ජීවිතයේ එක් වරක් පමණක් දක්නට ලැබෙන දුර්ලභ හරිත වල්ගාතරුව තව දිනකින් පෘථිවියට.(VIDEO)
ජීවිතයේ එක් වරක් පමණක් දක්නට ලැබෙන දුර්ලභ හරිත වල්ගාතරුව පෙබරවාරි (01) පෘථිවියට ඉතාමත් සමීප වන බවවිදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
සී 2022 ඊ ත්‍රී හෙවත් ඉසෙඩ් ටී එෆ් නම් මෙම වල්ගා තරුව මීට වසර 50,000 කට පෙර අවසන් වරට දර්ශනය වූයේ නියැන්ඩතාල් මානවයාගේ අවසන් කාලවකවානුවේදියි.
මෙම දීප්තිමත් කොළ පැහැති වල්ගාතරුව පෙබරවාරි 1 සහ පෙබරවාරි 2 වනදා පෘථිවියට කිලෝමීටර මිලියන 45 ක් දුරින් පිහිටන අතර, එය දක්ෂිණ ධ්‍රැවයේදී දුරේක්ෂයක ආධාරයෙන් දැකබලා ගත හැකියාව පවතිනවා.
මෙම වල්ගාතරුව මේ වනවිට අප සෞරග්‍රහ මණ්ඩලය හරහා වේගයෙන් ගමන් කරමින් පවතින බව ද සඳහන්.
බ්‍රිතාන්‍යයේ ග්‍රිනිච් රාජකීය නිරීක්ෂණාගාරයේ තාරකා විද්‍යාඥ ආචාර්ය ග්‍රෙග් බ්‍රවුන් පවසන්නේ මෙම හරිත වල්ගාතරුව යළි වසර 50,000 කින්වත් යළි දර්ශනය නොවනු ඇති බවයි.
මෙම වල්ගාතරුව හඳුනාගනු ලැබුවේ පසුගිය වසරේ මාර්තු මාසයේදියි.
ඒ, කැලිෆෝනියාවේ සැන්ඩියොන් ප්‍රදේශයේ පිහිටි නිරීක්ෂණ මධ්‍යස්ථානයේදී පුළුල් ක්‍ෂේත්‍ර ගවේෂණ කැමරා භාවිතයෙන්.
Rate This Article
Thanks for reading: දුර්ලභ හරිත වල්ගාතරුව ( VIDEO ), Stay tune to get latest Blogging Tips.