මහ ගෙදර වලව්වේදී දුටු අත්තම්මා ( හොල්මන් කතාවකි )

 


මහ ගෙදර වලව්වේදී දුටු අත්තම්මා

අපෙ අම්මගෙ මහ ගෙදර වලව් විදිහට හදපු ටිකක් ගුප්ත ගෙදරක්....අපි එහෙ අවුරුද්දකට 5වතාවක් විතරයි යන්නෙ.මොකද එහෙ කිරි අම්ම කිරි අත්ත කවුරුත් ම නෑ ඉන්නෙ ඉස්සර ඉදන් වැඩ කරපු ගෑනු කෙනා...එයා ඒ ගෙදරයි...අක්කර ගානක පොල් වත්තයි බලාගෙන ඉන්නව....පෙරේදා හදිස්සියකින් අනුරාධපුර යන ගමන් මන් ගමට ගියා....නිකමට හිතිලා...මහ ගෙදරට යනකන් ඒ ගමේ මිනිස්සු හම්බෙන හම්බෙන කෙනා මන් දිහා කන්න වාගෙ බලන් ඉන්නව මට පුදුමයි....බය වෙලා වාගෙ..ඒත් වචනයක්වත් කතා කරන්නෙ නැහැ ඇයි මන්දා....

හව්ස5ට විතර ගොම්මන් වැටෙන වෙලේ මන් මහ ගේ මායිමට ගොඩ උනා...මුස්පේන්තු ගතිය...අවුරුදු10කින් විතර මනුස්ස වාසයක් නැති තැනක් වාගෙ...බයක් නෑ...පුන්චි දවස් වල ඉදන් ආව ගිය තැන හන්දා...ඒත් අනේ හිතට මහ අමුතු ගැස්මක්....මට මතකයි දවසක් අම්ම එක්ක මෙහෙ ඇවිත් කිරි අම්ම ජීවත් වෙලා හිටිය දවස් වල ඔන්චිල්ලාවක් බැදලා දුන්නා ලොකු අඹ අත්තක...ඒක වේගෙන් පදිද්දි කකුලෙ දාන් හිටිය සෙරෙප්පුව වීසි වෙල ලවල්ල ගොල්ලට වැටුනා..ඒක ගන්න යද්දි මර ලතෝනි දීල ගෑනියක්...කැලේට දුවන් යනවා ...

එදා හිතට දැනුනු මුස්පේන්තු බය ආයෙත් දැනුනෙ අයෙ මේ ආව දවසෙ...ඉතින් මම දීනෙ නැන්දා කියල කතා කලා මහ ගේ බලාගන්න ගෑනු කෙනාට...මෙයා සද්දයක් නෑ ...දොර ඇරලා බාගෙට...මන් ගේ ඇතුලට ගියා...ආයෙමත් කතා කලා.ම්ම්හ්ම්...සද්දයක් නෑ ...මහන්සි මට හාන්සි උනා වේවැල් පුටුවෙ....ඇස් පිය උනා විතරයි ..දෝනි මැනිකෙහ්.....

දෙය්යනේ උඩ ගියා මන් මේ දීනෙ නැන්දා ඇවිත්...කොහෙද මේ හවස ගියෙ නැන්දෙහ්?

අනේ මැනිකේ ගේ හරියෙ දර කෑල්ලක් නෑ ..වත්තට ගියා දර කෑල්ලක් ගේන්න....

අහ් එහෙමද මන් අනුරාධපුර ගිය වැඩවගයකට...ගෙදර යමින් ගමන් ආවෙ හුග කාලෙකින්.....

අනේ හොදයි මැනිකේ මන් මාස ගානක් සාන්කාවෙ...

ගෑනු කෙනාගෙ ඒ වචන හිතට මහා දෙගිඩියාවක් ඇතිකලා...මන් ඇග පත හෝදගන්න ලිදට ගියා..මෙහෙ ටැප් නෑ ...තවම ග්‍රාමීයය් ගොඩාක්...ලිදට පොඩි එකෙක් වතුර බලන්න ආසවෙන් එබෙනවා වාගෙ එබුනා...වතර නිල් කැටේට....ආස හිතුනා...හොදට ඇග හොදන් ගෙට ඇවිත් ඉදගෙන හිටියා....

හොද සුවදක් එනවා....රහට උ‍යනව ඇති නැන්ද ම්ම්ම් ..ඉතින් මන් ඩේට ඔන් කලා එෆ් බී එන්න අෆොයි සිග්නල් නෑ ..කේන්ති මට....ටිකක් වෙලා ඉදලා රෑට කන්න කෑම මේසෙට ගියා...බත් කැකුලමට හදල,අල කිරට හදල,කරවල තෙල් දාල,මැල්ලුම්,පපඩම් ම්හ් පට්ට රහ..කාගෙන ගියා යකෙක් වාගෙ ..ඒත් බඩ පිරෙන්නෙ නෑ ...ඒත් මන් කන එක නැවැත්තුවා...නිදාගන්න උඩ තට්ටුවෙ කාමරේට ගියා..

ඉස්සර මගෙ අම්ම නිදාගත්ත කාමරේ..ඒ ඇද...අනේ මන්ද මට අම්මගෙ සුවද ඒ කාමරේ පුරා....11ට ඇති වෙලාව මට නින්ද ගියෙ නෑ හුග දවසකින් අලුත් පරිසරයකට ආව නිසාද කොහෙද..දෙය්යනේ පඩිපෙලේ සද්දයක් ඇහෙනව කතා කරනව සුදු දෝනා කියල .අනේ එහෙම කතා කරන්නෙ මගෙ කිරි අම්ම විතරයි මට...මට ඇදෙන් නැගිට්ටවිලා ඒ පැත්තට යැවුනා...කිරි අම්ම පඩිපෙලේ හිටිගෙන.ඉස්සර ගාම්භීර පෙනුපෙන්....

මගෙ දෝනා ඇයි පුතේ උබ මෙහෙ ආවෙ මගෙ මැනිකෙ...හෙට පාන්දරින් මෙහෙන් පලයන් මයෙ අම්මා කිය්ල නොපෙනී ගියා...මගෙ ඇගම හිරි වැටුනා...එලි වෙනකම් නින්දත් නෑ 4ඉදන් ලෑස්ති උනු මන් පටස් ගාට5ට කලින් නැන්දටත් නොකිය එලියට බැස්ස පාන්දර බස් එකට නැගල 8වෙද්දි ගෙදරින් බැහැල හුස්මට වතුර එකක් බීව.අම්ම බයෙ මොකද අහද්දි විස්තරේ කීව...

මගෙ කම්මුලටහොද පාරක් වැදුනා....අම්ම එහෙමම බිම ඉදගත්ත....තාත්තා ඉක්මනට ගමේ වෙද මහත්තය ගෙන්නුවා...වචනයක්වත් අහන්න කියන්න දුන්නෙ නෑ මට..මොනාද බොන්න දුන්න ඒ මනුස්සය..මාත් බීව..බීව ගමන් වම්නෙ ගියා ගුරු පාටට....මට තෙහෙට්ටු යි බඩගිනි...කිරි හොදි යි බතුයි අම්ම දුන්නෙ මට බඩගිනිනිසා කෑව..

අද හවස අපෙ අම්ම මට කතා කලා ...මට දෙයක් කීවා මට ඒක දැන් ඇහෙද්දි පපුව හිර වෙනව බයට....දෝනි මහ ගෙදර බලාගන්ත ගෑනු මනුස්සය නැති වෙලා හරියටම මාස2යිලු,,ලිදේ ඉදන් ගොඩ අරන් තිබිල තියෙන්නෙ.. ඊයා හොල්මනක් උයපු කෑම කාල තියෙන්නෙ 😂


උපුටා ගැනීමකි

Rate This Article

Thanks for reading: මහ ගෙදර වලව්වේදී දුටු අත්තම්මා ( හොල්මන් කතාවකි ), Stay tune to get latest Blogging Tips.

Getting Info...

Post a Comment

Cookie Consent
We serve cookies on this site to analyze traffic, remember your preferences, and optimize your experience.
Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.
AdBlock Detected!
We have detected that you are using adblocking plugin in your browser.
The revenue we earn by the advertisements is used to manage this website, we request you to whitelist our website in your adblocking plugin.
Site is Blocked
Sorry! This site is not available in your country.