Posts

සෞදියේ ඉදිවන ස්මාර්ට් නගරය

 

ස්මාට් ෆෝන්, ස්මාට් පීපල්, එකී නොකී ස්මාර්ට් අතරට ස්මාර්ට් නගරයකුත් ඇවිත් තියෙනවා. කාන්තාරක් වුනු සෞදි අරාබියේ ඉදි කරන්න යන ලයිට් ස්මාට් නගරය දිගේ ඇවිද යමු.

01. මොකක්ද මේ ද ලයිට් ස්මාට් නගරය

සෞදිය තුල ඉදිවන මේ ස්මාර්ට් නගරය ඇමරිකාවේ නිව්යෝක් නගරය වගේ 33 ගුණයක් විශාලයි. මේ නගරය ඉදිවන්නේ සෞදි අරාබයේ කාන්තාර භූමියක. මේක පෘථිවියේම ඉදිවන ස්මාර්ට්ම නගරය කිව්වොත් නිවැරදියි. මේ වගේ තාක්ෂණික නගරයක් මීට පෙර ඉදි වී නෑ. 21 වන සියවසේ අපට දකින්නට ලැබෙන අසිරිමත් ම නිර්මාණය මේ නගරයයි. මෙය තනිකරම අනාගත තාක්ෂන ලෝකය ඉලක්ක කර ගනිමින් තමයි ඉදිකරන්නේ. මේ ව්‍යාපෘතිය අනාගත ලෝකයේ සන්නිවේදනය තොරතුරු තාක්ෂණය, නව නිපැයුම් පරිගණක හා රොබෝ තාක්ෂණයෙන් සන්නද්ද වෙලා තියෙනවා.

02. මේක කොහෙද ඉදිවෙන්නේ



මේ පෘථිවියේ රටක් තුළ ඉදිවන අසිරිමත්ම ලයිට් ස්මාර්ට් නගර ව්‍යාපෘතිය කරන්නේ සෞදි අරාබියේ පිහිටි කාන්තාර භූමියකයි. ඇමරිකානු ඩොලර් ට්‍රිලියනයක වියදමින් කි.මී. 170 දිග ගොඩ නැගිලි සංකීර්ණයක් කාන්තාරයක් මැද්දේ ඉදි කරන්න සැලසුම් කරනවා කිව්වොත් ඔයාට විශ්වාස කරන්න පුළුවන්ද?

03. මේ ව්‍යාපෘතියේ නම

මේ වන විට ලෝකයේ ධනපතීන් ඇස් යොමා සිටින මේ ස්මාට් නගරය නියොම් ප්‍රජෙක්ට් කියන ආයෝජන නාමයෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. නියොම් කියන නමේ අර්ථය අලුත් අනාගතය යන තේරුම. මේ ව්‍යාපෘතිය වර්තමාන සෞදි රජගේ පුත් සල්මන්ගේ සංකල්පයක්.

04. ස්මාර්ට් නගරයේ සැකැස්ම



වර්ග කිලෝමීටර් 26000 විශාලත්වයකින් යුත් භූමි ප්‍රමාණයක් මෙය සතුයි. මේ නගරයේ පළල මීටර් 200 ක්. දිග කිලෝමීටර් 170 ක්. ඒ කියන්නේ තනි තීරුවක්. මේ නගරයේ දෙපැත්ත ආවරණය වන්නේ දැවැන්ත වීදුරු වලින්. මේ විදූරුවල උස මීටර් 500 ක් වෙනවා. මේ නගරයේ අධිවේගී දුම්රිය සේවයක් ක්‍රියාත්මකයි. ඒ නිසා කි.මී. 170 දුර ගමන් කිරීමට ගත වන්නේ මිනිත්තු 20 වගේ කෙටි කාලයක්.

05. නගරය ඇතුල



මෙහි මිලියන 9කට නිවාස පහසුකම් ලැබෙනවා. ඒ වගේම ක්‍රීඩාංගන, උද්‍යාන, ක්ලබ්, හොස්පිටල්, බැංකු, ඔෆිස්, සියල්ල මේ ඇතුලේ තියෙනවා. ඒ කියන්නේ මේක ඇතුලට එන කෙනෙක් අතේ දුරින් හැම පහසුකමක්ම තියෙනවා.

මේ නියෝම් නගරය කොටස් තුනකින් යුත්තයි. පළමු කොටස ලයින‍්. ලයින් කියල කියන්නේ කි.මී.100 දුරට ඉදිවන නූතන හරිත හා ස්මාර්ට් නගරයක්.

නියෝම් හී දෙවන කොටසෙහි කෘතිමව නිර්මාණය කරල තියෙන තරු පිරි සුන්දර අහසක් සහ වටකුරු සදක් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ කලාපයේදී කඳු පන්ති වලින් වටවුනු සෙල්සියස් අංශක10 උෂ්ණත්වයකදි හිම ක්‍රීඩා කරන්නත් පුළුවන්. කාන්තාරක හිම ක්‍රීඩා කරනවා කියන්නේ වෙනමම අත්දැකීමක්. සුපිරි හෝටල් රාශියකුත් නිර්මාණය වෙනවා.

 3වන කොටස තුල තමයි නව නිර්මාණ, නිපැයුම්, පුනර්ජනනීය බලශක්ති පද්ධති හා කර්මාන්ත නිර්මාණය වෙන්නේ. මේ කොටසින් අඩක් පමණ නිර්මාණය වන්නේ මුහුදේ පාවෙන නගරයක් විදිහට. මෙම කලාපයට වරායන් කිහිපයක්ද ඇතුලත්. මේක සම්පූර්ණයෙන්ම පුනර්ජනනීය බලශක්තියෙන් දුවන නගරයක්. ඒ වගේම පරිසර හිතකාමී කන්සෙප්ට් වලින් හදන එකක්.

06. මේ වගේ නගරයක් ඉදිකර ටාගට් කරන්නේ මොනවාද?

හැබැයි මෙය සෞදියේ මිනිසුන් ටාගට් කරල කරන ප්‍රජෙක්ට් එක්ක නෙමෙයි. ප්‍රධානම ටාගට් එක මේ නගරය හරහා සෞදි වල ටුවරිසම් ගොඩ නගන එක. විශේෂයෙන්ම ලෝකයේ සංචාරකයින් සෞදියට අද්දවා ගන්න වගේම සෞදියේ නම ලෝකයේ බබලවන්න, මුලු ලෝකයේම අවධානය ගන්න හදන ප්‍රජෙක්ට් එකක්. සරලව කිව්වොත් ඩුබායි වලට අභියෝගයක් වන ප්‍රජෙක්ට් එකක්.

මේ ව්‍යාපෘතිය අනාගත ලෝකයේ සන්නිවේදනය තොරතුරු තාක්ෂණය, නව නිපැයුම් පරිගණක හා රොබෝ තාක්ෂණයෙන් සන්නද්ද වෙලා තියෙනවා.

අපි දන්නවා ආසියාවේ විශාලත්වයෙන් පස්වන රට තමයි සෞදි අරාබිය. ප්‍රධානම ආදායම් මාර්ගය බොර තෙල්. සෞදිය දුවන්නේ බොර තෙල් නිසා. නමුත් මේ වන විට මුළු ලෝකයම පරිසර විනාශය අඩු, පරිසර දූෂණය අඩු විකල්ප බලශක්ති හොයන්න ලොකු වෙහෙසක් ගන්නවා. බැරිම වෙලා හරි ඛණිජ තෙල් ඉල්ලුම අඩු වුනොත් හෝ තෙල් නැතිව ගියොත් අරාබිය නැත්තටම නැති වෙනවා. ඒ වගේම ආර්ථික පැත්තෙන් ලොකු ආඝාධයකට යන්න සිද්ධ වෙනවා. අනාගතයේ ඒක සිදු වීමට නියමිතයි කියලා ඔවුන් දන්නවා. ඒ නිසා ඔවුන්ට වැඩි කාලයක් බොරතෙල් වලින් ආර්ථිකය අල්ල ගන්න බැරි නිසා ඔවුන් ඔවුන්ගේ ආර්ථිකයට හයියක් වෙන්න තමයි මෙවැනි තාක්ෂණික නගරයක් ඉදිර කරලා ටුවරිසම් හරහා ආදායම් උපයන්න බලාපොරොත්තු වෙන්නේ.

ඔවුන් අනුමාන කරන්නේ සෑම වසරකම මිලියන 100 කට අධික විදේශීය සංචාරකයින් මේ නගරය නරඹන්න පැමිනෙනු ඇතැයි කියලා. ඒ වගේම ලොව පුරා සිටින මිනිසුන් මිලියන ගණනකට මේ හරහා රැකියා අවස්ථා උත්පාදනය වෙනවා.

07. කවදද මේක ඉදි කරල ඉවර වෙන්නේ

මේකෙ මුල් අදියර ඒ කියන්නේ කි.මී. 14 ක් 2030 දී අවසන් කිරිමට නියමිතයි. මුළු ප්‍රජෙක්ට් එකම අවසන් කිරීමට 2045 වගේ වෙයි කියල කියන්නේ.

Rate This Article

Thanks for reading: සෞදියේ ඉදිවන ස්මාර්ට් නගරය, Stay tune to get latest Blogging Tips.

Getting Info...

Post a Comment

Cookie Consent
We serve cookies on this site to analyze traffic, remember your preferences, and optimize your experience.
Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.
AdBlock Detected!
We have detected that you are using adblocking plugin in your browser.
The revenue we earn by the advertisements is used to manage this website, we request you to whitelist our website in your adblocking plugin.
Site is Blocked
Sorry! This site is not available in your country.