මුලින්ම බිහිවුනේ කිකිළිද? බිත්තරයද?
විද්‍යාඥයෝ පිළිතුරු දෙයි
මුලින්ම බිහිවුනේ කිකිළිද? බිත්තරයද? එය බොහෝ දෙනෙකුට තිබුණු ගැටළුවක්. නමුත් දැන් බ්‍රිතාන්‍ය විද්‍යාඥයින් පිරිසක් පර්යේෂණාත්මකව ඔප්පු කර ස්ථීරවම පවසා සිටින්නේ මුලින්ම පැමිණියේ බිත්තරය නොව තුතුල් පැටවා බවයි.
ඊට හේතුව බිත්තර කටුව සෑදීමට අවශ්‍ය වන ප්‍රෝටීනය (ovocleidin-17) නිපදවිය හැක්කේ කිකිළියට පමණක් වීමයි.
කුකුල් බිත්තර කටුව නිපදවීමට අවශ්‍ය වන ප්‍රෝටීනය තිබෙන්නේ කිකිළියගේ ඩිම්බ කෝෂයේ පමණක් බවපර්යේශකයින් අනාවරණය කරගන්නා ලදි. ඒ අනුව ගත් විට එහි අර්ථය බිත්තරයක් සෑදිය හැක්කේ අනිවාර්යයෙන්ම එය කිකළියක් තුලදී පමණක් බවයි. එම ප්‍රෝටීනය වන්නේ ovocleidin-17(OC-17)යි, එය ක්‍රියාකරන්නේ බිත්තර කටුව නිර්මාණය කරන උත්ප්‍රෙරකයක් වශයෙනි. මෙය සත්‍යවශයෙන්ම ඔප්පු කරගැනීමට ෂෙෆිල්ඩ් සහ වාර්වික් විශ්ව විද්‍යාල වල පර්යේශකයින් එක්ව සුපිරි පරිගණකයක් (HECToR super computer) යොදාගෙන බිත්තර කටුව නිර්මාණය වන ආකාරය පිළිබඳව සියුම් ලෙස පරීක්ෂණය කරන ලදි. එමඟින් හෙළිවුනේ OC-17 යනු බිත්තර කටුවේ ස්ඵටිකීකරණයේ ආරම්භයට අතිශයින් වැදගත් නිර්ණායකයක් වන බවයි. එම ප්‍රෝටීනය මඟින් කැල්සියම් කාබනේට්, බිත්තර කටුව සෑදෙන තැල්සයිට ස්ඵටික බවට පරිවර්තනය කරයි. ”පෙර සිට මුලින්ම ආවේ බිත්තරයද කියා ලොකු සැකයක් තිබුණත් දැන් අපි විද්‍යාත්මකව ඔප්පු කර පෙන්වා තිබෙනවා මුලින්ම පැමිණියේ කිකිළිය බව” ආචාර්ය කොලින් ෆ්‍රීමන් මහතා Daily Mail වෙත එසේ පවසා සිටිනවා.
Rate This Article
Thanks for reading: මුලින්ම බිහිවුනේ කිකිළිද? බිත්තරයද? Part - 1, Stay tune to get latest Blogging Tips.