බ්‍රසීලයේ සර්ප දූපත

2 Read time

 


මිනි­සු­න්ට පය තැබීම තහ­නම් බ්‍රසී­ලයේ සර්ප දූපත

බ්‍රසීලයේ සාඕ පාලෝ නගරයට සැතපුම් 20ක් පමණ මුහුද දෙසට වන්නට පිහිටි ‘Ilha da Queimeda Grande’ නම් කුඩා දූපත හඳුන්වන්නේ ‘සර්ප දූපත‘ ලෙසින්. එසේම බ්‍රසීල නාවික හමුදාව මඟින් මෙම දූපතට ගමන් කිරීම සාමාන්‍ය ජනයාට තහනම් කර තිබෙන්නේ මෙම දූපත මනුෂ්‍ය වාසය සඳහා නුසුදුසු නිසායි. ප්‍රමාණයෙන් කුඩා දූපතක් වන මෙහි වර්ග මීටරයකට අවම වශයෙන් එක් සර්පයකු හෝ දක්නට ලැබෙන බව පරිසරවේදීන් පවසනවා. උග්‍ර විෂ සහිත ‘ගෝල්ඩන් ලාන්ස්හෙඩ්‘ (Golden Lancehead) නම් සර්ප විශේෂය ප්‍රධාන ලෙසම මෙහි වෙසෙන අතර ඔවුන් මෙම දූපතට පමණක් ආවේණික වූ සර්ප විශේෂයක් බවටද හඳුනාගෙන තිබෙනවා. මීටර් භාගයකටත් වඩා දිගෙන් වැඩෙන මොවුන් පොළොං පවුලට අයත් සර්ප විශේෂයක්. මොවුන් කොතරම් විෂ සහිතද කියනවානම් බ්‍රසීලයේ සිදුවන සර්ප දෂ්ට කිරීම් හා සම්බන්ධ මරණවලින් 90%ක් පමණ සිදු කරනු ලබන්නේ ලාන්ස්හෙඩ් පවුලේ සර්පයින් විසින්. ලාන්ස්හෙඩ් පවුලේ අනෙකුත් සර්ප විශේෂයන්ට වඩා පස් ගුණයකින් පමණ මොවුන්ගේ විෂ ප්‍රබල වන අතර දෂ්ට කළ පසු ඉතා ඉක්මනින් මෙම විෂ ක්‍රියාත්මක වීම මෙයට හේතුවයි.

අක්කර 106ක පමණ භූමි ප්‍රමාණයකින් යුත් මෙම දූපත අතීතයේදී ප්‍රධාන ගොඩබිම හා සම්බන්ධ වී තිබී ඇති නමුත් මුහුදු ජල මට්ටම ඉහළ යෑම නිසා වසර දසදහසකට පමණ පෙර දූපතක් ලෙසින් වෙන් වී ගොස් තිබේ. අනෙකුත් ප්‍රදේශවල සිටින සර්පයින් මෙන් නොව මේ කුඩා දූපතෙහි වෙසෙන සර්පයින්ට තිබෙන ආහාර හිඟය නිසා හා ඔවුනට දඩයම් කිරීමට සිටිනා එකම සත්ත්ව විශේෂය මෙම දූපතට පැමිණෙන සංචාරක පක්ෂීන් නිසා මොවුන් වසර දහස් ගණනක් පුරා අනුවර්තනයවී ඉතා උග්‍ර විෂ සහිත සර්පයින් බවට පත් වී තිබෙන්නේ එක් පහරදීමකින් පක්ෂීන්ව අල්ලා ගැනීමටයි.

බ්‍රසීල නාවික හමුදාව විටින් විට මෙම දූපතෙහි තිබෙන ප්‍රදීපාගාරය නිරීක්ෂණයට හා දූපත වෙත අනවසරයෙන් මිනිසුන් පැමිණ තිබේද යන්න සොයා බැලීමට මෙයට ගමන් කළත් කිසි­‌ෙවකුත් මෙහි පදිංචි වී නොසිටිති. වසර 1920 වැනි කාලයේදී දූපතෙහි තිබෙනා ප්‍රදීපාගාරය බලාගත් පවුල රාත්‍රියේදී සර්ප ප්‍රහාරයකට ලක්වී තිබෙන අතර ඔවුන්ගේ සිරුරු දූපතෙහි විවිධ ස්ථාන වලින් හමුවී තිබෙන්නේ ඔවුන් සර්පයින්ගෙන් බේරීමට හිස් ලූ ලූ අත දිවගිය බවට ඉඟි කරමිනි.

තවත් වරෙක දූපතට ගමන් කළ ධීවරයකු දෂ්ට කිරීමකට ලක් වී ඇති අතර ඔහු නැවතත් බෝට්ටුවට පැමිණ පිටත් වීමේදී ජීවිතක්ෂයට පත්වී ඔහුගේ සිරුර ලේ විලක් මැද බෝට්ටුව තුළ වැටී සිටින විට සොයාගෙන තිබේ.

මේ නිසා ජනතාවට ගමන් කිරීමට තහනම් කළත් මෙම සර්ප විෂ මගින් හදවත් රෝග සුව කිරීමට ඇති හැකියාව නිසා ජාවාරම්කරුවන් විසින් මෙහි පැමිණ මෙම ගෝල්ඩන් ලාන්ස්හෙඩ් සර්පයින් අල්ලාගොස් ඩොලර් 30000ක් වැනි දැවැන්ත මුදලක් ලබා ගන්නවා.

මේ නිසාම 4000කට අඩුවෙන් සිටිනා මෙම සර්ප විශේෂය අතිශය වඳවීමේ තර්ජනයට ලක් වී තිබෙන අතර මොවුන්ගේ ගහනය, ආහාර හා වාසස්ථානය සීමාසහිත වීමෙන් වසරින් වසර මොවුන්ගේ ප්‍රමාණය අඩු වෙමින් පවතිනවා. ප්‍රතිකාර සිදු කළද ගෝල්ඩන් ලාන්ස්හෙඩ් සර්පයකුගේ එක් දෂ්ට කිරීමක් හමුවේ වැඩුණු මිනිසකු මියයෑමේ සියයට 3ක ප්‍රතිශතයක් පවතින නිසා මේ සර්පයින් වෙසෙන තාක් මේ දූපත නැරඹීමට සංචාරකයන්ට නම් අවස්ථාව හිමිවන්නේ නෑ. නමුත් සාඕ පෝලෝ සත්ත්ව උද්‍යානය වෙත ගිය හොත් ලෝකයෙන්ම මේ පුංචි දූපතේ පමණක් දක්නට ලැබෙනා ගෝල්ඩන් ලාන්ස්හෙඩ් පොළඟුන් විශේෂය දැක බලාගැනීමට අවස්ථාව හිමි වනවා

Rate This Article

Thanks for reading: බ්‍රසීලයේ සර්ප දූපත, Stay tune to get latest Blogging Tips.

Getting Info...

Post a Comment

Cookie Consent
We serve cookies on this site to analyze traffic, remember your preferences, and optimize your experience.
Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.
AdBlock Detected!
We have detected that you are using adblocking plugin in your browser.
The revenue we earn by the advertisements is used to manage this website, we request you to whitelist our website in your adblocking plugin.
Site is Blocked
Sorry! This site is not available in your country.