Whatsapp නවතම Update එක

 

Quality Lost නොවී Images සහ Videos යැවීමේ හැකියාව ලබා දීමට WhatsApp ආයතනය කටයුතු කර​යි

‌මේ වන විටත් ඔබ WhatsApp Messaging යෙදුම භාවිත කරන අයෙක් නම් එයට අලුතෙන් එකතුවන විශේෂාංග පිළිබඳව ඔබ දැඩි උනන්දුවකින් සිටිනවා වන්නට පුලුවන්. ලොව පුරා බිලියන 2කට ආසන්න පරිශීලකයන් සංඛ්‍යාවක් සිටින WhatsApp යෙදුමේ කලක සිට තිබුණු අඩුවක් පිරවීමට Meta සමාගම කටයුතු කර තිබෙනවා.

මේ වන තෙක් WhatsApp හරහා වෙනත් අයෙකු වෙත Images සහ Videos යැවීමේදී එහි Original Quality එක Lost වන බවට බොහෝ පරිශීලකයන් මැසිවිලි නැඟුවා. එම ගැටලුව නිරාකරණය කර ගැනීම​ට in-built option එකක් නොතිබුණු අතර, තාවකාළික විසඳුමක් ලෙස අදා​ළ Images සහ Videos document එකක් ලෙස යැවීමෙන් Quality Lost වීම මඟ හරවා ගැනීමට පරිශීලකයන් විසින් කටයුතු කරනු ලැබු​වා‍.

කෙසේ වෙතත් පසුගිය 20 වෙනිදා WABetaInfo වෙබ් අඩවිය වාර්ථා කර තිබූ ආකාරය​ට, Images සහ Videos වල quality එක රැකෙන පරිදි පරිශීලකයන් අතර බෙදා ගැනීමේ හැකියාව ලබා දීමට WhatsApp ආයතනය විසි​න් කටයුතු කරමින් සිටිනවා.

ඔවුන් පෙන්වා දී ඇති ආකාරයට ඉදිරියේදි Image එකක් හෝ Video එකක් send කිරීමේදි දිස්වෙන option pannel එක හරහා Media Quality එ​ක “Automatic” , “Best Quality” ​හා “Data Saver” ලෙස pick කිරීමේ හැකියාව තිබෙනවා.

💡මෙම විශේෂාංගය WhatsApp Beta පරීශීලකයන් හට WhatsApp Beta සංස්කරණය (Android 2.23.2.11) හරහා ලබා ගැනීමට හැකියාව ලැබෙන අතර, ඉතාමත් ඉක්මණින් සාමාන්‍යය WhatsApp පරිශීලකයින් හට ද ලබාදීමට WhatsApp ආයතනය කටයුතු කරනු ඇති.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා WABetaInfo වෙබ් අඩවිය සහ The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.

Rate This Article

Thanks for reading: Whatsapp නවතම Update එක, Stay tune to get latest Blogging Tips.

Getting Info...

Post a Comment

Cookie Consent
We serve cookies on this site to analyze traffic, remember your preferences, and optimize your experience.
Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.
AdBlock Detected!
We have detected that you are using adblocking plugin in your browser.
The revenue we earn by the advertisements is used to manage this website, we request you to whitelist our website in your adblocking plugin.
Site is Blocked
Sorry! This site is not available in your country.