බෘෘස්ලිගේ අභිරහස් මරණය

 


බෘෘස්ලිගේ අභිරහස් මරණය

බෲස් ලී යනු අද දවසේ සමාජයට පිය මනින දරුවාගේ සිට මහල්ලා දක්වා වූ සියල්ලන් අසා ඇති නමකි. සටන් කලාව තුළ ඔහු තරමට ලෝකයේ කතා බහට ලක් වූ වෙනත් පුද්ගලයකු නොමැති තරම්ය. 1940 නොවැම්බර් 27 වැනිදා උපන් බෲස් ලී කුඩා කාලයේ සිටම සටන් කලාව ප්‍රගුණ කළ අයෙකි. එමෙන්ම නළුවෙකි. ‛ග්‍රීන් හෝර්න්ට්’ නම් ඇමරිකානු රූපවාහිනී කතා මාලාවෙන් සහ ‛ද චයිනීස් කනෙක්ෂන්’ හා ‛ෆිස්ට් ඇන්ඩ් ෆියුරි’ යන චිත්‍රපට ඔස්සේ ඉමහත් ජනප්‍රියත්වයට පත් විය. රංගන ශිල්පියකු සහ සටන් කරුවකු ලෙස සාර්ථකව ඉදිරි ගමනක් යමින් සිටි ඔහු 1973 ජූලි 20 වැනිදා හොංකොං හි දී හදිසියේ මරණයට පත් විය. ඔහුගේ මරණයට හේතුව ලෙස නිල වශයෙන් ඉදිරිපත් කළ කාරණය වූයේ මොළයේ ජල සාන්ද්‍රණය වැඩි වීම බව ය. එසේ ජල සාන්ද්‍රණය වැඩී වී ඇත්තේ පිට කොන්දේ අසනීප තත්වයක් නිසා ඔහු ලබා ගත් වේදනා නාශක ඖෂධ බව ද මරණ පරීක්ෂණයේ දී සඳහන් කෙරිණි. කෙසේ නමුත් ඔහු මරණයට පත් වූ ආකාරය පිළිබඳ මුල සිටම සැක සහිත විය. ඇතැමුන් පවසන ලද්දේ එම මරණය ඝාතනයක් බවය. ඇතැමුන් පැවසූයේ ඔහුට සාපයක් වැදුණු බවය. 1993 වසරේ දී බෲස්ලීගේ පුතු බ්‍රැන්ඩන් ලී රූගත කිරීමක් අතරේ දී අභිරහස් ලෙස මරණයට පත් වීමත් සමග නැවත බෲස්ලීගේ අභිරහස් මරණය ද කතාබහට ලක්වන්නට විය. බෲස්ලීගේ පුතු මරණයට පත් වූයේ රූගත කිරීමක සඳහා ගෙනැවිත් තිබූ තුවක්කුවක අහම්බෙන් ජීව උණ්ඩයක් තිබීම නිසාය. එය පසුපස ඇත්තේ ද තවමත් නොවිසඳුණු අභිරහසකි.

Rate This Article

Thanks for reading: බෘෘස්ලිගේ අභිරහස් මරණය, Stay tune to get latest Blogging Tips.

Getting Info...

Post a Comment

Cookie Consent
We serve cookies on this site to analyze traffic, remember your preferences, and optimize your experience.
Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.
AdBlock Detected!
We have detected that you are using adblocking plugin in your browser.
The revenue we earn by the advertisements is used to manage this website, we request you to whitelist our website in your adblocking plugin.
Site is Blocked
Sorry! This site is not available in your country.