මාර්තු මුල සතියේ වෙන්න යන දේ


මාර්තු මුල් සතිය තුළ පෘථිවි භූ තැටිවල ප්‍රබල කම්පනයක්

මාර්තු මාසයේ පළමු සතිය තුළ පෘථිවි භූ තැටිවල ප්‍රබල චලනයන් සිදුවිය හැකි බව ඉරාකයේ බැග්ඩෑඩ් විශ්වවිද්‍යාලයේ, භූ විද්‍යාඥයෙක් පුරෝකථනය කර තිබේ.

ඔහු පවසන්නේ චන්ද්‍රයා, පෘථිවිය සහ අඟහරු ග්‍රහයා අතරට පැමිණීමත් සමග භූ තැටි මත ඇතිවන තෙරපීමෙන් ප්‍රබල භූකම්පන සිදුවීමේ ඉහළ සම්භාවිතාවක් පවතින බවය.

තුර්කි - සිරියා දේශ සීමාවේ සිදු වූ භූ කම්පනය පිළිබඳව පළමුව පුරෝකථනය කළ ලන්දේසි ජාතික විද්‍යාඥ ෆෑන්ස හූගර්බීට්ස් ද ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මෙවැනිම අදහසක් පළ කර තිබුණි.

කෙසේ වුව ද පිළිගත් විද්‍යාඥයින් පවසන්නේ ග්‍රහ පිහිටීම මත පදනම් ව භූ කම්පන පිළිබඳව අනාවැකි පළ කිරීම භූ කම්පනය පිළිබඳ ඇති පිළිගත් පරාමිතීන්ට පටහැනි බවය.
 
මේ අතර ඊයේ (27) තුර්කියේ මලට්යා නගරය ආසන්නයේ රික්ටර් මාපාංක 5.6 ක ප්‍රබලත්වයෙන් යුතු භූකම්පනයක් හටගත්තේය. 

ඉන් එක් අයෙක් මිය ගොස් තවත් පුද්ගලයින් 110කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

භූ කම්පනයෙන් ගොඩනැගිලි 29ක් විනාශ වූ බව තුර්කි බලධාරීන් තහවුරු කර තිබේ.

එම භූ කම්පනය වාර්තා වුණේ පුද්ගලයින් 60,000 කට ආසන්න පිරිසකට මරු කැඳවූ තුර්කි - සිරියා භූකම්පනයෙන් සති තුනකට පසුව ය.

Source - AdaDerana

Rate This Article

Thanks for reading: මාර්තු මුල සතියේ වෙන්න යන දේ, Stay tune to get latest Blogging Tips.

Getting Info...

Post a Comment

Cookie Consent
We serve cookies on this site to analyze traffic, remember your preferences, and optimize your experience.
Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.
AdBlock Detected!
We have detected that you are using adblocking plugin in your browser.
The revenue we earn by the advertisements is used to manage this website, we request you to whitelist our website in your adblocking plugin.
Site is Blocked
Sorry! This site is not available in your country.