කාන්දම් 30ක් 8 හැවිරිදි දැරියක් කාලා
ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉන්ඩියානා ප්‍රාන්තයේ 8 හැවිරිදි දැරියක රෝහල වෙත ගෙනැවිත් තිබුණේ ඇය ඉතා තදබල උදර වේදනාවකින් පෙළෙන්නට පටන්ගෙන තිබූ නිසා යි. මුල දී අතීසාරය හෝ වෙන යම් ආබාධයක් බවට සැක කෙරුනත් එක්ස් රේ සටහනක් ගැනීමෙන් පසු වෛද්‍යවරුන් හට අත්දකින්නට සිදුවුණේ ඉතිහාසයේ කිසිම දිනක තමන් දැක නැති අවස්ථාවකට යි. මේ කුඩා දැරිය ලෝහමය ද්‍රව්‍යයන් කිහිපයක් ආහාරයට ගෙන තිබූ බව පෙන්නුම් කෙරුණු අතර වැඩි වේලා යන්නට පෙර අනාවරණය වූයේ ඒවා කාන්දම් බවයි.
ලෝහ කැබලි උදරයට එක්කාසු වීම භයානක තත්ත්වයක් වුවත් කාන්දම් උදරගත වීම ඒ භයානක බව දෙගුණ තෙගුණ කරනවා. තුනී බිත්ති සහිත ආහාර ජීර්ණ පද්ධතියේ අවයව දෙකක පිහිටි කාන්දම් දෙකක් පවා එකිනෙකට ආසක්ත වී ඇලී යාම සිදුවිය හැකි නිසා සමහර අවයව ඇඹරී යාමේ අවදානමකට මේ දැරිය ලක් වී සිටියා.
එක්ස් රේ ඡායාරූපයට අනුව දැරිය දැඩි ජීවිත අවදානමක සිටියත් ඇගේ වාසනාවට එලෙස කාන්දම් ඇලීමක් සිදු වී තිබුණේ නැහැ. කඩිනම් සැත්කමක් මඟින් කාන්දම් 30ම ඉවතට ගැනීමට අවසානයේ වෛද්‍යවරුන් සමත් වෙනවා. මේ කුඩා දැරියට කිසිදු මානසික ආබාධයක් නොතිබුණු අතර නිරීක්ෂණය හා අත්හදා බැලීම කුඩා දරුවන් ප්‍රිය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙය සිදු වී තිබුණා.
Rate This Article
Thanks for reading: කාන්දම් 30ක් 8 හැවිරිදි දැරියක් කාලා , Stay tune to get latest Blogging Tips.