අඬ අඬා කසාදෙට ලෑස්තිවෙන චීන ගෑනු
කසාදයක් බැඳගෙන තමන්ගේ සැමියාත් එක්ක තමන්ටම වෙන් වුණු ලෝකයක ජීවත් වෙන්න යන්න තමයි හැම තරුණියක්ම වාගේ නිසි වයසට ආවාට පස්සේ සිහින මවන්නේ. ඒත් කසාදෙ දවසට මේ හැම දේම වෙනස් වෙනවා. එදාට අම්මාව, තාත්තාව, සමහර විට බල්ලාව පවා දාලා යන්න බෑ කිය කියා අඬා වැලපෙනවා. කොයි රටෙත් එහෙමයි. හැබැයි චීනේ ටුජියා කියන ජනතාව මේක තව ටිකක් ජයට කරනවා. ඔවුන් විවාහ මංගල්‍යයකට ලෑස්ති වෙද්දි ‛දාලා යන්න බෑ’ කියල අඬන ව්‍යාපාරයට වෙනම ලෑස්ති වෙනවා. ඒ මනාලියක් අඬන්නේ විවාහ දවසේ විතරක් නෙවෙයි. කසාදෙට මාසයක් තියා දවසට පැය ගානේ අඬන්න පටන් ගන්නවා. මුල් දවස් දහයෙන් පස්සේ මනාලියගේ ඇඬිල්ලට අම්මාත් එකතු වෙනවා. දවස් විස්සකට පස්සේ ආච්චි අම්මාත් එකතු වෙනවා. මාසය අන්තිම වෙද්දි මුළු පවුලේම කට්ටියම එකතු වෙලා එකම ඇඬිල්ලයි. මෙහෙම අඬන්න හේතුව විදියට ඔවුන් කියන්නේ මෙහෙම කතාවක්. හුඟක් ඉස්සර මේ ටුජියා තරුණියන්ට තමන් කැමති තරුණයෙක්ව කසාද බැඳගන්න අවසරයක් තිබුනේ නැතිලු. නොදන්නා කෙනෙක්ව කසාද බඳින්න වෙන නිසා හැම තරුණියක්ම කසාදෙ ළංවෙද්දි අඬන්න පටන් ගන්නවලු. හැබැයි දැන් නම් ඔවුන්ට තමන් කැමති තරුණයෙක්ව කසාද බැඳගන්න පුළුවන්. ඒත් මුතුන්මිත්තන්ගේ ලැබුණු පුරුද්ද අතාරින්න බැරි නිසා දැන් ඒ කාලෙට වඩා ජයට අඬන වැඩේ කරනවලු. එක එක ගැහැනු එක එක හඬවලින් අඬන එක ඇහෙන කොට එයින් විවාහයේ සතුට ප්‍රකාශ වන බව තමයි මේ ජනතාව විශ්වාස කරන්නේ. ඔන්න ඉතින් පුළුවන් නම් අපටත් පටන් ගන්න හොඳ වැඩක් තමයි මේක.
Rate This Article
Thanks for reading: අඬ අඬා කසාදෙට ලෑස්තිවෙන චීන ගෑනු, Stay tune to get latest Blogging Tips.