‘සියදිවි නසාගැනීමේ යන්ත්‍රය’ වේදනා රහිත මරණයක් ලබා ගන්න

 


ස්විට්සර්ලන්තයේ මිනී පෙට්ටියක හැඩැති කැප්සියුලයේ නව නිපැයුම්කරුවන් පවසන්නේ එය තුළ සිටින පුද්ගලයාට සිය දිවි හානි කර ගැනීමට උපකාර වන යන්ත්‍රය නීතිමය පරීක්ෂණ අදියර පසු කර ඇති බවයි.

යමෙකුගේ උපකාරය ඇතිව සියදිවි නසා ගැනීමට හෝ, සියදිවි නසා ගැනීමට කැමති පුද්ගලයෙකුට එය සිදු කර ගැනීමට අවශ්‍ය පහසුකම් සපයා ඇති අතර ස්විට්සර්ලන්ත නීතිය යටතේ මෙයට අවසර ලැබී ඇත. 2020 වසරේ මේ ආකාරයෙන් පුද්ගලයන් 1300කට ජීවිත අහිමි කර ගැනීමට අවස්ථාව ලැබී තිබෙනවා.

SARCO යන්තුය ඇතුළත සිට ක්‍රියාත්මක කළ හැකිය. Lock-in Syndrome (ඇස් හැර අනෙකුත් සියලුම මාංශ පේශි වලට බලපාන ස්නායු රෝග හේතුවෙන් චලනය කළ නොහැකි රෝගයකි.) වලින් පෙළෙන අයට එය භාවිතා කළ හැක්කේ ඇසිපිය හෙලන සැණින් පමණි. එවිට කැප්සියුලයේ ඔක්සිජන් මට්ටම ද අඩු කරයි. මෙම ක්‍රියාවලිය මිනිත්තුවකට වඩා අඩු කාලයක් ගත වන අතර මරණය සිදුවන්නේ පටකවලට ප්‍රමාණවත් ඔක්සිජන් සැපයුමක් නොමැතිකම සහ රුධිරයේ කාබන් ඩයොක්සයිඩ් වැඩිවීම තුළින් පුද්ගලයෙකුට සාපේක්ෂව පහසුවෙන් සහ අඩු වේදනාවකින් මිය යා හැකිය.

ස්විට්සර්ලන්තයේ සියදිවි නසාගැනීම් සඳහා වෛද්‍ය ආධාර ලබා දීම නීත්‍යානුකූල වන අතර පසුගිය වසරේ ඩිග්නිටාස් සහ එක්සිට් යන සංවිධාන දෙක මගින් පුද්ගලයන් 1,300ක් පමණ සියදිවි නසා ගැනීම සඳහා බඳවාගෙන ඇත. සමාගම් දෙකම මේ සඳහා දියර ඖෂධයක් භාවිතා කරයි, මිනිත්තු දෙකකින් හෝ පහකින් ගැඹුරු කෝමා තත්වයක් ඇති කරයි, පසුව මරණය සිදු වේ.

ඉහතින් සඳහන් කළ ආකාරයට මෙම යන්ත්‍රයේ සේවය ලබා ගන්නා වැඩි දෙනෙක් Lock-in Syndrome තත්ත්වයේ පෙළෙන රෝගීන් වන නිසා මෙම යන්ත්‍රයට ඇතුළත් වීමෙන් පසු ඇසිපිය ගැසීම මඟින් සියදිවි නසා ගැනීමේ ක්‍රියාවලිය ඇරඹීමට හැකිය. එයට හේතුව වන්නේ, එම රෝගීන්ට ඇසිපිය හැර වෙනත් අවයව චලනය කළ නොහැකි වීමයි. ඉතින් එවැනි තත්ත්වයකට පත් වූ අයෙකුට ජීවත් වීම පිළිබඳ කිසිදු අරමුණක් තිබිය හැකි ද?

ජීවත් වීමේ අපේක්ෂාව අහිමි වී ගිය අයට නීත්‍යානුකූල ගිවිසුමකින් පසුව මුදල් ගෙවා සිය දිවි නැති කරගැනීමට මෙයින් හැකියාව ලැබෙනවා. වේදනාවකින් තොරව, කොටින්ම නින්දට යෑමකින් පසු යලි කිසි දින අවදි නොවීමක් එනම් මරණය ලබා දීමයි මෙම යන්ත්‍රයේ කාර්යය.

සියදිවි නසාගැනීමේ මෙම මිනී පෙට්ටිය නිර්මාණය කරන ලද්දේ ආචාර්ය පිලිප් නීට්ෂේ විසිනි. ඔහු ලාභ නොලබන සංවිධානයක් වන Exit International හි අධ්‍යක්ෂ ලෙස සේවය කරයි. නමුත් වෛද්‍ය පිලිප් නීට්ෂේ ද මෙම ක්‍රියා පටිපාටිය නිසා සියදිවි නසා ගැනීමට විරුද්ධ අයගේ විරෝධයට මුහුණ දී ඇත. එම යන්ත්‍රයේ අනාගත වැඩිදියුණු කිරීමේ සැලසුම් සඳහා ද එය විවේචනයට ලක්ව ඇත. ඇතැමුන් පවසන්නේ එය සියදිවි නසාගැනීම් ඉහළ දැමීමට හේතු වන බවයි.

දැනට ඇත්තේ මෙම යන්ත්‍රයේ මූලාකෘති දෙකක් පමණි, නමුත් Exit International තුන්වන 3D යන්ත්‍රයක් නිපදවමින් සිටින අතර එය ලබන වසරේ ස්විට්සර්ලන්තයේ වැඩ කටයුතු සඳහා සූදානම් කිරීමට බලාපොරොත්තු වේ.



ආචාර්ය නීට්ෂේ පසුගිය සතියේ ප්‍රාදේශීය මාධ්‍ය වෙත පැවසුවේ “නීතිමය ගැටලු කිසිවක් නොමැති” බවත් සියදිවි නසාගැනීම් සඳහා කැප්සියුල ලබා දීම සඳහා ස්විට්සර්ලන්තයේ විවිධ කණ්ඩායම් සමඟ සාකච්ඡා පැවැත්වෙන බවත්ය.

නීතිමය පසුබිම

ස්විට්සර්ලන්තයේ සිරිත වන්නේ මැරෙන්න කැමති කෙනෙකුට ඒ සඳහා උපකාරී වන විසඳුමක් ලබා දීමයි, නමුත් ඕනෑම තැනකට ගෙන යා හැකි මෙම යන්ත්‍රය භාවිතයේ දී එය තුළ ඇති ඇති ඔක්සිජන් ප්‍රමාණය වේගයෙන් අඩු වේ. ඒ වෙනුවට වේගයෙන් නයිට්‍රජන් වායුව පිරීම සිදු වේ. මේ ආකාරයෙන්, පුද්ගලයා මුලින්ම ක්ලාන්ත වී විනාඩි දහයකින් පමණ මිය යයි. මෙම යන්ත්‍රය ඇතුළත සිට ක්‍රියාත්මක කළ හැකි අතර, හදිසි බොත්තමක් ද ඇති අතර එයින් පිටතට යාමට එබිය හැකිය.

මෙම යන්ත්‍රය භාවිතය ස්විට්සර්ලන්ත නීතියට පටහැනි නොවන බවට සාර්කෝ සමාගම නීති මතයක් ඉල්ලා සිටියේ ශාන්ත ගැලන් විශ්වවිද්‍යාලයේ නීති මහාචාර්ය අෆ්තාබ් අහමඩ්ගෙන්. ඔහුගේ දැනුමට අනුව මෙම යන්ත්‍රය වෛද්‍ය උපකරණ ගණයට වැටෙන්නේ නැති නිසා එය ස්විට්සර්ලන්ත චිකිත්සක නිෂ්පාදන පනතේ ගණන් නොගන්නා බවයි.



පකිස්ථානයේ විශ්ව විද්‍යාලයේ වෛද්‍යවරයෙකු, නීතිවේදියෙකු සහ මහාචාර්යවරයෙකු වන ඩනිෂ් මහතා පවසන්නේ වෛද්‍ය උපකරණ වෙනත් නිෂ්පාදනවලට වඩා ආරක්ෂිත විය යුතු නමුත් ඒවා සෞඛ්‍යයට හිතකර බව එයින් අදහස් නොවන නිසා ඒ පිළිබඳ නීති රීති පවතින බවයි.

කැප්සියුලයේ නිර්මාතෘ වෛද්‍ය ෆිලිප් නීට්ෂේ පැවසුවේ යන්ත්‍රය භාවිතා කිරීමට අවසර දෙන්නේ නම්, යන්ත්‍රය සෑම කෙනෙකුටම නොමිලේ ලබා ගත හැකි වන පරිදි එහි සැලසුම ඕනෑම කෙනෙකුට බාගත කිරීම සඳහා ලබා දීමට අදහස් කරන බවයි.

ඔහු සම්මුඛ සාකච්ඡාවකදී කියා සිටියේ මරණ ක්‍රියාවලිය වෛද්‍ය නොවන ක්‍රියාවලියක් බවට පත් කිරීම සහ කුමන ක්‍රමය ගත යුතුද යන්න තීරණය කිරීමට මියගිය පුද්ගලයාට බලය ලබා දීම තම අරමුණ බවයි. ආචාර්ය ෆිලිප් නීට්ෂේ දිගු කලක් ස්වයං ජීවිතය නැති කර ගැනීමේ අයිතිය වෙනුවෙන් සටන් කර ඇති පුද්ගලයෙකි.

Rate This Article

Thanks for reading: ‘සියදිවි නසාගැනීමේ යන්ත්‍රය’ වේදනා රහිත මරණයක් ලබා ගන්න, Stay tune to get latest Blogging Tips.

Getting Info...

Post a Comment

Cookie Consent
We serve cookies on this site to analyze traffic, remember your preferences, and optimize your experience.
Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.
AdBlock Detected!
We have detected that you are using adblocking plugin in your browser.
The revenue we earn by the advertisements is used to manage this website, we request you to whitelist our website in your adblocking plugin.
Site is Blocked
Sorry! This site is not available in your country.