න්‍යෂ්ටික යුද්ධයක් අත ලඟ ? විකිරණ හෝ න්‍යෂ්ටික අවස්ථාවක භාවිත කරන ඖෂධ ලැයිස්තුව WHO යාවත්කාලීන කරයි

 


න්‍යෂ්ටික යුද්ධයක් අතළඟ ? විකිරණ හෝ න්‍යෂ්ටික හදිසි අවස්ථාවකට සැරසෙන WHO හදිසි දැනුම් දීමක්.

විකිරණ හෝ න්‍යෂ්ටික හදිසි අවස්ථා සඳහා භාවිතයට ගනු ලබන ඖෂධ පිළිබඳව තොරතුරු ලැයිස්තුව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් යාවත්කාලින කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයතම වෙබ් අඩවියේ සඳහන් කර තිබුණේ මෙලෙසින්,

" ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අද විකිරණ සහ න්‍යෂ්ටික හදිසි අවස්ථා සඳහා වලදී ගබඩා කළ යුතු ඖෂධ ලැයිස්තුව, ඒවා සුදුසු ලෙස කළමනාකරණය කිරීම සඳහා වූ උපදෙස් සමඟ යාවත්කාලීන කරන ලදී. මෙම ඖෂධ තොග විකිරණවලට නිරාවරණය වීම වැළැක්වීම හෝ අඩු කිරීම හෝ පුද්ගලයෙකු ඊට නිරාවරණය වූ පසු තුවාල වලට ප්‍රතිකාර කිරීම යන ඖෂධ මෙහි ඇතුළත් වේ."

රුසියාව විසින් බටහිර රටවල් සමඟ යුද්ධයක් සිටින බවට යුරෝපා සංගමය සිදුකරනු ලැබූ අනතුරු ඇඟවීමෙන් පසු ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙම උපදෙස් මාලාව යාවත්කාලින කිරීමට පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය නම් වාර්තා කරන්නේ.

ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එම වාර්තාව තුල න්‍යෂ්ටික ව්‍යසනයකින් බේරෙන්නේ කෙසේද යන්න පිළිබඳ මාර්ගෝපදේශයක් නිකුත් කර තිබෙන 'ද්වේෂ සහගත චේතනාවෙන් විකිරණ හෝ න්‍යෂ්ටික ආයුධ හිතාමතාම භාවිතා කිරීමට' එරෙහිව අනතුරු අඟවා තිබෙනවා.

කෙසේ වෙතත් එම සංවිධානයේ වැඩබලන සහකාර අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මරියා නීරා අනතුරු ඇඟවූයේ අද බොහෝ රජයන් න්‍යෂ්ටික හෝ විකිරණ ව්‍යසනයකට සූදානම් නැති බවයි.

ඇය පෙන්වා දෙන්නේ, ජනගහන සෞඛ්‍යය ආරක්ෂා කිරීමට සහ හදිසි අවස්ථාවන්ට ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීමට රජයන් සූදානම් වීම අත්‍යවශ්‍ය බවයි.අවදානම් අවම කරන සහ විකිරණවලින් ඇති වන තුවාලවලට ප්‍රතිකාර කරන ජීවිතාරක්ෂක ඖෂධ සූදානම් කර තිබීම මෙයට ඇතුළත්.

න්‍යෂ්ටික හෝ විකිරණ හානි වල අතුරු ප්‍රතිඵල සහ ප්‍රතිකාර.

🟢 මේ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ තයිරොයිඩ් ග්‍රන්ථිය විකිරණශීලී අයඩින්වලට නිරාවරණය වීම අඩු කිරීම සඳහා සාමාන්‍ය විකිරණ හදිසි තොගයක් තුළ ස්ථායී අයඩින් අඩංගු විය යුතු බවයි.

🟢 න්‍යෂ්ටික විඛණ්ඩනයේදී ශරීරයෙන් සෑදිය හැකි විකිරණශීලී සීසියම් අඩු කිරීමට chelating කාරක සහ ඇට මිදුළු වලට වන හානිය අවම කිරීම සඳහා සයිටොකයින් අවශ්‍ය බවයි.

🟢 ආසාදන, පාචනය, වමනය හෝ ශාරීරික තුවාල හා විකිරණ නිරාවරණයෙන් සිදුවන හානිය සඳහා ප්‍රතිකාර කළ හැකි තවත් කිහිපයක් ලැයිස්තුවේ සටහන් වේ.

🟢 ඖෂධ වර්ග සහ රසායනික ද්‍රව්‍ය වර්ග, ඒවා ගබඩා කර කළමනාකරණය කරන ආකාරය සහ හදිසි අවස්ථාවකදී ප්‍රතිකාර සඳහා ඖෂධ භාවිතා කරන ආකාරය ද විස්තර කරයි.

🟢 ලොව පුරා න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක 440ක් පමණ ඇති අතර එක්සත් ජනපදය ඇතුළු රටවල් නවයක් න්‍යෂ්ටික බලවතුන් ලෙස සැලකේ.

🟢 විකිරණවලට නිරාවරණය වීමෙන් DNA වලට හානි විය හැකි අතර හෘද වාහිනී රෝග හෝ පිළිකා ඇති විය හැකියි.

🟢 ඉහළ මට්ටම්වලට නිරාවරණය වීමෙන් උග්‍ර විකිරණ සින්ඩ්‍රෝමය ඇති විය හැකි අතර, වමනය සහ ඔක්කාරය ඇති විය හැකි අතර මරණයට හේතු විය හැකියි.

Rate This Article

Thanks for reading: න්‍යෂ්ටික යුද්ධයක් අත ලඟ ? විකිරණ හෝ න්‍යෂ්ටික අවස්ථාවක භාවිත කරන ඖෂධ ලැයිස්තුව WHO යාවත්කාලීන කරයි, Stay tune to get latest Blogging Tips.

Getting Info...

Post a Comment

Cookie Consent
We serve cookies on this site to analyze traffic, remember your preferences, and optimize your experience.
Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.
AdBlock Detected!
We have detected that you are using adblocking plugin in your browser.
The revenue we earn by the advertisements is used to manage this website, we request you to whitelist our website in your adblocking plugin.
Site is Blocked
Sorry! This site is not available in your country.