ලොව දුප්පත්ම ජනපති

 


ලොව දුප්පත්ම ජනපති

උරුගුවේ හිටපු ජනපති ජෝසේ මුජිකා ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ ලෝකයේ සිටි ‛දුප්පත්ම ජනපති’ හැටියටයි. එහෙම කියන්න හොඳ හේතුවක් තියෙනවා. ජෝසේ මුජිකා කියන්නේ උරුගුවේ රාජ්‍යයේ තිබූ වාමාංශික විමුක්ති සංවිධානයක් වුණු ‛ටුපුමාරොස්’ ගරිල්ලා සංවිධානයේ හිටි සටන්කරුවෙක්. ඒ 1960 සහ 1970 දශකවල. මේ සටන්වලදී කිහිප වතාවක්ම වෙඩි වැදීම්වලට ලක් වූ ඔහු දරුණු තත්වයන් යටතේ වසර 14 ක් සිරගතව සිටියා. කෙසේ වෙතත් 2009 වසරේ ඔහු උරුගුවේ රාජ්‍යයේ ජනපති ලෙස තේරී පත්වීමෙන් පසු සිය වැටුපෙන් 90%ක්ම පුණ්‍යායතනවලට පරිත්‍යාග කළා. සැප පහසු ජනපති මන්දිරය ප්‍රතික්ෂේප කළ ඔහු බිරිඳ සමග ජීවත් වන්නට තෝරා ගත්තේ සිය ගොවිපළේ ඇති කුඩා නිවසයි. මේ කාලය තුළ ඔහුට තිබූ එකම වත්කම වූයේ ෆොක්ස්වැගන් බීට්ල් රථයක් පමණයි. ඔහු ජනපතිව සිටි කාලයේ ලෝකයේ නායකයන් පොදු ජනතාවගේ මුදලින් සැප විඳින ආකාරය නිර්දය ලෙස විවේචනයට ලක් කළා.

Rate This Article

Thanks for reading: ලොව දුප්පත්ම ජනපති , Stay tune to get latest Blogging Tips.

Getting Info...

Post a Comment

Cookie Consent
We serve cookies on this site to analyze traffic, remember your preferences, and optimize your experience.
Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.
AdBlock Detected!
We have detected that you are using adblocking plugin in your browser.
The revenue we earn by the advertisements is used to manage this website, we request you to whitelist our website in your adblocking plugin.
Site is Blocked
Sorry! This site is not available in your country.