හිරෙන් අමුතු විදියකට පැන්න ප්‍රංශයේ පෙම් කුරුල්ලො දෙන්නා
මේ පලා යාම සම්පුර්ණයෙන්ම සැලසුම් කරන්නේ මේ කතාවේ පෙම් කිරිල්ලිය වන නදින් වවුජෝර් විසිනුයි. පැරිසියේ බන්ධනාගාරයේ සිරගතව සිටි ඇගේ ස්වාමියා වූ මයිකල් වවුජෝර් බේරා ගන්න ඇය යොදා ගන්නේ අපූරු උපායක්. මයිකල් ඒ වනවිට දිග සිර දඬුවමකට ලක්ව සිටින්නේ මිනීමැරුම් සහ මංකොල්ල කෑමේ චෝදනාවකට වරදකරු වෙමින්. නදින් විසින් මයිකල් බේරගන්න යොදා ගන්නේ හෙලිකොප්ටර් පුහුණු වීමක් කිවොත් ඔබ පුදුම වෙයි. කලින් සියල්ල සැලසුම් කළ පරිදි සිදු වන්නේ හෙලිකොප්ටරයකින් පැමිණෙන නදින් විසින් ඒ වනවිට බන්ධනාගාරයේ වහලය මත සැඟවී සිටින මයිකල් රැගෙන පලා යාමෙන්.
අසල ඇති පාපන්දු ක්‍රීඩාංගනයකට හෙලිකොප්ටරය බස්සවා දෙදෙනා පලා ගියත් ඔවුන් දෙදෙනා නැවත ඉක්මණින්ම පොලිසියට කොටු වෙන්නේ බැංකු මංකොල්ලයක් අතරතුරේදියි. මොවුන්ගේ කතාවද සිනමාවට නැගී තිබීමත් විශේෂත්වයක්.
Rate This Article
Thanks for reading: හිරෙන් අමුතු විදියකට පැන්න ප්‍රංශයේ පෙම් කුරුල්ලො දෙන්නා, Stay tune to get latest Blogging Tips.