Posts

තොල් තැටි පළඳින ඉතියෝපියාවේ සුර්මා ගෝත්‍රිකයන්



 තොල් තැටි පළඳින ඉතියෝපියාවේ සුර්මා ගෝත්‍රිකයන්

ලෝකයේ විවිධ චාරිත්‍ර, සිරිත් විරිත් පදනම් කර ගනිමින් සරල දිවිපෙවතකින් යුක්තව වාසය කරන ගෝත්‍රික කණ්ඩායම් සම්බන්ධයෙන් තවමත් පුවත් වාර්තා වනවා. සුර්මා යනුවෙන් හඳුන්වනු ලබන්නේද මේ ආකාරයේ තවත් එක් ගෝත්‍රයකි. මෙම ගෝත්‍රය ලොව ප්‍රසිද්ධියක් ඉසිලීමට විශේෂම කාරණාව වන්නේ, කාන්තාවන් විසින් යටි තොලේ විශාලත්වයෙන් යුත් ආභරණ පැළදීමයි.

වාසස්ථාන, භාෂා හා ආගම්

සුර්මා ගෝත්‍රිකයන් ජීවත් වෙනු ලබන්නේ, ඉතියෝපියාවේ නිරිත දිග කෙළවරට වන්නටය. ඉතියෝපියාවේ 41,000 පමණ සුර්මා ගෝත්‍රිකයන් ජිවත් වනු ලබනවා. මූලික භාෂාව සූරී නම් වන අතර එය​ සතුව ලිඛිත ක්‍රමවේදයක් නොමැත. මෙම පිරිස් අතරින් බහුතරයක් අදහනු ලබන්නේ, සාම්ප්‍රදායික ඇදහිලි ය​.

තොල් තැටි පැළඳීම



සුර්මා ගෝත්‍රය වඩාත් සුප්‍රසිද්ධ වීමට හේතුවක් වන්නේ, මෙම ගෝත්‍රයේ කාන්තාවන් විසින් විශාල ප්‍රමාණයේ තැටි විශේෂයක් පැළඳීමයි. මෙම තොල් තැටි පළඳවනු ලබන්නේ, වයස අවුරුදු 15 සිට 18 අතර වයස් වල පසුවන ගැහැණු දරුවන්ටයි. මෙලෙස මේ තැටිය ඇතුළු කිරීම සඳහා යටි දත් දෙකක් ගැලවීමට සිදු වන බව දැක්වෙනවා.

එමෙන්ම මේ ආකාරයට තැටි පැළඳීමට අරමුණු කිහිපයක්ම සුර්මා ගෝත්‍රිකයන් අතර තිබෙනවා. සුර්මා ගෝත්‍රික දැරියන් සඳහා විවාහයට සුදුසු පුරුෂයෙකු තෝරා ගැනීමේදී මෙම තොල් තැටියේ වැදගත් කම ඉස්මතු වනවා. එනම් යම් දියණියක් විශාලත්වයෙන් ඉහළ තොල් තැටියක් පැළඳ සිටින්නේ නම්, සිය පියාට විශාල දෑවැද්දක් ඉල්ලා සිටිය හැකි වනවා. මෙම ගෝත්‍රිකයන් අතර දෑවැද්ද වශයෙන් සිදු වන්නේ බොහෝ විට ගව හුවමාරුවයි. ඒ අනුව තොල් තැටිය විශාලත්වයෙන් යුත් එකක් වන්නේ නම්, පියාට ඉල්ලා සිටිය හැකි හරකුන් ප්‍රමාණය හැට දක්වා ඉහළ යනු ලබනවා.

රූමත් බවේ සංකේතයක් ලෙස සැලකෙන මෙම තැටිය ලී වලින් මෙන්ම මැටි වලින්ද නිර්මාණය කරනු ලබනවා.

වර්තමානය වන විට විශාලම තොල් තැටිය හිමි සුර්මා කාන්තාව වන්නේ, අටාගේ එලිනි ඩැග්නි ය​. ඉතියෝපියානු රජය මෙම චාරිත්‍රයට තහනම් නියෝග පැනවීමට කටයුතු කරන නමුත් මේ සඳහා සුර්මා ගෝත්‍රිකයන් එකඟ වීමක් සිදු වී නැහැ.

විලාසිතා



සුර්මා ගෝත්‍රිකයන් බොහෝ වස්ත්‍ර අඳින්නේ නැහැ. නමුත් ඔවුන් ඇතැම් විලාසිතා සිදු කරනු ලබනවා. සුදු පාට මැටි විශේෂයක් භාවිතා කරමින් තම සිරුර සිත්තම් කර ගැනීම සිදු කරනු ලබනවා. උත්සව අවස්ථා වලදී බොහෝ විට මෙලෙස සිදු කරනු ලබනවා.

ක්‍රීඩා හා සැණකෙළි

ලෝකයේ බොහෝ ගෝත්‍ර සම්බන්ධයෙන් අධ්‍යන කිරීමේදී දක්නට ලැබෙන පොදු කරුණක් වන්නේ තරුණයන් විසින් සිදු කරනු ලබන සටන් කලාවයි. විවාහයක් කර ගැනීමට අවශ්‍ය මූලිකම සුදුසුකම ලෙස මොවුන් විසින් විශ්වාස කරනුයේ ජවය හා ශක්තිය සපිරි සටන් කලාව ප්‍රගුණ කිරීමයි. එසේ නොවන්නේ නම් විවාහයක් කර ගැනීමට එම තැනැත්තා නුසුදුසු අයෙක් ලෙස සලකනු ලබනවා. මේ හේතුවෙන් තරුණ වියේදී සටන් ක්‍රීඩා පුරුදු පුහුණු විය යුතු අතරම එම තැනැත්තා විවාහයට සුදුස්සෙකු ලෙස එමඟින් ධ්වනිත වනවා.

සුර්මා ගෝත්‍රිකයන් යෂ්ටි ක්‍රීඩාවක් පුරුදු පුහුණු වනවා. කෙසේ නමුත් සත්‍ය වශයෙන් මෙය සටන් ක්‍රමයක් බඳුයි. කෙසේ නමුත් මෙම ගෝත්‍රිකයන් මෙය එළිදක්වනු ලබන්නේ යම් ක්‍රීඩාවක් සිදු කරන ආකාරයටයි. මෙම යෂ්ටි ප්‍රදර්ශනය සිදු කරනු ලබන්නේ සුර්මාවරුන් සතු ගම්මානය මැද හිස් භූමියකය. මෙය නැරඹීම සඳහා ගම්මානයේ සියලුම දෙනා පාහේ සහභාගී වනවා.

ක්‍රීඩකයන් දෙදෙනෙක් යෂ්ටි භාවිතා කරමින් සිදු කරන මෙම සටන් ක්‍රමය තරමක් බිහිසුණු වන අතරම ඇතැම් අවස්ථා වලදී සටනේ අවසානය සිදු වන්නේ එක් අයෙකුගේ මරණය සිදු වීමෙන් හෝ බරපතළ තුවාල සිදු වීමෙනි.

මෙම ගෝත්‍රය සතුව ඩොන්ගා යනුවෙන් සැණකෙළියක් ද පවතින අතර මෙහි දී එක් කණ්ඩායමට 35 ක් බැගින් වූ කණ්ඩායම් දෙකක් විසින් සමූහ යෂ්ටි හරඹයක් සිදු කරනු ලබයි.

ආර්ථිකය හා ආහාර රටා

සුර්මා ගෝත්‍රිකයන් සතුව භාණ්ඩ හුවමාරු ආර්ථිකයක් පවතින අතරම මොවුන්ගේ ධනවත්කම මොවුන් සතු වන ගවයින් ප්‍රමාණය මත තීරණය වනවා.

කෘෂිකාර්මික ජීවන රටාවකට හිමිකම් කියන අතර එක් පිරිමි අයෙකු සතුව ගවයන් තිහක් හතලික් අතර ප්‍රමාණයක් සිටිනවා. කෙසේ නමුත් මොවුන් මුහුණ දෙන අභාග්‍ය සම්පන්න සිදුවීමක් වන්නේ, සතුරු කණ්ඩායම් සුර්මා ගෝත්‍රිකයන්ට පහර දී ගවයන් පැහැර ගෙන යාමයි. මේ හේතුවෙන් මොවුන් සටන් කලාව හොඳින් ප්‍රගුණ කරනු ලබනවා. මෙම සතුරු ගෝත්‍රයක යම් සතුරෙක් මරා දැමීමට හැකියාව ලැබෙන්නේ නම් එය සුර්මාවරුන් ලබන විශාල ජයග්‍රහණයක් ලෙස සලකනු ලබනවා.

ඒකාකාරී දින චර්යාවක් හිමි මොවුන් උදෑසනම ගොස් නිරීක්ෂණය කරනුයේ නිශ්චිත ගව ප්‍රමාණය සිටීද යන්නයි. අනතුරුව කිරි දොවා පැලට රැගෙන ඒම සිදු කරනු ලබනවා. සුර්මා කාන්තාවන් ගෝවා, බෝංචි, කෝපි හා දුම්කොළ ආදිය වගා කොට තිබෙන ගොවිපළවල් කරා යනු ලබනවා.

වියළි කාලගුණයට සුර්මා ගෝත්‍රිකයන් වඩාත් කැමැත්තක් දක්වන අතර එයට හේතුව වන්නේ, මී පැණි එක් කර ගත හැකි වීමයි.

සුර්මා ගෝත්‍රිකයන් සතු නව ප්‍රවණතා

වර්තමානය වන විට ගං ඉවුරු සතු වන රත්තරන් එකතු කිරීමට මොවුන් පෙළඹී තිබෙනවා. මීට අමතරව තුවක්කු සංස්කෘතියක්ද තිබෙන අතර වනාන්තර වල වෙසෙන සිංහයන් හා ජිරාෆ් වැනි සතුන් මරා ඔවුන්ගේ සම් රැගෙන විකිණීමද, ඇතුන් මරා දළ විකිණීමද සිදු කරනු ලබනවා. මීට අමතරව සුර්මාවරුන්ගේ දක්නට ලැබෙන සුලභ දසුනක් ලෙස කැළේ කොළ හා පළතුරු ආදියෙන් සකස් කර ගනු ලබන මත්පැන් පානය කිරීම හා අඩසිහියෙන් ඇවිදීම දැක්විය හැකියි.

මූලාශ්‍රය - roar.

Rate This Article

Thanks for reading: තොල් තැටි පළඳින ඉතියෝපියාවේ සුර්මා ගෝත්‍රිකයන්, Stay tune to get latest Blogging Tips.

Getting Info...

Post a Comment

Cookie Consent
We serve cookies on this site to analyze traffic, remember your preferences, and optimize your experience.
Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.
AdBlock Detected!
We have detected that you are using adblocking plugin in your browser.
The revenue we earn by the advertisements is used to manage this website, we request you to whitelist our website in your adblocking plugin.
Site is Blocked
Sorry! This site is not available in your country.