වඳුරු පිල්ලිය ⁣( හොල්මන් කතාවකි )

 


සත්‍ය හොල්මන් කතාවකි 

වඳුරු  පිල්ලිය

(තම පමණ නොදැන හැසිරී විනාශ වීම)


          ඉතිං කලින් කතාවල කිව්වා වගේ මම යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ශාස්ත්‍රය හැදෑරුවා පාරම්පරික ගුරුවරයින් ලග. ඉතිං මගෙ එක් ගුරුවරයෙක් මේ දේවල් වල යෙදුන කාලේ වෙච්ච ඉතාම සත්‍ය සිද්දියක් තමයි මේක.. මේක වෙලා තියෙන්නෙ කොහොමහරි 1900 ගනන්වල වගේ තමයි මට කාලයක් හරියටම කියන්න අමාරුයි..

        පහතරට මන්ත්‍ර ශාස්ත්‍රය,වෙදකම කියන දෙකම තමන්ගෙ තාත්තාගේ පාර්ශවයෙන් පොඩි කාලේ ඉදලා හදාරලා ආඬි පරපුරෙන් ආ කවුරුත් අදුනන ගම් පිටින් හොල්ලන් හිටපු ඒ ගුරුන්වහන්සේව ඒ කාලේ තැරෑලෙ කට්ටඩි කිව්වාම තමයි අදුරන්නෙ.. ඉතිං මෙයා අන්තිම කාලෙදි ඌව පලාතට තමා ඇවිත් හිටියෙ. මෙහෙට එන්න කලින් වෙච්ච සිද්දියක් තමයි මේ කියන්න යන්නෙ..


      තැරෑලෙ ගුරුන්වහන්සෙ තමයි ඒ ගමේ හිටපු වෙදමහත්තයා..ගමේ විතරක් නෙවේ පිට ගම් වල මිනිස්සු පවා හදිසි අසනීපයකට තෙලක් නූලක් ජීවං කරගන්න බැල්මකට මතුරගන්න ඉදලා මහා තොවිලයක් කරන්න ඕන වුනත් එන්නෙ මෙයා ලගට..​කොච්චර හොද වැඩ කරත් මනුස්සයා ඒ වගේම තමන්ට අකටයුත්තක් කාගෙන් හරි වුනොත් පොර අනිත් පැත්තට තියලා තිරිසන් විදිහට අඹරලා දාන්න ගන්නෙත් ඉතිං පොඩි වෙලාවයි.. කරොත් කරාමයි සදා සොත්ති..❌ හොදටම වයසට ගිහින් තිබ්බාත් අපි ඉදපු කාලෙත් ඒ ගතිය එහෙමම තිබුනා වෙනසක් නෑ 😂🤭🤭🤭 ඉතිං බය මුසු ලොකු ගෞරවයක් ගමේ මිනිස්සුන්ට ගුරුන්වහන්සෙ ගැන තිබුනා. 

         පරම්පරාවෙන් උරුම වෙච්චි හොඳ නරක දෙකම එකතු කරන් ඒ පැත්ත පලාතම හොල්ලගන හිටියා ඒ කාලේ.. එයා අද වෙද්දි ජීවතුන් අතර නැතත් අදටත් ගමේ අය උන්දා ගැන හොඳටම දන්නවා.. තැරෑලෙ ගුරුන්වහන්සෙට ගුරුකම් ශාස්ත්‍රය කියන්නෙ ඉතින් මුලු ජීවිතේම. මිනිහා පාඩුවේ හිටියට තමා එක්ක ඔරොප්පුවට එන උන්ව ලේසියකට අතහැරලා දාන්නෙ නෑ.. සුපුරුදු විදිහටම තමන්ගෙ වැඩ ටික කරගන ගියා...


       ඔය කාලයේ අල්ලපු ගමට ඇවිල්ලා තිබුනා තවත් කට්ටඩියෙක් ජෙමානිස් (ජෙමා) කියලා. මෙයාත් පරපුරකින් පැවත එන මන්ත්‍ර ගුරුකම් වල නිරත වෙන කෙනෙක්..හොදට වඩා මිනිහාත් නරක වැඩ කරන කෙනෙක්.. මිනිහා මේ ගමට ඇවිත් තියෙන්නෙ මීට කලින් ඉදපු ගමේ මිනිසුන්ට කොඩිවින හිරිහැර වගේ දේවල් කරලා මිනිස්සු ගමෙන් එලවලා.. ගමෙන් ඇවිත් තියෙන්නෙත් ගමටම කොඩිවිනයක් කරලා...ඉතිං අලුතෙන් ආපු ඒ කට්ටඩි මහත්තයාත් ගමේ පොඩි පොඩි වැඩ පටන් ඇරන් ගිහින් තියෙනවා..ඒ ගැන වැඩි විසේස තැකීමක් නොකරේ තමන්ගෙ පාඩුවේ තමන් වැඩ ටික කරගන හිටපු නිසායි. කාලයක් ඔහොම ගතවෙලා ගියා.. ජෙමා කට්ටඩියා වැඩ කරන ගමන් මිනිස්සු බය කරමින් ඉඩම් අත්පත් කරගන්න ඇරන් තියෙනවා. මිල මුදල් ගසාගන, බව බෝග ගෙන්වාගන්න පවා වගේ දේවල් කරලා තියෙනවා.. මිනිස්සුන්ට වින කටින ගමන්.ඒ අතරෙ ජෙමා තැරෑලෙ කට්ටඩියා ගැන දැනගන හිටියා. ඔහුව එලවගන්න ඕන කියලත් හිතාගන තිබ්බා..ඒ මේ සියලුම ගම් පලාත තුල තමාට තනියම රජකම් කරන්න පුලුවන් වෙයි කියලා හිතාගන.. ඉතිං මේක කටින් කට ඇවිත් තැරෑලෙ ගුරුන්වහන්සෙට ආරන්චි වුනත් මහා තැකීමක් නොකර මිනිහා තමාගෙ වැයික්කියේ සෙල්ලම් දාන්න ආපු දවසට අන්තිම කතාවත් ලියනවා කියලා හිතන ගමන්..  


      හිතපු විදිහටම තැරෑලෙ ගුරුන්වහන්සෙගෙ කනට කාලයක් ගෙවීගන යද්දි මේ ජෙමාගෙ විගඩම් ගැන සැරටම ආරන්චි වෙන්න ගත්තා.. තැරෑලෙ ගුරුන්වහන්සෙගෙ සාත්තරය බොරු බවත් මිනිසුන්ට කියා තිබුනා..තව ඔහු කරපු වැඩ වගයක් ජෙමා බාරගන කරලා වගේ ටික ටික විනාසය පටන් ගන්න ගත්තා...ඔහුගෙ පරපුර ගැන මහා වර්ණනා කරන ගමන් තැරෑලෙ ගුරුන්වහන්සෙගෙ පරපුර ඉතා පහත් කරලා මිනිස්සු එක්ක කියවා තිබුනා.. ඉතිං ගමේ මිනිස්සු ගොඩක් දෙනා තැරෑලෙ කට්ටඩි කියන්නෙ සර්පයෙක් වග හොඳටම දැනගන හිටපු නිසා ඊලගට මොනවයින් මොනවා වෙයිදෝ කියලා බලාගෙන හිටියා....


     ඔය අතර තැරෑලෙ ගුරුන්වහන්සෙ දවසක් තොවිලයකට ගිහින් තිබ්බ අතරතුරක ජෙමා කට්ටඩියා ගුරුන්වහන්සෙගෙ ගෙදරට ඇවිත් තිබුනා. නිකං නොවෙයි කොඩිවිනයකුත් හදාගන. ඉතිං ගුරුන්වහන්සෙ හෝ කිසිම කෙනෙක් ගෙදර නැතැයි සිතා රෑ මැදම කොඩිවිනය වලදා යන්න ගියා..ඒත් ගෙදර ගුරුන්වහන්සෙගෙ හාමිනේ ඉදලා තියෙනවා... හාමිනේ කිසිම දෙයක් නොදන්න ගානට සියලුම දේ හොරෙන් බලාගන ඉදලා තියෙනවා.. ගුරුන්වහන්සෙ ආපු ගමන් වෙච්ච සේරම සිද්දිය ගුරුන්වහන්සේට කිව්වා.. තැරෑලෙ සීයාට ඉහ වහා යක්ෂාරූඪ වුනා.. කෙලින්ම ගියා ජෙමා හොයාගන ගෙදරටම.. ඊටපස්​සෙ ජෙමා එක්ක ලොකු බහින් බස් වීමක් ඇතිවුනා.. 

"තෝ අහවල් එකටද බොල මගේ ගෙදර මං නැතිවෙලාවෙ ඇවිත් වින වලදාලා යන්නෙ තොට කොහෙන් ආපු හයියක්ද?"


"අනේ හාමු උඹ කරන කෙරුවාව මුලු ගමම දන්න නිසයි උඹට එන වැඩත් මට කැරකිලා එන්නෙ. උඹ කරන ඒවාට උඹව ගමින් එලවනවා මම කොහොමෙන්හරි.."


"ජෙමා උඹ දැනගනින් මෙච්චර කල් තොගෙ පිනකට මගෙන් බේරිලා හිටියෙ. හැබැයි මින් මතුවට මම එහෙම ඉදි කියලා තෝ හිතන්ට එපා.."


"හරි එහෙනම් බලමුකො ගුරුන්වහන්සෙ. උඹත් මං ගැන දන්නැති ගානයි. හොදයි බලාගමු.."


   මහසොහොනා ආරූඩය ගත්තා වගේ ගුරුන්වහන්සෙ ගෙදරට දුවගෙන ගියේ කේන්තිය උහුලන්න බැරි තැන. මොන දේ කරත් තමන්ගෙ පරපුර පහත් කරද්දි උහුලන්නෙ නැ... විනේ වලදාපු තැනින්ම ගොඩ දාලා ඇල පාරට දැම්මෙ නිවස ආරක්ෂා කරලා තියෙන නිසා කරන කිසිම විනයක් බලපාන්නෙ නැ කියා දන්නා නිසාවෙන්......


     ඒ වැඩ ඉවරකරලා හදිසියේම ආවතේව කොල්ලාත් ගෙන්නගන මේක ගැන කතාකරන්න වුනා..


"මූට නටන්න දීලා මම පාඩුවේ ඉදලා කොරගත්තෙ මහ ගොං කමක් බොල.. මේක නතර වෙන්නෙම නෑ.. උන්දව මම යවන්නම් පොලොවටම.."


"ගුරුන්වහන්සේ අපි දැන් ඌට මොකදෑ කරන්නෙ?"


"ඕකාට...? ඕකාට මම මේ පාර කරන්නෙ කිසි එකෙක් ඕකාට මේ වෙනකල් නොකරපු දෙයක්.. ලැහැත්ති වෙයං වඳුරු පිල්ලුවක් යවන්ඩ.." 


"ගුරුන්වහන්සෙ. ඔය වැඩේ බරපල වැඩි නැතෙයි?"


" හහ්... බරපතල? ඒකාට මේ කරන දේත් හොඳ වැඩියි බොල. පණ්ඩිතකම නැතුව කියන දේට ලැහැත්ති වෙයන්..!"

 උත්තරය එච්චරමයි....


     කොහොමහරි ගුරුන්වහන්සෙගෙ ආවතේව කොල්ලාත් එක්ක අවපක්ෂේ දිනයකුත් දාගෙන දරුණු වැඩකට අත ගහන්න වුනා.. ඉතිං ඔය වදුරු පිල්ලුව යවන්න ඕනා වෙන අත්‍යවශ්‍ය දෙයක් තමා වදුරු ඔලු කට්ටක්.. ඒ වෙද්දි ඒ දේවල් ගුරුන්වහන්සෙ ලග තියාගන තිබුනා.. කලින්ම ගිහින් ඌට මේක කරන්න කලින් ආරක්ෂා බිදින්න ඕනෑ කියා ආවතේව කොල්ලාට දෙයක් හදා දුන්නා ඉහින්න කියා.. කොල්ලා ඒ ටික ඉවර කරලා ආපු ගමන් ගුරුන්වහන්සෙ වැඩේට ලැහැත්ති වුනා.... ජෙමාත් ඔය අතර නිකං හිටියෙ නෑ.. පුලුවන් වෙර දාලා ගුරුන්වහන්සෙට වින කටින්න විවිද දේවල් කරන්න වුනා...


    ඉතිං දිනයක් දාගන සොහොන් පොලට අවශ්‍ය කලමනා ටික ගෙනිහින් ජාම වෙලාවට අදාල පිදෙන්න හදාගත්තා. කොල්ලාගෙ උදව්වත් එක්ක සේරම වැඩ ටික කරගන සොහොහෙනම පුලුටු බිත්තර මස් වර්ග හැමදේම බැදලා කරලා හදාගත්තා... ඉතිං ආවතේව කොල්ලත් මේ වගේ ගුරුකම් වලට ගුරුන්වහන්සෙ එක්ක නිතරම යනවා... ඒ නිසා හැමදේම දැනන් හිටියා.. රෑ වෙද්දි තටුවෙ ඔක්කොම පුද තියලා ජෙමාගෙ මර වෙලාව අල්ලගත්ත ගුරුන්වහන්සෙ වදුරු ඔලුවෙ ලෙයින් නම ලියලා තටුවෙ තියලා පලතුරුත් වටේට තියලා කුකුලා පාමුල ගැට ගහන් වැඩේ පටන් ගත්තෙ "මොනවා වුනත් තෝ හෙම කොහෙවත් ලගින්න යන්න එපා. ඉල්ලන ටික ඉල්ලන වෙලාවට මට දීපං" කියලා කොල්ලාට කියමින්.. ඉතිං කොල්ලා ඔලුව වනලා ලගටම වෙලා ඉදගන ගුරුන්වහන්සෙට අවශ්‍ය අගුරු දුම් සපයන්නට වුනා...

     තටුවෙන් අවසර ඇරන් කෙලින්ම මූලික දේවල් ඉවර කරලා මුල දිෂ්ටියට අඬගහන්න පටන් ගත්තා... ඉතිං මූල දිෂ්ටියට අඬගහන්න ගත්තු ගමන් මුලු සොහොනම වෙනස් වෙන්න පටන් ගත්තා.අත්වර කාරයා ඉදිරියට වෙන දේ හොඳින්ම දන්න නිසා තමන්ගෙ කටයුත්ත හොදින්ම කරගන හිටියා.. ඉතිං දිෂ්ටිය අතරතුර තටුව වටේට වවුලන් ඉගිලෙන්න පටන් ගත්තා.. අත්බූත සිද්දි කීපයක් වෙලා.. ඉතිං දිෂ්ටිය අහවර කරලා ජීවම පටන් ඇරන් තියෙනවා. වදුරු ඔලුවත් අල්ලගන පාන්දර ජාමය වෙනකල් ජීවම් කරගන යද්දි තටුව එකපාරටම වෙව්ලන්න ගත්තා එක දිගට. ඒ එක්කම තටුව ඉදිරිපස ඈතට වෙන්න කලු මනුස්ස ඡායාවක් පෙනෙන්න පටන් ගත්තා... දුම් දෙන ගමන් මතුරන අතර වැඩේ ගානට හරියාගන එන බව තේරිච්ච ගුරුන්වහන්සෙ කොල්ලාට කියලා කුකුලා ලිහලා ඒ දිහා බලාගනම කැප මන්ත්‍රය කියලා වදුරු ඔලුවට තියලා කුකුලාගෙ බෙල්ල කපලා බිලි දුන්නා... ලේ ගොටු තුනක් තියලා ජීවම එහෙම්ම ඉවර කරා... 

       එහෙමම එලි වෙනකල් ඉදලා හදාගත්ත ගොට්ටකට වදුරු ඔලුවයි පලතුරු ටිකයි දාලා එහෙමම වදුරන් එන ගහක තුන් බෙලේක රදවලා තිබ්බෙ වෙන මොනවටවත් නෙවෙයි. ඒ තිබ්බ පල වැල වදුරෙක් කනකල්... කොහොමහරි ඒ පලාතේ වදුරෝ ගොඩක් නිතරම ගැවසෙන නිසා වැඩේ එච්චර අමාරුවක් වුනේ නෑ...

      ටිකක් වෙලාව පහුවෙනකල් ගුරුන්වහන්සෙයි අත්වරකාරයයි බලාන උන්නා.. ඉතිං වෙලාවක් ඔහොම බලාන හිටියා කොහොමහරි දවල් වෙන්න ඔන්න මෙන්න තියද්දි වදුරු රංචුවක් ඇවිත් තියෙනවා. ටික වෙලාවක් ගැවසිලා පිරිසක් එතනින් යද්දි එක වදුරෙක් අර ගොට්ට දැකලා එතනට ඇදුනා.. මේ ඔක්කොම වෙන දේවල් ගුරුන්වහන්සෙයි ආවතේව කොල්ලයි බලාගනම හිටියා.. අර වදුරා ගොටුවට අත දාලා අඹ ගෙඩියක් කෑවා.. කාලා ටික වෙලාවක් එතනම ඉදලා එහා මෙහා වෙන්න ගත්තා... ටික වෙලාවකින් වදුරා ගිරියෙන් කෑ ගහන්න ගත්තා කට දෙපැත්තෙන් සෙම කෙල බේරෙන්න ගත්තා.. ඇස් දෙකත් රතට රතේ ගොඩක් රුදුරු​ පෙනුමක් සතාගේ ඇතිවෙන්න ගත්තා.. පහුරු ගාන ගමන් මර හඩ දීගන විදුලි වේගයෙන් ඒ ගසින් වෙන ගසකට පැන පැන වේගෙන් නොපෙනී ගියා....

 " හහ්. කොලුවෝ. වැඩේ හරි.. උඹට හොදටම විස්වාසයි නේද අරූට අර දුන්න දේ කලින් හරියටම කරා කියලා???"


"ඔ. ඔව් ගුරුන්වහන්සෙ හරියටම කලින් දීපු දේ උගෙ ගෙදරටම දාලා ආවේ මම"


"එහෙනම් වැඩේ කම්මුතුයි. ගොහින් ගෙනෙන් අර මහා ජීවං තෛල රාජයා ටිකක් උඹත් ගාගන ගේ උලුවස්සෙත් ගාපිය.. ආපහු අත් වැරැද්දක් වුනත් අපිට හානි නෑ.."


     කියපු තැරෑලෙ ගුරුන්වහන්සෙ ආරංචියක් එනකල් බලාගන හිටියා.. කොල්ලා වෙනත් වැඩකට පිටත් වී ගියා...

   හවස් ජාමය වෙද්දි ආපහු ආවතේව කොල්ලා දුවගෙන ආවේ හති දාන ගමන්..


"මොකද බොල හති දාගෙන???!"


"ගුරුන්වහන්සෙ වැඩේ හරි.!! අන්න ජෙමා ගුරුකමක් ජීවම් කර කර හිටපු අතරේ ජනේලයෙන් වදුරෙක් කාමරේට රිංගලා ජෙමාව හපා කාලා ගෑණි දැකලා.. මර ළතෝනි දෙද්දි වටේ මිනිස්සු ගෙදරට ගිහින් බලද්දි මිනිහා සෙම දාගන ඇස් එලියට පැනලා පිස්සු නටනවාලු ගුරුන්වහන්සෙ..! "


"හහ්.. බොල ඕකා මට පරම්පරා පුරාජේරු දෙඩෙව්වානෙ නේද?දැන් බලමු උගෙ කෙරුවාව තීන්දු වෙන හැටි... "


    ජෙමා හොදටම පිස්සු වෙලා තිබුනා.. වෙද්දු ලගට, ඇදුරන් ලගට ගියත් පිහිටක් ගන්න බැරිවුනා. ඒ වෙද්දි වෙන්න ඕන දේ වෙමින් තිබ්බා. ටික ටික පිස්සු ගතිය වැඩිවුනා. ගෙදර මිනිස්සු මිනිහාව බැරිම තැන ගැටගහලා තිබ්බා ලගට එන එන අයත් හපාකන්න තැත් කරපු නිසා.. ඔහොම දවස් කීපයක් කාමරයකට කොටු වී බලු දුක් විදපු ජෙමානිස් කට්ටඩියා ගෙදර මිනිස්සු දොර අරිද්දි මැරී වැටී තිබුනේ ඇස් එලියට පැනලා,කට ඇරිලා දිව එලියට දාගන එතනම මුත්‍රා බඩ ගිහින්, හම උඩට ලේ පැල්ලම් හිටිමින්.. ඒක වචනයකින් විස්තර කරන්න බැරි භයන්කර වේදනාකාරී මරණයක් වග හැමෝම තේරුම් ගත්තා..

       ජෙමානිස්ගෙ මරණය ගොඩක් අභිරහසක් වුනත් ඒක වෙච්ච විදිහනම් ගමේ මිනිසුන් දැනගන හිටියා. දැනගන හිටියත් ඒ ගැන වැඩිය කතා කරන්න ගියේ නෑ.. ජෙමා කට්ටඩියාගෙ අවසන් කටයුතු ගෙදර හා ගමේ අය අතින් කෙරුනා.. බිහිසුණු සිද්දිය එතනින් අවසන් වුනේ තමාගේ තරම දැනගන සිටියානම් එලෙස වෙන්නෙ නැති බව පසක් කරමිනි..


     ඉතිං යාලුවනේ ඔහොම තමයි මේ කතාව ඉවරවෙන්නෙ.. මේක මගේ ගුරුන්වහන්සෙ කෙනෙක් හා එයාගෙ විරුද්ධවාදියෙක් අතර වෙච්ච සත්‍ය සිද්දියක්.. ඒ ගුරුන්වහන්සෙ දැන් ජීවතුන් අතර නෑ..මේ සිද්දිය දන්න දැකපු කීප දෙනෙක් දැනට ඉන්නවා.. 


      මේ වදුරු පිල්ලුව මට පාරම්පරිකව ගුරුතුමාගෙන් දායාද වෙලා තියෙනවා.. මේවාට ආස කරන අය හොයන අය ඉන්න නිසා මේ කතාවේ ගියපු කතාවත් තව ටිකක් පැහැදිලි වෙන්න මම ඒ ගුරුකම ගැන සරලව විස්තරයක් දෙන්නම්.... ඉතිං මේ ගුරුකමට අර කිව්ව විදිහටම වදුරු ඔලුවක් ඕන කරනවා සොහොනක අදාල වෙලාවට වදුරු පිල්ලු පිදෙන්න හදලා අදාල පුද සේරම තියලා පල වැල,කැවිලි,දලු ජාති, පුලුටු,මස් වර්ග වගේ හැමදේම තියන්න ඕන. තියලා ඔලුවෙ විනාස කරන්න ඕන හතුරාගෙ නම ලියන්න ඕන.. ඊටපස්සෙ සම්පූර්ණ මේක ජීවම් කරන්න ඕන. ජීවම ඉවරවෙලා මේ ඔලුවයි පලතුරු කීපයයි ගොටුවක් හදලා ඒ ගොටුවට දාලා ගහක් උඩ රදවලා තියන්න ඕන වදුරෙක්ට කන්න.. නැත්තම් වදුරෙක්ට හරි දෙන්න පුලුවන්... එතනින් වදුරා පලතුරක් ඇරන් කනවා. කාපු ගමන් ඒ වදුරාට පිස්සු වෙනවා. යක්ෂ දිෂ්ටිය වැහිලා එවෙලෙම නම ලියපු හතුරාව හොයාගන ගිහින් සපා කනවා.. කාපු ගමන් මිනිහාට පිස්සු හැදෙනවා වදුරටත් පිස්සු හැදෙනවා.. වදුරා හා මිනිහා දෙන්නාම දවස් 7 න් අපා දුක් විඳලා මැරෙනවා.. මේකෙ විසේසත්වය තමයි කොහොමවත් බේරගන්න බෑ.. වෛද්‍ය විද්‍යාවට හෝ ගුරුකම් වලින්..පිල්ලිය වදින කෙනා මැරෙනවාමයි.. 💀☠👹


by EduLk Whatsapp Group Member Vinush

Rate This Article

Thanks for reading: වඳුරු පිල්ලිය ⁣( හොල්මන් කතාවකි ), Stay tune to get latest Blogging Tips.

Getting Info...

Post a Comment

Cookie Consent
We serve cookies on this site to analyze traffic, remember your preferences, and optimize your experience.
Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.
AdBlock Detected!
We have detected that you are using adblocking plugin in your browser.
The revenue we earn by the advertisements is used to manage this website, we request you to whitelist our website in your adblocking plugin.
Site is Blocked
Sorry! This site is not available in your country.