කුරුලෑවලට විසඳුමක්

 


කුරුලෑවලට විසඳුමක් 

ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව හැදෙන කුරුලෑ කියන්නේ ස්වභාවික දෙයක් මිසක් රෝගී තත්වයක්නම් නොවෙයි. හැබැයි ඉතින් මේ පුංචි බිබිල හිතට නම් සෑහෙන්නම වදයක්.

කුරුලෑ හැදෙන්න ප්‍රධාන වශයෙන්ම බලපාන හේ තුවිදිහට, ස්නේහස්‍රාවී ග්‍රන්ථවල ක්‍රියාකාරීත්වය නිසා සම මතු පිටට පැමිණෙන ස්නේහස්‍රාවී ද්‍රවය සමේ ඇතිවන ඝනකම් හේතුවෙන් සම මතුපිටට පැමිණීමට නොහැකිව අවහිර වීම තුළින් හා හෝමෝන වල ක්‍රියාකාරීත්වය දක්වන්න පුලුවන්. ඒ වගේම අපේ නොසැළකිලිමත් ක්‍රියාවන් නිසාද කුරුලෑ ඇතිවෙනවා. ප්‍රමිතියෙන් තොර ආලේපන වර්ග භාවිතය, තෙල් ආහාර අධිකව ගැනීම, ක්ෂණික ආහාර වර්ග ගැනීම, අධික ලෙස චොකලට් කෑම, නින්ද අඩුවීම, හිතුමතේ ඖෂධ වර්ග ගැනීම, සිරුර උෂ්ණාධික වීම වගේම මානසික ආතතියත් මේ සදහා බලපානවා

කුරුලෑ වර්ග කිහිපයක්ම ඇති අතර කළු හෝ සුදු හිස සහිත බිබිලි මේ අතරින් බහුලව දකින්න පුලුවන්. 

මුණේ බිබිලක් තියෙන එක හිතට වදයක් කියන එක අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. කුරුලෑවක් දැක්කාම ඒ දැක්කවෙලේ ඉදන් අපි කරන්නේ බිබිල අල්ලන එකයි නැත්නම් ඒක කඩලා අයින් කරන්න හිතන එකයිනෙ. හැබයි මේ පුරුද්ද නම් එච්චර හොද පුරුද්දක් නෙමෙයි. 

කුරුලෑ ඇල්ලීමෙන් එහි ඇති පටක වලට හානි වී පසුව කැළල් බවට පත් වෙන්න පුලුවන්. මේ නිසා කුරුලෑ ඇල්ලීම, කැඩීම හෝ නියපොතු වලින් මිරිකීම සිදු නොකළ යුතුයි.

ඉතින් මේ පුංචි බිබිලකට අපේ මූණ කැත කරන්න නොදී ගෙදරදීම පහසුවෙන් කරන්න පුලුවන් දේවල් ටිකක් කරලා මේ වදෙන් ගැලවෙමු.

මේ සදහා,

🔅 කොහොඹ දලු, අමු කහ, සුදු හදුන් තැම්බු ජලයෙන් මුහුණට වාෂ්ප අල්ලන්න.

 

මෙමගින් සමේ රෝම කූප විවර වී එහි තැන්පත් වී ඇති අපද්‍රව්‍ය ඉවත් වේවී. ඉන් පසුව පිපිඤ්ඤා යුෂ මුහුණේ ආලේප කරගන්න මුහුණ පිරිසිදු කරන්න.


🔅 ලෙමන් යුෂ ස්වල්පයකින් පුළුන් කැබැල්ලක් පොගවා මුහුණේ ආලේප කර ටික වේලාවකින් ඇල් වතුරින් හෝදන්න.

 

🔅 කුරුලෑ ඇති තැන්වල මී පැණි ආලේප කර ටික වේලාවකින් හෝදන්න.

 

🔅 කෝමාරිකා මුහුණේ ගා රැයක් තිබෙන්නට හැර ඇල් වතුරින් හෝදා ඉවත් කරන්න.

 

🔅 තෙල් සහිත හා මස් මාංස ආහාර වර්ග ගැනීම සීමා කරන්න.

 

🔅 නිතර පිරිසිදු ජලය බොන්න.

 

🔅 විටමින් E සහ C අඩංගු එළවළු පලතුරු වැඩි වශයෙන් ආහාරයට එක් කරගන්න

​​​

🔅 රුධිරය පිරිසිදු කරන නෙල්ලි, රසකිද, ඉරමුසු, බෙලි මල් වැනි පාන වර්ග නිතර බොන්න.

Rate This Article

Thanks for reading: කුරුලෑවලට විසඳුමක් , Stay tune to get latest Blogging Tips.

Getting Info...

Post a Comment

Cookie Consent
We serve cookies on this site to analyze traffic, remember your preferences, and optimize your experience.
Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.
AdBlock Detected!
We have detected that you are using adblocking plugin in your browser.
The revenue we earn by the advertisements is used to manage this website, we request you to whitelist our website in your adblocking plugin.
Site is Blocked
Sorry! This site is not available in your country.