සැතපුම් 1/2 ක් පළල ග්‍රහකයක් පෙබරවාරි 15-16 දිනවල පෘථිවිය පසුකර යයි
දුරේක්ෂ සහිත නිරීක්ෂකයින්ට එය නැරඹිය හැකිය.මෑත රාත්‍රිවලදී දුරේක්ෂ භාවිතා කරන ආධුනික තාරකා විද්‍යාඥයින් දැනටමත් සැතපුම් 1/2-පළල (කි.මී. 1-පළල) මෙම අභ්‍යවකාශ පාෂාණය හඳුනා ගැනීමට සමත් වී ඇත. මෙම ග්‍රහකය 2023 පෙබරවාරි 15 වැනි බදාදා රාත්‍රියේ ආරක්ෂිතව අපගේ ග්‍රහලෝකය පසුකර යාමට නියමිතයි. ඇරිසෝනා හි ටක්සන් හි කිට් පීක් නිරීක්ෂණාගාරයේ තාරකා විද්‍යාඥයින් විසින් 2005 දෙසැම්බර් 30 දින (2005 YY128) සොයා ගන්නා ලදී.
අඩි 1,903 (මීටර් 580) සිට අඩි 4,265 (කිලෝමීටර් 1.3) අතර විෂ්කම්භයක් ඇති අභ්‍යවකාශ පාෂාණය අනතුරුදායක ග්‍රහකයක් ලෙස වර්ගීකරණයට ලක් විය . එහි මධ්‍යම ප්‍රමාණය නිසා එය අඟල් 8ක් හෝ ඊට වැඩි දුරේක්ෂයක් සහිත නිරීක්ෂකයන්ට එය හඳුනාගත හැකි තරම් දීප්තිමත් වේ. තවද, කුඩා දුරේක්ෂවල පවා ග්‍රහකය ග්‍රහණය කර ගැනීමට හැකි වී ඇත.
2005 YY128 ග්‍රහකය වසර 400කට වැඩි කාලයකට පසුුව පෘථිවියට සමීපතම ප්‍රවේශය ලබා ගන්නේය. කෙසේ වෙතත්, බිය විය යුතු නැත. ඒ එහි කක්ෂය හොඳින් දන්නා නිසාත්, එය චන්ද්‍ර දුර 12 ක් පමණ දුරින් අපේ ග්‍රහලෝකයේ දක්ෂිණ ධ්‍රැවය හරහා ආරක්ෂිතව ගමන් කරන නිසාත් ය. එහි ආසන්නතම අවස්ථාව 2023 පෙබරවාරි 15 වැනි දින සවස 7:46 පමණ EST සිදුවේ.
ග්රහකයේ මාර්ගය
ඇපලෝ වර්ගයේ ග්‍රහකය පෘථිවියට සාපේක්ෂව පැයට සැතපුම් 55,140ර (පැයට කිලෝමීටර 88,740 හෝ තත්පර 24.65 කි.මී.) වේගයෙන් අභ්‍යවකාශය හරහා ගමන් කරයි. අභ්‍යවකාශ පාෂාණයේ අධික වේගය ආධුනික තාරකා විද්‍යාඥයින්ට තාරකා ඉදිරියේ එහි චලනය හඳුනා ගැනීමට ඉඩ සලසයි. කෙසේ වෙතත් දුර නිසා එය සෙමින් චලනය වන වස්තුවක් ලෙස පෙනේ .
2023 පෙබරවාරි 11 සිට 13 දක්වා 2005 YY128 ග්‍රහකයේ රේඩාර් රූප ලබා ගැනීමට තාරකා විද්‍යාඥයින් සමත් වුණා ඒ සඳහා කැලිෆෝනියාවේ ගෝල්ඩ්ස්ටෝන් ඇන්ටනාව භාවිතා කලහ.
Rate This Article
Thanks for reading: සැතපුම් 1/2 ක් පළල ග්‍රහකයක් පෙබරවාරි 15-16 දිනවල පෘථිවිය පසුකර යයි, Stay tune to get latest Blogging Tips.