මිනිස්සු නාකිවෙන්නෙ ඇයි ?

 

මිනිස්සු නාකිවෙන්නේ ඇයි?

විහිළුවට වගේ අහන ප්‍රශ්නයක් වගේ බාගදා හිතෙන්න පුළුවන් වුණාට කල්පනා කරල බැලුවොත් පොඩිහිටියො විතරක් නොවෙයි වැඩි හිටියොත් විමතියට පත්කරන, සමහරවිට පිළිතුරක් නොදන්නා ප්‍රශ්නයක්

Curious Kids වෙත ප්‍රශ්නය යොමු කරන්නේ වික්ටෝරියාවේ 8 හැවිරිදි එමිලි

ඵිලිතුරුදෙන්නේ, ඕස්ට්‍රේලියානු  ක‍තෝලික විශ්වවිද්‍යාලයේ, සෞඛ්‍යසම්පන්නව වයස්ගතවීම පිළිබඳ මචාර්යවරියක් වන Laurie Buys.

මිනිස්සු නාකිවෙන්නේ ඇයි?

බොහොම වටිනා ප්‍රශ්නයක් එමිලි

වයසකයි කියලා ඔබට සිතන්නේ කවුරු ගැන හිතද්දී ද? අපි හිතමුකෝ ඔබව ‘පොඩි එකෙක්’ හැටියට සලකන්න පුරුදුවෙලා ඉන්න අය්යා කෙනෙක් හරි අක්කා කෙනෙක් කියලා. ඒ වගේ  ඔබට වඩා වයසින් වැඩි කෙනෙක්ද? ඒ ඔයාගේ අම්මාද? ඔබේ සීයා? කොන්ඩේ පැහිලා, සම රැලි වැටුණු කෙනෙක්ද?

එහෙමත් නැත්නම් උපන් දින ගොඩක් සමරපු ඒත්, තවමත් විනෝදයෙන් ඉන්න කෙනෙක්ද?

සමහරවිට ඔයා දන්න වයසක උදවිය ඇති tiktok භාවිතා කරන්න කැමති. සමහර විට ඔවුන් නටන්න හෝ බයිසිකලයක් පදින්න කැමති වෙනවා වෙන්න පුළුවන්? නැත්තම් ඔබට හිනායන විහිළුවලට ඒ අයටත් හිනා යනවා වෙන්නත් පුළුවන්.

ඔබට තේරෙනව ඇති, වයසට යනවා කියන්නේ විවිධ පුද්ගලයන්ට විවිධ ආකාරයට දැනෙන දෙයක්. මේ වන විටත් යමෙකු බොහෝ උපන් දින සමරා තිබුණා වුණත්, ඔවුන්ට ඇත්ත වශයෙන්ම මහලු බවක්, නැතිනම වයට ගොහින් ඇති බවක් දැනෙන්නේ නැතුවා ඇති.

‘දැන ඔබ වයස්ගතවෙලා, වැඩ කළා හොඳටෝම ඇති දැන් විශ්‍රාම ගන්න ඕන’ කියල රජය නීතිරීති පනවලා තියෙනවා වෙන්න පුලුවන්. අන්න ඒ අය නීතිය අනුවම ‘ නාකි’ කියලා අපට හිතන්න ඇහැකි. ඒත් ඒ විශ්‍රාම ගිය අය කියන්න පුලුවන් ‘මට වයසක් දැනෙන්නේ නෑ තවම. මට තවම වැඩකරන්න පුළුවන්’ එහෙම කියලා කියනවා නම් ඒ අය නාකියි කියල අපි හිතුවා  වැරදි ද?.

ඇත්ත වශයෙන්ම, මේ වෙද්දී උපන් දින ගොඩක් සමරලා ඇති සමහර අය, අලුත් දේවල් ඉගෙන ගන්න,  වැඩ කරන එක  කවදාවත් නතර නොකර ඉන්න, තවත් වසර ගණනාවක්  වික්‍රමාන්විත ක්‍රියාවල යෙදෙන්න සූදනමින් ඉන්නවා වෙන්න පුලුවන්.

ඒ කොහොම වුණත් ඇත්ත වශයෙන්ම, සමහර වැඩිහිටියන්ට, සමහර යෞවනයන්ට මෙන්ම, තනිකමක් දැනෙනවා විය හැකියි. නැත්නම් සමහර විට ඔවුන් සතුව සෞඛ්ය ගැටළු කිහිපයක් තිබෙන්නට පුළුවන්. සමහර විට ඔවුන්ට දණහිස් අමාරු ඇති නිසා ඔවුන්ට පෙර දා තරම් වේගයෙන්, පෙර දා තරම් දුරක් ඇවිදීමට නොහැකිවන්නත් පුළුවන්.

එහෙම නමුත් බොහෝ විට, ඔවුන්ට අවශ්‍ය දේ කරකියාගෙන දිගු කලක් සෞඛ්ය සම්පන්න සහ ප්රීතිමත් ජීවිතය ගෙන යා හැකිය,

ඉතින්, අපි වයසට යාම, — කට වරේ නාකිවීම — ගැන ගොඩාක් දේ කතා කළා. “වයසටයාම” හෙවත් ‘මහළුවීම’ යන වචනය විවිධ පුද්ගලයින්ට විවිධ  අදහස් ගෙන එයි.  ඒත් ඔය ‘නාකි’ සෑම කෙනෙකුම තමන්ට එලෙස දැනනවා යයි හෝ  එලෙස ක්රියා නොකරන බව ඇත්තයි. ඒත් සමහරු එහෙම කරනවා.

නියමයි, නමුත් මිනිසුන් වයසට යන්නේ ඇයි?

මම උත්තර දෙකක් දෙන්නම්.

වයසට යාම කෙනෙකුගේ ශරීරය හා සම්බන්ධ දෙයක් කියලා මට කියන්න පුළුවන්. මිනිසුන් වයසට යන විට, ඔවුන්ගේ ශරීරයේ සෛල එකම ආකාරයකින් ඒ කියන්නේ පෙර දා තිබූ අයුරින්ම ක්‍රියා නොකරනු ඇත. සමහර වැඩිහිටි පුද්ගලයින්ට පිළිකා වැනි රෝග ඇතිවන්නේ මන්දැයි මෙයින් පැහැදිලි කළ හැකිය. එහෙම් නැත්නම් මට මෙහෙම කියන්නත් පුළුවන්: එයාලගේ සමහර ශරීර කොටස් ටිකෙන් ටික ‘ගෙවිලා’ යනවා, ඉස්සර වගේම ඒවා වැඩ කරන්නේ නැහැ. ඒකයිනෙ, තරුණ කාලේ හොඳට කන ඇහිච්ච සමහර වැඩිහිටි අයට වයසට හරියට ඇහෙන්නේ නැත්තේ.

නව කුසලතා ඉගෙන ගැනීමට වැඩිහිටි පුද්ගලයින්ට අපට උපකාර කළ හැකිය.  

ඒ එකක්. නමුත් ඔබට සිතන්නට තවත් පිළිතුරක්  දෙන්නට මම කැමතියි.

වයස්ගත පුද්ගලයින් බොහෝ  දෙනෙක් තමන් වයසට ගියා කියලා නොවෙයි, එක් එක දේවල් කරමින් තවමත් කාර්යබහුල  වන අතර බොහෝ විට ඔවුන්ගේ පවුල්වලට උදව් කරන බව අපි දනිමු. ඔබව පාසලෙන් ගෙදරට කැඳවා ගෙන එන්නේ ඔබේ  සීය වෙන්න පුළුවන්. නො එසේනම්,  රසවත් කේක් එකක් සාදන ආකාරය ඔබේ ආතම්මා ඔබට උගන්වන්නට පුළුවන්.

ඉතින් සමහර විට මිනිස්සු වයසට යන්න හේතුව,  තමන් ඉගෙන ගත්තු අරුම පුදුම දේවල් ඔක්කොම ඒ අයට වඩා වයසින් අඩු අය සමග  බෙදාහදා ගන්න අවස්ථාවක් ලැබෙන නිසා වෙන්න පුළුවන්.

දැන් සිටින තරුණ අයද තමුන් සේ වයසට යද්දී ඔවුන්ට උදව් උපකාර කිරීමට, මගපෙන්වීමට කෙනෙකු සිටිය යුතු වීම, සමහර විට මිනිසුන් වයසට යාමට සැබෑ හේතුව වන්නට පුළුවන්.

Curious Kids(October 27, 2022) හී පළ වී ඇති,  why do people get old? යන ලිපිය අසුරෙනි

Rate This Article

Thanks for reading: මිනිස්සු නාකිවෙන්නෙ ඇයි ?, Stay tune to get latest Blogging Tips.

Getting Info...

Post a Comment

Cookie Consent
We serve cookies on this site to analyze traffic, remember your preferences, and optimize your experience.
Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.
AdBlock Detected!
We have detected that you are using adblocking plugin in your browser.
The revenue we earn by the advertisements is used to manage this website, we request you to whitelist our website in your adblocking plugin.
Site is Blocked
Sorry! This site is not available in your country.