භූමිකම්පා ගැන මෙන්න මේ දේවල් දන්නවා කියා විශ්වාසද

 


භූමිකම්පා ගැන මෙන්න මේ දේවල් දන්නවා කියා විශ්වාසද

භූමිකම්පා ගැන මේ දවස්වල ඉතිං හැමතැනම කතාවෙන දෙයක්නෙ.භූමිකම්පා කියන වචනය අපි කවුරුත් අසා ඇති දෙයක් වුනත් මේ දේ අපි ඇත්තටම අත්විදලා නැති තරම්. මොකද ලංකාව කියන්නේ එතරම් භූමිකම්පා වලට මුහුණ නොදෙන රටක් හින්ද, කොහොමවුනත් වෙන රටවලට බලපාන භූමිකම්පා නිසා අප රටට නම් කරදර වෙලා තියෙනවා. 2004 සුනාමියත් ඒකට හොදම උදාහරණයක්,

ලෝකයේ ඇතිවන ස්වාභාවික විපත් අතර වැඩියෙන්ම හානි ගෙන දෙන්න පුලුවන් ව්‍යසනයක් තමයි මේ භූමිකම්පා, 2015 දී මුලු නේපාල දේශයම භූමිකම්පාවක් නිසා විනාශ වූ ආකාරය ඔයාලට මතක ඇති. අපිට මේ ව්‍යසනය එතරම් බලපෑම් එල්ල නොකලත් මේ දේ ගැන විමසා බැලීම කාලෝචිතයි කියලා මම හිතනවා. කවදා කොහොමහරි අපේ රටේත් භූමිකම්පා ඇතිවෙන්න බැරි කමක් නැහැ හොදද,

නේපාල භූමිකම්පාව 

පෘථිවි පෘෂ්ඨය තුල දීර්ඝ කාලීනව එක් රැස් වන්නා වූ ශක්තීන් ක්ෂණිකව මුදා හැරීම නිසා පොළොවේ චලනයන් ඇති වීම භූමිකම්පාවක් ලෙස හැදින්වෙනවා. මේවායේ තීව්‍රතාවය මැනීම සදහා “රික්තර්” නම් පරිමාණය තමා භාවිතා කරන්නේ, පෘථිවි අභ්‍යන්තරයේ හෝ සාගර අභ්‍යන්තරයේ සිදුවන භූ විද්‍යාත්මක ක්‍රියාවලීන් නිසා භූමිකම්පා සිදුවෙනවා.

පෘථිවි පෘෂ්ඨය නිර්මාණය වෙලා තියෙන්නේ ප්‍රධාන තැටි හතකින් හා අප්‍රධාන තැටි ගණනාවකින්,

මේවායෙන් ප්‍රධාන තැටි හත අපට මේ විදියට දක්වන්න පුලුවන්.

1.ඉන්දු ඕස්ට්‍රේලියානු තැටිය

2.යුරේෂියානු තැටිය

3.අප්‍රිකානු තැටිය

4.දකුණු ඇමරිකානු තැටිය

5.උතුරු ඇමරිකානු තැටිය

6.පැසිෆික් තැටිය

7.ඇන්ටාර්ක්ටික් තැටිය

භූමිකම්පා ඇතිවීමට බලපාන හේතු

පෘථිවි අභ්‍යන්තරයේ සිදුවන විවිධ වෙනස්කම් හේතුකොටගෙන මෙම භූ තැටි චලනය වීම සිදුවනවා.එම නිසා එක් තැටියක් තවත් තැටියක් සමග ගැටීම හෝ එකක් එකක් මත ලිස්සා යාම සිදුවනවා. මේ නිසා එම තැටි මායිම් කලාපවල භූමිකම්පා හටගනු ලබනවා.

භූ චලන ඇතිවන ආකාරය

🔅අපසාරී තැටි මායිම -

එකිනෙකට විරුද්ධ දිශාවට ගමන් කරන තැටි මායිම් අපසාරී තැටි නම් වනවා. භූ තලයේ කොටස් දෙපසට තල්ලු කරමින් අභ්‍යන්තරයේ ඇති උණුසුම් ද්‍රව්‍ය ඉහලට නැගීම සාගර තුල බහුලව දක්නට පුලුවන්.

🔅අභිසාරී තල මායිම -

තැටි එකිනෙකට මුහුණලා ගමන් කිරීම මෙහිදී සිදුවනවා. එක් තලයක් අනෙක් තලය තුළට ගමන් කරන ප්‍රදේශ වල විශාල භූමිකම්පා දකින්නට පුලුවන්. මෙමගින් ඉතාමත් විනාශකාරී ප්‍රතිඵල ඇතිවනවා. පසුගිය වසරේ නේපාලයේ ඇති වූ භූමිකම්පාවද මේ වර්ගයේ එකක් විදියට දක්වන්න පුලුවන්.

ලෝකයේ භුමිකම්පා පවතින කලාප

භූමිකම්පා සිදුවන ආකාරය හා ඒවායේ සීමා පදනම් කරගෙන ප්‍රධාන භූමිකම්පා කලාප හතරක් හදුනා ගන්නට පුලුවන්.

1.පැසිපික් ගිනි වළල්ල

උතුරු ඇමරිකාවේ ඇලස්කාවේ සිට දකුණු ඇමරිකාව දක්වාත් නවසීලන්තයේ සිට උතුරට ගොස් ජපන් දූපත් හරහා නැවත ඇලස්කාව දක්වාත් විහිදෙනවා.

2.හිමාලය කදු කලාපය

මධ්‍යධරණී මුහුදේ සිට කලු මුහුද ඇෆ්ගනිස්ථානය, පාමීර්, හිමාලය ඔස්සේ චීනයටත් ඉන් අනතුරුව පැසිෆික් කලාපයටත් මෙය විහිදෙනවා.

3.අත්ලන්තික් සාගරයේ විහිදෙන මධ්‍යය සාගරික වැටි කලාපය

4.අප්‍රිකානු සුවිභේද නිම්න කලාපය

සුළු චලනයන් පෙන්වන භූ චලන ලෝකයේ ඕනෑම ප්‍රදේශයක ඇතිවිය හැකි නමුත් දරුණු භූමිකම්පා සිදුවන්නේ ඉහත සදහන් කළ කලාපවලය. ගොඩබිම පමණක් නොව සාගරයේද දරුණු භූමිකම්පා සිදුවේ.

ලෝකයේ මෙතෙක් සිදු වු දරුණු භූමිකම්පා

1.1556 දී චීනයේ ශාංෂි නිම්නයේ සිදුවූ භූමිකම්පාවකින් 283,000 ක් දෙනා ආපදාවට පත් විය.

2.1906 දී සැන්ෆ්රැන්සිස්කෝ වල ඇති වූ භූමිකම්පාවෙන් 3000 කට අධික ප්‍රමාණයක් මරණයට පත් විය.

3.1923 දී ජපානයේ කන්ටෝ ප්‍රදේශයේ වු භූමිකම්පාවකින් 142000ක් දෙනා මරණයට පත් විය.

4.1990 දී පිලිපීනයේ සිදුවූ භූමිකම්පාවෙන් 1084 දෙනෙකුට ජීවිත අහිමි විය.

5.2004 දී සුමාත්‍රා දූපත් අසල වූ භූමිකම්පාවෙන් රටවල් කිහිපයකම ජනයා මරණයට පත් විය.

6.2015 දී නේපාලයේ සිදුවූ භුමිකම්පාව නිසා ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් මරණයට පත් වු අතර මිලියන ගණනක් ජනයා අවතැන් විය.

7.2023 තුර්කි හා සිරියානු දේශසීමා අසල ඇතිවූ රිච්ටර් මාපාංක 7.8ක තරම් ප්‍රභල භූකම්පනයක් ඇති වුණි.එයින් සිදුවූ මරණ සංඛ්‍යාව තවමත් තහවුරු කර නැත.( 2023 :02 : 10 වන විට මරණ 22 000)

භූමිකම්පා වලින් සිදුවන හානිය සුළු පටු නොවන බව ඔබට ඉහත ඉතිහාසය මගින් පැහැදිලි වනවා ඇති. ඇත්ත වශයෙන්ම දරුණු භූමිකම්පා නිසා රටකට සිදුවන හානිය අප්‍රමාණයි. අපි දැන් බලමු ඒ හානි මොනවාද කියලා,

භූමිකම්පා වලින් සිදුවන හානි

💠විශාල වශයෙන් ජීවිත හානි හා තුවාල සිදු වීම

💠සංවර්ධන කටයුතු ඇන හිටීම

💠විදුලිය, ජල නල, සන්නිවේදන පද්ධති හා මාර්ග පද්ධති අවහිර වීම හා විනාශ වීම.

💠භූමියේ විභේද හා පැලීම් හට ගැනීම

භූමිකම්පාවකදී ක්ෂණිකව කළ යුතු දේ මොනවාද?

🔰ප්‍රදේශයෙන් හැකි ඉක්මනින් ඉවත් වීම

🔰සන්නිවේදන මාධ්‍යවලට සවන් දී දැනුවත් වීම

🔰ඉක්මනින් එලිමහන් තැනකට යාම

🔰විදුලි රැහැන් හා ගොඩනැගිලි සහිත ප්‍රදේශවලින් කඩිනමින් ඉවත් වීම

🔰තමා දැනගත් තොරතුරු අන් අයටත් කීම

🔰නැවත දැනුම් දෙන තුරු එම ප්‍රදේශවලට නොයාම

🔰බඩු මුට්ටු පිළිබද නොසිතා තම ජීවිතය පමණක් බේරා ගැනීමට කටයුතු කිරීම

භූමිකම්පා කළමනාකරණය හා එයින් වන හානි අවම කර ගැනීමට ගත යුතු පියවර මොනවාද?

🔅සන්නිවේදන මාධ්‍ය වලට සවන් දී භූමිකම්පා පිළිබද දැනුවත් වීම හා සෙවිල්ලෙන් සිටීම

🔅භූමිකම්පාවලට ඔරොත්තු දෙන ගොඩනැගිලි හා නිවාස ඉදි කිරීම

🔅සැහැල්ලු භාණ්ඩ හා යන්ත්‍රෝපකරණ භාවිතය

🔅භූමිකම්පා නිසා සුනාමි තත්වයක් ඇති විය හැකි නිසා ඒ ගැන සැලකිළිමත් වීම

🔅රිතුමය වෙනස් වීම් පිළිබද දැනුවත් වීම

🔅භූ කම්පන මාන සවි කිරීම

🔅පාසල් විෂය මාලාවට ඇතුළත් කිරීම

දැන් ඔයාලට පැහැදිලි වුනා ඇති භූමිකම්පා කියන්නෙ මොනවාද, ඒවා සිදුවන්නේ කෙසේද, ඒවායින් වන හානි හා භූමිකම්පා වලින් වැළකෙන්නේ කෙසේද කියා, ලංකාවේ අපිටත් කවදාහරි මේ දෙය අත්විදින්නට බැරි කමක් නැහැ. ඊට කලින් මේ දේවල් දැන ගැනීම කාලෝචිතයි කියා මා සිතමි.

Rate This Article

Thanks for reading: භූමිකම්පා ගැන මෙන්න මේ දේවල් දන්නවා කියා විශ්වාසද, Stay tune to get latest Blogging Tips.

Getting Info...

Post a Comment

Cookie Consent
We serve cookies on this site to analyze traffic, remember your preferences, and optimize your experience.
Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.
AdBlock Detected!
We have detected that you are using adblocking plugin in your browser.
The revenue we earn by the advertisements is used to manage this website, we request you to whitelist our website in your adblocking plugin.
Site is Blocked
Sorry! This site is not available in your country.