ලේසර් මගින් අනාවරණය කරගත් මායා අඩවිය

 

ග්වාතමාලා වැසිවනාන්තර යට සැඟවීඇති දැවැන්ත මායා අඩවියක් ලේසර් මගින් අනාවරණය කෙරේ

උතුරු ග්වාතමාලාවේ ගුවන් සමීක්ෂණයක් සිදු කරමින් සිටින අතරතුර, පර්යේෂකයෝ විශාල ප්‍රදේශක් පුරා පැතිරුණු පුරාණ මායා ශිෂ්ඨාචරයට අයත් අඩවියක් අහම්බෙන් සොයා ගැනීමට සමත් වෙති.

උතුරු ග්වාතමාලාවේ භූ විද්‍යාඥයින් විසින් සොයා ගනු ලැබූ මේ දැවැන්ත අඩවිය දළ වශයෙන් වර්ග සැතපුම් 650ක් (වර්ග කිලෝමීටර් 1,700ක්) විශාලය.  මධ්‍යම පෙර සම්භාව්‍ය යුගයට සහ  පසුකාලීන පෙරසම්භාව්‍ය යුගයට (දළ වශයෙන් ක්‍රි.පු 1000 සිට  ක්‍රි.පු  250) අයත් යයි දින නිර්ණය කර ඇත.

මේ සොයා ගැනීම පර්යේෂකයන් ගුවන් යානයක් යදාගනිමින් සිදු කරන ලද ගුවන් සමීක්ෂණයක ප්‍රතිඵලයක් වන අතර, සමීක්ෂණය සඳහා  ලිඩාර් (lidar – light detection and ranging) තාක්ෂණය භාවිතා කෙරිණ.   එහිදී ලේසර් කිරණ විහිදුවා පරාවර්තිත ආලෝකය භූ දර්ශනයක ගුවන් රූප නිර්මාණය කිරීමට යොදා ගැනේ. ග්වාතමාලාවේ Mirador-Calakmul Karst ද්‍රෝණියේ වැසි වනාන්තර වැනි ප්‍රදේශවල දී මෙම තාක්ෂණය විශේෂයෙන් ප්‍රයෝජනවත් වන අතර, ලේසර් කිරනවල්ට ඝන ගස් වියන තුළට විනිවිද යා හැක.

ස්කෑන් දත්ත භාවිතා කරමින්, කණ්ඩායම කලාපය පුරා පිහිටි ජනාවාස 1,000 කට වඩා හඳුනාගෙන ඇත. මායාවරුන් පයින් ගමන් කරන්නට ඇතැයි සිතිය හැකි සැතපුම් 100 (කිලෝමීටර් 160) පයින් යන්නන් සඳහා තැනු මාර්ග වලින් මේ කලාප එකිනෙකට සම්බන්ධ වී තිබුණි. දෙසැම්බර් 5 දින Ancient Mesoamerica ජර්නලයේ ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයට අනුව, ජලය එකතු කිරීම සඳහා භාවිතා කරන ඇළ මාර්ග සහ ජලාශ මෙන්ම විශාල වේදිකා සහ පිරමිඩ කිහිපයක නටබුන් ද පර්යේෂකයන් විසින් අනාවරණය කර ගනු ලැබිණ.

“”බටහිර අර්ධගෝලයේ වෙනත් ස්ථානවල මින් පෙර කිසි දිනෙක දැක නැති, දේශපාලනික හා ආර්ථික වශයෙන් ඒකාබද්ධ වූ ප්‍රදේශයක්”   පළමු වතාවට ලිඩාර් දත්ත මගින් පෙන්නුම් කෙරිණැ යි    අධ්‍යයන සම කර්තෘ සහ ඔස්ටින්හි ටෙක්සාස් විශ්ව විද්‍යාලයේ භූගෝල විද්‍යාව සහ පරිසර දෙපාර්තමේන්තුවේ පශ්චාත් ආචාර්ය උපාධිධාරියෙකුද වන Carlos Morales-Aguilar  විද්‍යුත් තැපෑල මගින් Live Science වෙත දැන්වීය.  ග්වාතමාලාවේ මෙම කොටසේ  අපට දැන් “මායා කලාපයේ මුළු භූ දර්ශනයම  දැකගත හැකිය” යනුවෙන් ඔහු පැවසීය.

ඉතින්,  මුලින්ම මායාවරුන්ට එහි පදිංචි වීමට අවශ්‍ය වන තරමට මෙම ප්‍රදේශය ඔවුනට ආකර්ශනීය වන්නට ඇත්තේ කුමක් ද?

“මායාවරුන්ට නම්, Mirador-Calakmul Karst ද්‍රෝණිය, පදිංච්යට වඩාත්ම යෝග්‍ය ‘Goldilocks’ කලාපයක් වන්නට ඇති”  යනුවෙන් අධ්යයන සම-කර්තෘ සහ  හූස්ටන්හි පිහිටි මායා පහත් බිම්වල භූ විද්‍යා අධ්‍යයන ආයතනයේ (Institute for Geological Study of the Maya Lowlands) භූ විද්‍යාඥයෙකු ද වන Ross Ensley පවසයි. “මායාවරුන් [මෙම ප්‍රදේශයේ] පදිංචි වූයේ එහි ජනාවාස සඳහා උස්බිම් සහ කෘෂිකර්මාන්තය සඳහා පහත් බිම්වල යනා දී වශයෙන් නිවැරදි මිශ්‍රණයක් තිබූණි. උස්බිම්, ඔවුන්ගේ ප්‍රධාන ගොඩනැඟිලි ද්‍රව්‍ය හුණුගල් සඳහා මූලාශ්‍රයක්.  එමෙන්ම, වියළි ඉඩම් පදිංචියට සුදුසු බිම් විය. පහත් බිම් බොහෝ දුරට සෘතුමය වගුරු බිම්  හෙවත් bajos වූ අතර,  ඒවා තෙත්බිම් කෘෂිකර්මාන්තයට අවකාශයක්  මෙන්ම ඔවුන්ගේ හෙල්මළු කෘෂිකර්මාන්තයේ භාවිතය සඳහා කාබනික-සරු පසක්  ලබා දුන්නේය.

පර්යේෂකයන් මීට පෙර ද ග්වාතමාලාවේ මායා අඩවි පරිලෝකනය කිරීමට ලිඩර් භාවිතා කර ඇත. ඒ, 2015 දීය. Mirador Basin Project මුලපිරීම ලෙස හැඳින්වු මේ යටතේ, El Mirador පැරණි නගරය වෙත අවධානය යොමු කරමින් ද්‍රෝණියේ දකුණු කොටසෙහි මහා පරිමාණ සමීක්ෂණ දෙකක් සිදු කරන ලදී.  අධ්‍යයනයට අනුව, එම ව්‍යාපෘතිය රටේ මෙම කොටසේ වර්ග සැතපුම් 658 (වර්ග කිලෝමීටර 1,703) සිතියම්ගත කිරීමට මග පෑදීය. 

“මම පැරණි එල් මිරාඩෝර් නගරයේ පළමු  ආකෘති ජනනය කළ විට, මම කම්පනයට පත් වූනා,” Morales-Aguilar පැවසීය, “පළමු වරට විශාල ජලාශ, ස්මාරක පිරමිඩ, හෙල් මළු, නේවාසික ප්‍රදේශ සහ කුඩා පස් කඳු විශාල ප්‍රමාණයක් නිරීක්ෂණය කිරීම සිත් ඇදගන්නා සුළු විය.”

Live Science හි පළවන Lasers reveal massive, 650-square-mile Maya site hidden beneath Guatemalan rainforest යන ලිපිය ඇසුරෙනි

Rate This Article

Thanks for reading: ලේසර් මගින් අනාවරණය කරගත් මායා අඩවිය, Stay tune to get latest Blogging Tips.

Getting Info...

Post a Comment

Cookie Consent
We serve cookies on this site to analyze traffic, remember your preferences, and optimize your experience.
Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.
AdBlock Detected!
We have detected that you are using adblocking plugin in your browser.
The revenue we earn by the advertisements is used to manage this website, we request you to whitelist our website in your adblocking plugin.
Site is Blocked
Sorry! This site is not available in your country.