ලොව ප්‍රථම සෙල්ෆි ඡායාරූපය
එසේම 1900 වර්ෂයේදී Kodak Brownie box camera වක් ආධාරයෙන් කාන්තාවක් විසින් කැඩපත ඉදිරියට ගොස් ගන්නා ලද ඡායාරූපය කාන්තාවක් විසින් ගන්නා ලද පළමු සෙල්ෆි ඡායාරූපය ලෙස හඳුන්වා දිය හැක. තමාගේ ඡායාරූපය තමන් විසින්ම ලබාගැනීමේ අවශ්‍යතාව පසු කලෙක කොතරම් දියුණු වූයේද යන්න එකළ පැවති සාමාන්‍ය කැමරා සමඟ භාවිත කළ හැකි Self-timer නැමති උපාංගය සුප්‍රකට කැමරා ලෙන්ස් නිපදවන සමාගමක් වන Leica Camera AG විසින් නිපදවීමෙන් පැහැදිලි වෙයි. ඡයාරූප ශිල්පියාට තමන් ද ඇතුළුව ඡායාරූපයක් ගැනීමට අවශ්‍ය වූ විට මෙම උපාංගය කැමරාවට සවිකොට තත්පර ගණනක් ඇතුළත කැමරාව ස්වංයක්‍රියව ක්‍රියාතමක කරවීමේ හැකියාව තිබුණි. පසු කළක සාමාන්‍ය SLR කැමරා මෙම timer පහසුකම සමඟම නිපදවීම සෙල්ෆි ඡායාරූප ශිල්පයේ තවත් පියවරක් ඉදිරියට යාමක් ලෙස හැදින්විය හැකිය.
Rate This Article
Thanks for reading: ලොව ප්‍රථම සෙල්ෆි ඡායාරූපය , Stay tune to get latest Blogging Tips.