Posts

ගැහැණුන් මරා ඌරන්ට කන්නට දැමූ ඝාතකයා

 


ගැහැණුන් මරා ඌරන්ට කන්නට දුන් ඝාතකයා

කැනේඩියානු ජාතික ඌරු ගොවිපළ හිමියෙකු වූ රොබට් පික්ටන්, ඔහු ජීවත් වූ බ්‍රිතාන්‍ය කොලොම්බියාවේ පෝර්ට් කෝක්විට්ලාම් ප්‍රදේශය පුරා ප්‍රචලිත ව සිටියේ නිතර ම ගණිකා සේවනයෙහි යෙදුණු අයෙකු ලෙස යි. කෙසේ නමුත් ඔහුගේ මේ පුරුද්ද තවත් භයානක චර්යාවකට ඈඳී ඇතැ යි කිසිවෙකු මඳක් හෝ විශ්වාස කළේ නැහැ. 1990 දශකය මුල් භාගයේ පටන් ප්‍රදේශයේ ගණිකාවන් අතුරුදන් වන්නට පටන්ගත් නමුත්, කිසි ලෙසකින් එහි සැකය පික්ටන් වෙත යොමු වූයේ නැහැ. 1997 වසරේ ඔහු විසින් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළ ඝාතන ප්‍රයත්නයකින් ගැල වී ආ කාන්තාවක් නිසා පොලිසිය ඔහු ලුහුබැඳීමට පටන්ගත් අතර, අවසානයේ හෙළිවූයේ පික්ටන් කැනඩාව දුටු කුරිරුතම දාම ඝාතකයෙකු බව යි.

ඝාතනවල සුළමුල

රොබට් පික්ටන්, පෝර්ට් කෝක්විට්ලාම් ප්‍රදේශයේ ඇති සාර්ථක ඌරු ගොවිපොළක හිමිකරුවෙක් වුණා. මේ නිසා ඔහු අත මුදල් යහමින් ගැවසුණා. තනි ව විසූ ඔහු සිය අවශ්‍යතාවන්, ලිංගික අවශ්‍යතාවන් සපුරාගත්තේ වැන්කුවර් හි රතු දිස්ත්‍රික්කයෙන් මුදලට ගත් ගණිකාවන් මඟිනුයි. නිතර ම පාහේ මොහු මෙම ‘පුරුද්දෙහි’ නියැළුණා.

සාමාන්‍ය මිනිසෙකු නොව, ගණිකාවක් අතුරුදන් වීම හේතු ගණනාවක් නිසා සාපේක්ෂ ව වැදගත් සිද්ධියක් ලෙස සමාජයේ කතාබහට ලක්වන්නේ නැහැ. ගණිකාවක පිළිබඳ ව නිතරම සොයා බැලීමට කිසිවෙකු නොමැති වීමත්, මානසික බිඳවැටීම් හේතුවෙන් ප්‍රදේශයෙන් පලායාම හෝ සියදිවි නසා ගැනීම සිදුවීමත් නිසා එවැන්නෙකු අතුරුදන් වීම පිළිබඳ ව කෙටි කලෙකින් බොහෝ දෙනාට අමතක වී යනවා. වැන්කුවර් හි ගණිකාවන් කිහිපදෙනෙකු මෙලෙස අතුරුදන් වන්නට ගත් විට එය, ඒ තරම් අවධානයට ලක් වූ සිද්ධියක් නොවුණේ මේ නිසාවෙනුයි.

ඝාතන පිළිබඳ හෙළිවීම

1991 වසරේ පටන් ම සිදු වූ වැන්කුවර් හා තදාසන්න පෙදෙස්වල කන්තා අතුරුදන්වීම් කෙරෙහි විටින් විට පික්ටන්ගේ නම ද ඈඳුණා. මින් බහුතරය ගණිකාවන් වූ අතර, අනෙක් බොහෝ දෙනා ද ලිංගිකත්වය ප්‍රිය කළ, මතට ලොල් වූ කාන්තාවන් වුණා. කෙසේ නමුත් ඔහු මේ අතුරුදන් වීම් කිසිවකට සම්බන්ධ වන පන්නයේ කිසිදු සාක්ෂ්‍යයක් නොලැබීම නිසා ඔහුට එරෙහිව කිසිදු චෝදනාවක් ගොනු වූයේ නැහැ.

1997 වසරේ එක් දිනෙක කාන්තාවක් පික්ටන්ගේ ගොවිපොළෙන් ඉවතට දිව ආවා. ඇය නිරුවත් ව සිටි අතර, සිරුරෙන් රුධිරය වෑස්සෙමින් තිබුණා. ඇය සඳහන් කළ ආකාරයට ලිංගික කර්තව්‍යය උදෙසා ගෙන යාමෙන් අනතුරුව පික්ටන් විසින් ඇය මරා දැමීමට උත්සාහ කර තිබූ අතර, එහි දී ඔහුගේ පිහිය උදුරාගෙන ඉන් ඔහුට ම ඇනීමෙන් පසු, මිදී පලා ඒමට ඔහු සමත් ව තිබුණා. කෙසේ නමුත් ඒ වන විට ඇය බීමත් ව සිටීම ඇතුළු කාරණා කිහිපයක් සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව පොලිසිය ඇයගේ චෝදනා වැඩි විභාගයකින් තොරව ම ඉවත දමනවා.

පසුකාලීන ව තව තවත් චෝදනා එල්ල වීමත් සමග ම පික්ටන් හා ඔහුගේ ගොවිපොල පරීක්ෂා කරන්නට බලධාරීන් තීරණය කරනවා. මෙතෙක් කාලයක් සැඟවී තිබූ කුරිරු ඝාතකයෙකුගේ සුළමුල හෙළිවන්නේ ඒ අනුව යි.



පික්ටන්ගේ ඝාතනවල ස්වභාවය

රොබට් පික්ටන්ගේ සත්ත්ව ගොවිපොළ පරීක්ෂා කිරීමේ දී ඒ තුළ විසිරී තිබූ මිනිස් සිරුරු කැබලියැ යි සැක කෙරෙන කොටස් රාශියක් ම හමුවුණා. මේ අනුව ඒ එකින් එකට ඩී. එන්. ඒ. පරීක්ෂා සිදුකෙරුණා. මේ සඳහා විශාල මුදලක් ද වැය වූ බැව් සඳහන්

පර්යේෂණවලට අනුව එලෙස හමු වූ සිරුරු කොටස්වල පුද්ගලයින් 26 දෙනෙකුට අයත් ඩී. එන්. ඒ. ගැබ්ව තිබුණා. ඒවා ප්‍රදේශයේ අතුරුදන් වූ ගණිකාවන් ඇතුළු කාන්තාවන්ගේ බැව් හෙළි වුණා.

වහා ම පික්ටන් අත්අඩංගුවට පත් වූ අතර, එහි දී අනාවරණය වූයේ ඔවුන් සියලු දෙනා ලිංගික ක්‍රියාව සඳහා මුදලට කැමති කරවාගෙන සිය ගොවිපොළ වෙතට ගෙන ඒමෙන් අනතුරුව ඔහු විසින් මරා දමන්නට යෙදුණු බව යි. හොඳ හැටි මත්පැන් සපයා, අඩපණ වූ පසු ව පික්ටන් විසින් එම ඝාතනයන් සිදුකර තිබූ අතර, ඉන් අනතුරුව ඔහු ඔවුන්ගේ මාංශය අඹරා ඌරන්ට කන්නට දී තිබුණා. එම කාන්තාවන් සතු ව තිබූ විවිධ දෑ ද ගොවිපොළ තුළ තිබී හමුවුණා.

පික්ටන් නම් දාම ඝාතකයා

අත්අඩංගුවට පත් වූ පසු තමන් සිදුකළ ඝාතනයන් පිළිබඳ ව පාපොච්ඡාරණයක් කිරීමට පික්ටන් පෙළැඹුණා. කුඩාකල සිට ම අපිරිසිදු අයෙකු ලෙස හංවඩු ගැසී තිබූ පික්ටන්ට කාන්තා ඇසුරක් ලැබී තිබුණේ නැහැ. මේ නිසා සිය ආශාවන් සන්තර්පණය කරගැනීම උදෙසා ගණිකාවන් වෙත යාම හැර අන් මඟක් ඔහුට නොතිබෙන්නට ඇති බව බලධාරීන් විශ්වාස කරනවා. කෙසේ නමුත් ඊට ඇබ්බැහි වූ පසු තමන් අත වූ මුදල් ඊට ප්‍රමාණවත් වන්නට නැති බවත්, ඒ හේතුවෙන් මුදල් පොරොන්දු දී ගණිකාවන් සිය ගොවිපොළට ගෙනවුත්, සිය අවශ්‍යතාවන් ඉටුකර ගැනීමෙන් අනතුරුව මරා දමන්නට ඇති බවත් ප්‍රකාශ වුණා.

පික්ටන් එසේ ඝාතනය කරන ලද කාන්තාවන්ගේ සිරුරු කොටස් කැබලි කර ඉන් කොටසක් ඌරන්ට දී ඇත්තේ අනෙක් ආහාරවලට මිශ්‍ර කරමිනුයි. ඉතිරි කොටස ඌරු මස් සමග මිශ්‍ර කොට ඔහු ප්‍රදේශවාසීන්ට අලෙවි කර පවා තිබුණා. කාන්තාවන් හා සෙසු සමාජය කෙරෙහි තිබූ වෛරය නිසා ඔහු මෙසේ කරන්නට ඇතැ යි පැවසෙනවා.

ගොවිපොළේ තිබී හමු වූ සිරුරු කොටස් කාන්තාවන් 26 දෙනෙකුගේ වුවත්, තමන් විසින් කාන්තාවන් 49 දෙනෙකු ඝාතනය කළ බැව් ඔහු විසින් පාපොච්ඡාරණය කළා. ඔහු තව දුරටත් කියා සිටියේ 50 වෙනි ගොදුර තමන්ට ගොදුරු කරගැනීමට නොහැකි වීම පිළිබඳ ව දුක් වන බව යි.

රොබට් පික්ටන් අද

නඩු විභාගයකින් පසු 2007 වසරේ දී රොබට් පික්ටන්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වෙනවා. එතැන් පටන් සිරගෙදර ජීවිතය ගත කරන පික්ටන් අද 70 වන වියට ආසන්න මහල්ලෙකු බවට පත්වෙලා.

පික්ටන් විසින් ඝාතනය කරන්නට යෙදුණු බොහෝ කාන්තාවන් ස්වදේශික ඇමෙරිකානු සම්භවය හා රතු ඉන්දියානු සම්භවය ඇති අයවලුන් වෙනවා. මේ තෝරාගැනීම හුදෙක් ‘කැමැත්ත’ නිසා සිදුවූවක් ද, නැතහොත් වෙනත් කරුණක් බලපා තිබෙනවා ද යන්න අදටත් පැහැදිලි නැහැ. කෙසේ නමුත් බන්ධනාගාර ගත කිරීමට පෙර ප්‍රකාශයක් කරමින් පික්ටන් පවසා සිටියේ, වයසට යාම නිසා කෙමෙන් කෙමෙන් තමන්ගේ ක්‍රියාකාරීත්වය හා වේගය අඩු වූ බව යි. එසේ නොමැති නම් කිසිදිනෙක තමන් හසු නොවන බව ඔහු තවදුරටත් පවසා සිටියා.

මූලාශ්‍රයයන්:

Thesun.co.uk

Standard.co.uk

thestar.com

Rate This Article

Thanks for reading: ගැහැණුන් මරා ඌරන්ට කන්නට දැමූ ඝාතකයා, Stay tune to get latest Blogging Tips.

Getting Info...

Post a Comment

Cookie Consent
We serve cookies on this site to analyze traffic, remember your preferences, and optimize your experience.
Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.
AdBlock Detected!
We have detected that you are using adblocking plugin in your browser.
The revenue we earn by the advertisements is used to manage this website, we request you to whitelist our website in your adblocking plugin.
Site is Blocked
Sorry! This site is not available in your country.