සරම ගැන ඔබ නොදත් කරුණු


 සරම... 🤭

සරම යනූ මහා පුදුම භාණ්ඩයකි..

තාත්තා නිදාගෙන ඇහැරෙන විට එය තාත්තාගේ ඇඟේම තිබීමත්...

මා නිදාගෙන ඇහැරෙනවිට එය ඇද පල්ලේ තිබීමත් සරමටම ආවෙණික වූ විසේස ලක්සනයකි....

තරුණයින්හට තමන්ගේ අත්දැකීම් ලබා ගැනීමට හා පාන්දර ජාමෙට ටෙන්ට් ගැසීමට සරම බෙහෙවින් උපකාරී වෙයි...

අම්මා... අක්කා... නංගී... ආච්චී... මෙකී නොකී සියළුදෙනා නාන විටදී මෙය දිය රෙද්දක් ලෙසටද භාවිතා කරයි....

දින ගණනකින් සේදීමට අමතක වූ කළ මෙය ටකරමක් ලෙසද බාවිතා කළ හැක...

විසේසයෙන්ම සරම ඔලුවෙන් ගෙන ඇදීමත්, කකුල් දෙක දමා ඇදීමත් යන දෙයාකාරයටම සිදුකල හැකිවීම පුදුමයට ලක්විය යුතු කරුණකි....

කලට වෙලාවට නොසෝදන සරම කකුල් දෙක දමා ඇදීම, තමාගේම නහයට, තමා විසින්ම සිදුකරන ගෞරවයකි...

මෙය පිට පොට ගසා අමුඩයක් ලෙසටද භාවිතයට ගත හැක...

පොල් ගස් නැගීමට සරම බෙහෙවින් උපකාරී වෙයි...

මෙය ඔබව නිතරම බල්ලන්ගෙන් හා මදුරුවන්ගෙන් ආරක්ෂා කරයි...

වෙළදපොලේ විවිධ ජාතියේ සරම් විකිණීමට තිබේ...

අපේ ජාතික ඇඳුමේ ද සරම ඇත...

මිල අධික සරම කොලිටිය... මගුලකට පවා ඇදිය හැක...

මළගිය ඇත්තෙකුට පවා මෙය ඇන්දවිය හැක...

ලාබ සරම ඝාන්ටාර මාක් ලෙසද හදුන්වනු ලැබේ... 

එකල චන්ඩියාද ඇන්දෙ සරමය...

සටනකදී බිමට නොනැමී කකුල උස්සා සරමේ යටපොට උඩට ගැනීමේ විසේස දස්සතාවය චන්ඩියා පුරුදු පුහුණු කල යුතු ගුණාංගයකි...

සටන්වලදී චන්ඩියාට මෙහි මළපහ ගිය අවස්ථා ද නැතුවා නොවේ...

මානව සරීරයේ කටක් සහ දත්පෙලක් පිහිටීමට ප්‍රධාන හේතුව වී ඇත්තේද සරමයි... 

කලිසමක් මාරු කිරීමේදී සරම බස්සවා කලිසම මෙව්ව කරන තුරු සරම අල්ලා සිටින්නෙ කටිනි.. 

එය විටෙක ඇඳුම් සාප්පුවක ඇති ෆිටෝන් රූම් එකක් වැනි මාර ප්‍රයෝජනවත් ආවරණයකි...

සරම බහුකාර්ය උපකරණයකි...

ඇදීමට අමතරව සරම උස්සා ඒ මතට යම් යම් දේ දමා කැහැපොට ගසා ගැනීමෙන් භාණ්ඩ රහසේ ප්‍රවාහණය කල හැකිය... 

සරම සරලය... 

අවාසිද සහිතය... 

ඔලුවෙන් හිට ගැනීමේදී සිදුවන අක්‍රමිකතා රාශියකි...

සමහරවිට එය අන් අයගේ සිහි විසඤතාව, මානසික අසහනය හා බව්මික අඛණ්ඩ තාවයට හානි පැමිණිය හැකි භයානක ආයුධයකි...

සරමේ ප්‍රධානම කොටස ඉටුකරන්නේ එහි ගැටයයි.. 

ගැටය මගින් ඔබගේ විළිබිය රැකීම උදෙසා මුළු සමස්ත සරමම පාලනය කරණු ලබයි... 

බසයේ යනවිට සරමක් අදින්නේ නම් ඔබ සරමේ ගැටය ගැන සැලකිලිමත් විය යුතුය....

එයට හේතුව පොඩි එවුන් පැමිණ සිටගත්විට එල්ලෙන්නේ ඔබේ සරමෙ බැවිනි...

එමනිසා ළමා මනස දූශණය වීම වැලැක්වීමට ගැටය ගැන විසේසයෙන් සැලකිලිමත් විය යුතුය...

විටෙක මෙය විලි වැසීමේ උපකරණයකි... විටෙක මෙය පොරෝනයකි... විටෙක මෙය දිය රෙද්දකි... විටෙක මෙය බඩු ගෙනයා හැකි මල්ලකි... විටෙක මෙය ආරක්සකයෙකි... 

අත්‍යාවශ්‍යය වෙලාවට බෙල්ලේ වැල දා ගැනීමට ද මෙය උපකාරී වෙයි...

තව කීමට බොහෝ දේ තිබුණත්... 

අපට නම් සරම වනාහී මිල කළ නොහැකි ආවරණයකි...

ඒ කෙසේ වෙතත් මේ දවස්වල නං සමරෙගේ සරමේ සමරය...

උපුටා ගැනීමකී ස්තූතියී

Rate This Article

Thanks for reading: සරම ගැන ඔබ නොදත් කරුණු, Stay tune to get latest Blogging Tips.

Getting Info...

Post a Comment

Cookie Consent
We serve cookies on this site to analyze traffic, remember your preferences, and optimize your experience.
Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.
AdBlock Detected!
We have detected that you are using adblocking plugin in your browser.
The revenue we earn by the advertisements is used to manage this website, we request you to whitelist our website in your adblocking plugin.
Site is Blocked
Sorry! This site is not available in your country.