Posts

ඇන්ටාක්ටිකාවේ අයිස් තලය යට ගංඟා පද්ධතියක්

 

ඇන්ටාක්ටිකාවේ අයිස් තලය යට සැඟවුණු ගංගා පද්ධතියක්

ඇන්ටාක්ටිකා අයිස් තලයට යටින් එංගලන්තයේ තේම්ස් නදියට වඩා දිගැති ගංගාවක් ඇති බව නවතම පර්යේෂණයකින් අනාවරණය වෙනවා.

ප්‍රංශය සහ ජර්මනිය දෙරටේ මුළු වර්ගඵලය තරම් ප්‍රමාණයක් පුරා ගලායන මෙම ගංගා පද්ධතියේ සම්පූර්ණ දිග කිලෝ මීටර් 460ක් වන අතර අවසානයේ එහි ජලය වෙඩල් මුහුදට ගලා බසිනවා. පසුගිය ඔක්තෝබර් මස 27වෙනි දින Nature Geoscience ජර්නලයේ පළ කර ඇති පර්යේෂණ වාර්තාවකට අනුව මෙම ගංගා පද්ධතිය අනාවරණය කිරීමට ගුවන් යානයක සිට සිදු කරන ලද අයිස් විනිවිද යන රේඩාර් සමීක්ෂණ පෙළක් උදව් වී තිබෙනවා.

” දශක දෙකකට පෙර ඇන්ටාක්ටික් අයිස් තලාවට යටින් විල් තිබෙන බව සොයාගත් විට අපි හිතුවේ ඒවා එකිනෙකින් වෙන්ව හුදෙකලාව තිබෙන බවයි. නමුත් දැන් අපි දන්නව ඒවා විශාල ගංගා ජාලයකින් එකිනෙක සම්බන්ධව ඇති බව.” මේ පර්යේෂණ වාර්තාවේ සහාය කතුවරයකු වන ලන්ඩන් ඉම්පීරියල් කොලීජියට අයත් ග්‍රැන්තම් ආයතනයේ ග්ලැසියර විද්‍යාඥ මාර්ටින් සීගර්ට් එසේ පවසනවා.

මේ ගංගා ජාලයෙන් අදහස් වන්නේ අයිස් තලයේ පතුල ලිස්සා යමින් තිබෙන බවයි. මාර්ටින් සීගර්ට් සඳහන් කරන්නේ ගංගා ජාලයට ඉහළින් ඇති අයිස් ප්‍රමාණය මුළුමනින් ම දිය වී ගියහොත් එමගින් ගෝලීය සාගර ජල මට්ටම මීටර් 4.3කින් එනම් අඩි 14.1කින් ඉහළ නැංවීමට හැකි බවයි. ඔහු පවසන පරිදි මෙය එකවර සිදු නොවුණ ද ගෝලීය උණුසුම ඉහළ යාමත් සමග මෙම ගංගා පද්ධතිය මගින් අයිස් දියවීම කෙරෙහි විශාල බලපෑමක් ඇති කළ හැකි බවට අනුමාන කෙරෙනවා.

මූලාශ්‍රය - විදුසර

Rate This Article

Thanks for reading: ඇන්ටාක්ටිකාවේ අයිස් තලය යට ගංඟා පද්ධතියක් , Stay tune to get latest Blogging Tips.

Getting Info...

Post a Comment

Cookie Consent
We serve cookies on this site to analyze traffic, remember your preferences, and optimize your experience.
Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.
AdBlock Detected!
We have detected that you are using adblocking plugin in your browser.
The revenue we earn by the advertisements is used to manage this website, we request you to whitelist our website in your adblocking plugin.
Site is Blocked
Sorry! This site is not available in your country.