දේදුන්නේ කළු, දුඹුරු සහ අළු වැනි වර්ණ නැත්තේ ඇයි?

 


ප්‍රශ්නය අහන්නේ එක්සත් රාජධානියේ කෙන්ට් හී සිව් හැවිරිදි අයිවි දරුවා

පිළිතුරුදෙන්නේ, නොටින්හැම් ට්‍රෙන්ට් විශ්ව විද්‍යාලයේ, ජේම්ස් රෝලින්ග්ස්

වැහි වලාවකින් පස්සේ නැවත හිරු පායන්නට පටන් ගත් පසු අහසේ පායන දේදුනු අප බොහෝ දෙනෙකු දැක ඇත. අපට හිතෙන ඕනෑම විටක දේදුනක් දකින්න බැහැ කියලත් අප බොහෝ දෙනා දන්නවා. ඔව්, අපට දේදුන්නක් දැකීමට නම්, කොන්දේසි හරියටම හරියන්න ඕනි තමයි. මේවා මොනවද කියල බලමු.

අපට වර්ෂාව හෝ මීදුම වැනි වාතයේ ජල බිඳිති කිහිපයක් තිබෙන අවස්ථාවක් අවශ්‍ය වවෙනවා(වැස්සකට පස්සේ ඒ වගේ අවස්ථා උදා වෙනවා) ඒ වේගේම සූර්යයා අපට පිටුපසින් හා බිමට තරමක් පහත් සිටින්නත් ඕනි. මෙයට හේතුව ඒ දේදුන්න නිර්මාණය වෙන්නේ ජල බිඳිති හරහා ආලෝකය ගමන් කිරීමෙනි.

සූර්යයාගෙන් එන ආලෝකය අපට සුදු පැහැයෙන් තමයි පෙනෙන්නේ. නමුත් අපි එදිනෙදා ජීවිතයේදී දකින සුදු ආලෝකය ඇත්ත වශයෙන්ම විවිධ වර්ණ මිශ්‍රණයකින් තමයි සෑදී තියෙන්නෙ. ආලෝකය වැහි බිංදුවක් හරහා යන විට, මෙම වර්ණ වෙන් විය හැකි අතර වෙන් වෙන්ව දැකගන්නත් පුළුවන් 

ආලෝක තරංග

ඔබ එය ගැන නොදන්න නිසා ඔබ එය දෙස නොබලනවා වෙන්නට ඇත. එසේනමුත් ආලෝකය ගමන් කරන්නේ තරංග හැටියටය. හරියට මුහුද හරහා තරංග ගමන් කරන ආකාරයටයි. දේදුන්නෙහි ඇති සෑම වර්ණයකටම අප වෙනස් “තරංග ආයාමයක්”(“wavelength”) යනුවෙන් අප විසින් හඳුන්වනු ලබන දෙය ඇත.

මෙයින් අදහස් කරන්නේ තරංගයේ මුදුන් අතර දුර එක් එක් වර්ණය සඳහා වෙනස් දිගක් බවයි. කෙටිම තරංග ආයාමයක් සහිත වයලට් සිට දිගම ආයාමය වන රතු දක්වා වර්ණ අඩංගු ආවලිය “දෘශ්ය වර්ණාවලිය”(visible spectrum) හෙවත් අපට ඇහැට පෙණෙන වර්ණාවලිය ලෙස හැඳින්වේ. ,

අපි නිතර ඇඳ පුරුදු කඳුළු බිඳුවල හැඩවලට වඩා වැහි බිඳු කුඩා බෝල වගේ හැඩයක් ගනී. මෙම කුඩා ජල බෝල වලින් එකකට ආලෝකය වැදුණු විට ආලෝකය ගමන් කරන දිශාව වෙනස් විය හැක. අපි මෙය “වර්තනය” (“refraction”) ලෙස හඳුන්වමු.

එක් එක් තරංග ආයාමය තරමක් වෙනස් ප්‍රමාණයකින් වර්තනය වේ. ආලෝකය, නියම කෝණයකින් වැහි බිංදුවට වැදුනහොත්, වර්තනය තරංග ආයාම ඒවායේ විවිධ වර්ණවලට වෙන් කරයි. වැහි බිඳු රාශියක් හරහා ආලෝකය විශාල ප්‍රමාණයක් වර්තනය වන බැවින්, අපට මෙම වර්ණ අහසේ දේදුන්නක් ලෙස පෙනේ. වර්ණ එන අනුපිළිවෙල සකස් වන්නේ ඒවායේ තරංග ආයාමය කොපමණ දිගද යන්න මතය.

දේදුන්න ගැන අප ඉගෙන ගන්නා විට රතු, තැඹිලි, කහ, කොළ, නිල්, ඉන්ඩිගෝ සහ වයලට් යන වර්ණ හතක් ඇති බව අපට උගන්වනු ලබනවා. එහෙත් මෙය ‘හරියටම හරි’ සත්‍යයක් නොවේ.

දේදුන්නෙහි විවිධ වර්ණ

විවිධ වර්ණ එකිනෙකට මුසු වන අතර, එක් වර්ණයක් අවසන් වන සීමාව හා තවත් වර්ණයක ආරම්භක ඉම කොතැනද යන්න පැවසීම අපහසුය. ඒවා අතර වෙනත් වර්ණ ඇතිවන්නේ ඒවා මිශ්ර වන ආකාරටය — නීලමණි(turquoise) හෙවත් හරිත-නිල් නිදසුන්ය

වර්ණාවලියේ නිල් සහ කොළ වර්ණ පිහිටා ඇත්තේ එකිනෙකට යාබදවය. ඉතින් ඒවා එකිනෙකට මිශ්‍ර වනවිට ලබෙන ටර්කියුයිස් අපට දැකිය හැක්කේ එබැවිනි. කෙසේ වෙතත්, සමහර වර්ණ වර්ණාවලියේ එකිනෙකට යාබදව නොමැති මිශ්‍ර වර්ණ වේ.

උදාහරණයක් ලෙස දුඹුරු යනු රතු සහ කොළ මිශ්‍රණයකි; නමුත් දේදුන්නෙහි රතු සහ කොළ තීරු එකිනෙකට යාබදව නොපවතින නිසා දුඹුරු පැහැයක් ගැනීම සඳහා ඒවා මිශ්ර වී ඇති බවක් අපට නොපෙනේ. මිශ්‍ර වී සෑදෙන වෙනත් බොහෝ වර්ණ සඳහාද මෙම කාරණාව ඒ ආකාරයටම අදාල වේ – දේදුන්නෙහි වර්ණ පටි අතිච්ඡාදනය(overlap) නොවන්නේ නම් ඒවාට් මිශ්‍ර විය නොහැක.


කෙසේවෙතත්, දේදුන්නක අපට කවදාවත් නොපෙනෙන වර්ණ දෙකක් තිබේ : එනම්, කළු සහ සුදු. යන්නයි. කළු යනු, වර්ණයක් නොමැතිකමයි – ආලෝකයක් නොමැති විට අප දකින්නේ එයයි.

අනෙක් අතට, සුදු යනු සියලු වර්ණවල එකතුවකි. ආලෝකය, වැසි බිංදු මගින් වර්තනය වන විට එය සුදු ආලෝකය දෘශ්‍ය වර්ණාවලිය ලෙසට වර්ණවලට වෙන් කරයි. එනම් එය තවදුරටත් සුදු නොවේ. අළු යනු කළු සහ සුදු මිශ්‍රණයක් වන අතර දේදුන්නක කළු සහ සුදු අපට කිසි විටෙකත් දැකිය නොහැකි බැවින් ඒවා මිශ්‍ර කර සාදන ලද වර්ණ ද අපට දැකිය නොහැක.

ඊළඟ වතාවේ ඔබ දේදුන්නක් දකින විට, ඔබට එහි වර්ණ කීයක් ඇත් දැයි හඳුනාගත හැකිද බලන්න ඒ වගේම, ඔබට නොපෙනෙන වර්ණ ගැන ද සොයා බලන්න

Rate This Article

Thanks for reading: දේදුන්නේ කළු, දුඹුරු සහ අළු වැනි වර්ණ නැත්තේ ඇයි?, Stay tune to get latest Blogging Tips.

Getting Info...

Post a Comment

Cookie Consent
We serve cookies on this site to analyze traffic, remember your preferences, and optimize your experience.
Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.
AdBlock Detected!
We have detected that you are using adblocking plugin in your browser.
The revenue we earn by the advertisements is used to manage this website, we request you to whitelist our website in your adblocking plugin.
Site is Blocked
Sorry! This site is not available in your country.