blocked
Sorry! This site is not available in your country.