දුම් බිව්වොත් නහය කපයි

 


දුම් බිව්වොත් නහය කපයි

දුම් පානය නරක පුරුද්දක් බව දුම් පානය කරන්නන් පවා පිලිගන්නා කාරණයකි.දුම්පානය පිළිකා වැනි දරුණු රෝග වලට හේතු කාරක වන බවද සැවොම පිලිගන්නා කරුණකි. දුම්බීම හා මත්ද්‍රව්‍ය වලට එරෙහිව පුළුල් විරෝධතා ව්‍යාපාර ලොව පුරා දියත් වෙමින් පවතී.

මේ වන විට ශ්‍රී ලංකාවේත් දුම්පානය පිලිබඳ නීති තදින් ක්‍රියාත්මක වේ.

දුම්බීම රටින් රටට හුරුවූයේ මෝස්තරයක් ලෙසිනි.එහෙත් එහි ආදීනව දැනගැනීමට කලක් ගතවිය.ශත වර්ශ ගනනාවක සිට දුම්පානයට විරුද්දව සමහර රටවල් විවිධ පියවර ගෙන තිබේ. දුම්පානය කරන්නන්ට දරුණුම දඬුවම ලබා දී ඇත්තේ තුර්කියයි. 17 වන සියවසේ තුර්කියේ රජ කල මුරාඩ් රජු දුම් බොන්නන් හට මරණ දඬුවම නියම කලේ‍ය. දුම් බී අසුවන අය ම‍රාදැමුනේ අතපය කපා දමමිනි. එසේ දඬුවමට ලක්වූවන්ගේ දේපල රාජසන්තක කෙරිනි. මෙකල තුර්කියේ දුම්පානය කිරීම සදහා "දුම්කඩ" නමින් ගෙවල් විශෙෂයක් තිබුණි.මේවාට රහසේ එකතු වුණ අය දුම්පානය කිරීමට හුරු වී සිටියහ. මෙවැනි තැන් හසුවූ පසු රජය විසින් එවා ගිනිබත් කරනු ලැබීය.මුරාඩ් රජු බොහෝ දිනවල වෙස් වලාගෙන ගොස් දුම් පානය කරන්නන් තමා විසින්ම අල්ලාගනු ලැබීය.

මුල් කාලයේදී ජර්මනියේ සමහර ප්‍රදේශවල දුම්පානයට එරෙහිව නීති පනවා තිබූ අතර ඒවා ක්‍රියාත්මක කිරීමට විශේෂ නිලධාරී පිරිසක් පත්කොට සිටියහ. දුම් බොන අය අල්ලා දඩ නියම කිරීම එම නිලධාරීන්ට පැවරී තිබුනි.

ඉතියෝපියාව නමින් හදුන්වන රට "ඇබිසීනියාව" නමින් හදුන්වන කාලයේ දුම් බොන අයට දුන් දඬුවම නාසය කපා දැමීමයි.

ක්‍රි.ව 1615 දී පර්සියාවේ සම්මත කෙරුණු නීතියකට අනුව දුම් බොන්නන්ට දුන් දඬුවම ඔටුවන්ගේ මල පහ ජලයේ දියකර බීමට දීමයි.දුම්බීමට වැරදිකරුවන් වූ අයට ඔටු වසුරු වියළා ඔතා ප්‍රසිද්ධියේ දුම්වැටි ලෙස බීමට සලස්වනු ලැබීය.මෙම නීති ප්‍රමානවත් නොවන බවත්,දුම්බීම වැලැක්වීමට එයින් ලැබෙන අනුබලය මදි බවත් සිතූ පර්සියන් පාලකයෝ ඉතා දරුණු නීතියක් ක්‍රියාත්මක කලේය.එනම් උණුකල ඊයම් පෙවීමයි.එසේත් නැතිනම් ලෝදිය පෙවීමයි.මේ හැමවිටම දඬුවම් ලබන තැනැත්තා දරුණු වේදනා විඳ මිය ගියේය.මේ දඬුවමත් සමග පර්සියාවේ දුම්බීමේ සිරිත නැත්තටම නැතිවූ තත්වයට පත්විය.

සාර් පාලන යුගයේ රුසියාවේ දුම්බොන අය අල්ලා නහයත් තොලුත් පලනු ලැබීය.මීට වසර 300 කට පමණ පෙර ජපානයේ දුම් බොන කෙනෙකු අල්ලාද, ඔහු එසේ කල බව ඔප්පු කල කෙනෙකුට දුම්පානය කල අය සතු දේපල වස්තුව හිමිකර දෙනු ලැබීය.මේ දඬුවමෙනුත් පාඩමක් ඉගෙන නොගෙන දුම්පානය කළ අයට බන්ධනාගාර ගත වීමට සිදුවිය.

බ්‍රිතාන්‍යයේ පැවති දුම්බීමට එරෙහි නීති එතරම් දරුණු නොවීය.වෙලිංටන් සාමිවරයා හමුදා නිලධාරින්ට නියෝග කලේ තම කුටි තුලට වී දුම්පානය නොකරන ලෙසය.වික්ටෝරියා රැජින ඇය හමුවට පැමිනෙණ අයට දුමපානය නොකරන ලෙස දන්වා සිටියාය.රැජින මුනගැසීමට ආ පිරිස් ඇය අභියසට යාමට කල්වේලා ඇති විට කළේ මාලිගයේ දල්වා ඇති ලිපක් ලගට ගොස් දුම් පානය කර දුම ලිපේ දුම් බටයට පිබීමයි.ඔවුන්ගේ දුම්වැටි වල දුම, දුම්බටය දිගේ අහසට ගියේය.

Rate This Article

Thanks for reading: දුම් බිව්වොත් නහය කපයි, Stay tune to get latest Blogging Tips.

Getting Info...

Post a Comment

Cookie Consent
We serve cookies on this site to analyze traffic, remember your preferences, and optimize your experience.
Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.
AdBlock Detected!
We have detected that you are using adblocking plugin in your browser.
The revenue we earn by the advertisements is used to manage this website, we request you to whitelist our website in your adblocking plugin.
Site is Blocked
Sorry! This site is not available in your country.