Posts

බ්‍රසීල මහ බැංකුවට උමඟක්



 බ්‍රසීල මහ බැංකුවට උමඟක්

2005 දී බ්‍රසීල මහ බැංකුවේ ‍ෆෝටලේසාහි පිහිටි ශාඛාවෙන් ‍ඩොලර් මිලියන 70කට වඩා සොරකම් කෙරුණා. ඒ, කිසිම දොරටුවකින් ඇතුළු නොවී, දින දෙකක් යනතුරුත් කිසිම කෙනෙකුට සිතාගත නොහැකි වූ ආකාරයකට යි.

සොරකමට මාස තුනකට පෙර බැංකුව ආසන්‍නයේ පිහිටි ස්ථානයක නව ව්‍යාපාරයක් බිහි වෙනවා. ඔවුන් කරන්නේ ගෙවතු අලංකරණ කටයුතු යි. ඒ වෙනුවෙන් ඔවුන් බේස්බෝල් තොප්පි නොමිලේ බෙදීම, ස්ටිකර් ඇලවූ වෑන් එකක් ඉදිරිපිට නවත්වා තැබීම වැනි උපක්‍රමයන් ද යොදා ගනිමින් පුළුල් ලෙස ව්‍යාපාර ප්‍රවර්ධනයේ යෙදුණා. පිටත වගේම, ගොඩනැගිල්ල ඇතුලේත් ගැඹුරු ව්‍යාපාරයක් තිබුණා. ඒ, දැවැන්ත උමං කැණීමක්!

සොරුන් උමඟ කැණීමේ කටයුත්ත ආවරණය කරන්නට ගෙවතු අලංකරණ ව්‍යාපාරයක් පිහිටුවීමට තෝරා ගත්තේ, උමඟ හාරද්දී ගෙන එන පස් නිසා මතුවන ගැටළුව විසඳාගැනීමට යි. ගෙවතු අලංකරණ ව්‍යාපෘති ආයතන පරිශ්‍රයක තැන තැන පස් ගොඩවල් තිබීම ගැන කිසිවකුත් සැක කරන්නේ නැහැ.‍ ව්‍යාපාර ප්‍රධානියා අසල්වාසීන් සමග ද සුහද අයෙකු බවට පත්ව තිබුණා.

2005 අගෝස්තු 6 වන සෙනසුරාදා උමඟ තුළින් ඍජුවම ආරක්ෂිතාගාරයට (විශාල සේප්පුවක්) ඇතුළු වුණු ඔවුන් ආරක්ෂක අනතුරු සංඥා ද අබල කොට, එහි සිට කප්පි පද්ධතියක් හරහා තම ගොඩනැගිල්ල වෙත මුදල් ගෙන ආවා. මුදල් ගෙනයාම සඳහා සොරකම් කරන ලද කාර් රථ 7ක් යොදාගෙන තිබුණා. ඉරිදා අලුයම වත්ම ගෙවතු අලංකරණ ව්‍යාපාරය අතුරුදහන් වී තිබූ අතර, ඒ සමගම තම මුදල් ද අතුරුදන්ව ඇති බව බැංකුව දැනගත්තේ ඉන් පසුව එළැඹුණු සඳුදා දින යි.

පොලිස් පරීක්ෂණවල දී දකින්නට ලැබුණේ ආරක්ෂිතාගාරයේ සිට මීටර් 80ක් දිගට විදුලි ආලෝකය සහ වාතාශ්‍රය ද සහිතව, ලී සහ යකඩ මුක්කු ද අටවා තැනූ අංග සම්පූර්ණ වූ උමඟක්. එය මාස 4ක් තිස්සේ සකසා තිබුණා. දූවිල්ල අඩු කිරීමට බිත්ති වටා පොලිතීන් කවරත්, ඇඟිලි සලකුණු සඟවන්නට සුදු පැහැති කුඩු වර්ගයකුත් ද යොදා තිබුණා. මීටර් 2ක් පමණ දිග ඉනිමඟකින් ඊට බැසිය යුතු වුණා. ඔවුන් කුලියට ගත් කඩ කාමරයේ ආහාර, ජලය, කැණීම් සඳහා වන විශේෂ ඇඳුම් සහ උපකරණ ගබඩා කර තිබුණා.

Armadillo, The German වැනි අන්වර්ථ නාම ද භාවිතා කර තිබූ මේ සොරුන් විවිධ පෙදෙස්වලට පලා ගොස් සිටියා. නමුත් වැ‍ඩේ වැරදුණේ එක් අයෙකු ඔහු රැස් කරගත් මුදල් එක්වරම පිටතට යොදවන්නට පටන් ගැනීමත් සමග යි. තම සිහිනයක් සැබෑ කරගන්නට මෙන් හේ කාර් රථ විශාල සංඛ්‍යාවක් මිල දී ගන්නට පටන් ගත් අතර, එහි ඇති සැක සහිත බව නිසාම ඔහු පොලීසියේ අවධානයට නතු වුණා. ඔහුගෙන් ලද තොරතුරු මත තවත් අය අල්ලා ගන්නට ඒ අනුව හැකි වූවා.

නගරයේ උතුරුකරයේ ගබඩා කාමරයක උමඟ හෑරීමට ගත් ආයුධ ද සමග සැකකරුවන් දහසය දෙනෙකු අත්අඩංගුවට ගැනුණා. උමඟ වෙනුවෙන් ඩොලර් 200,000ක් පමණ වැය කරන්නට ඇති බවත්, සහභාගී වූ 20 දෙනා ඩොලර් 64,000ක් පමණ බැගින් මෙම ව්‍යාපෘතියට ආයෝජනය කර තිබූ බවත් ක්‍රමයෙන් හෙළිවුණා.



“මේක ලෝකයේ විශාලතම බැංකු මංකොල්ලය වෙන්නට ඉඩ තිබුණා. මේ කණ්ඩායම මනුෂ්‍ය ඝාතන වගේ ප්‍රචණ්ඩ ක්‍රියාවලට මීට පෙරත් සහභාගීව සිටි පිරිසක්,” යි ප්‍රධාන විමර්ශන නිලධාරී ෆැබියෝ ලෝපෙස් The Guardian වෙත පවසා තිබුණා.

ආරක්ෂිතාගාරයේ අලුත් මෙන්ම පැරණි නෝට්ටු ද තිබූ අතර ඔවුන් ගෙන ගොස් තිබුණේ බැංකුව අංක වාර්තාගත කරගෙන නොතිබූ පැරණි නෝට්ටු පමණ යි. බැංකුවට නැවත ලබා ගත හැකි වුණේ ඩොලර් මිලියන 8ක් තරම් සුළු ප්‍රමාණයක්. මේ කතාව අලලා Federal Bank Heist නමින් චිත්‍රපටයක් ද නිපැයුණා.

ඇල්සියු ගෝමිස් නමැති 35 හැවිරිදි අයෙක් මේ සොරකම මෙහෙයවා තිබූ අතර, ඔහු එම වසරේ දීම පැරගුවේහි මුදල් ගබඩාවක් බිඳීමට නායකත්වය දී හසුවී වැරදිකරු වූවෙක්. එම අවස්ථාවේ දී ග්‍රෙනේඩ් සහ රයිෆල භාවිතා කරමින් ඩොලර් මිලියන 13ක් ඔවුන් සොරගත්තේ පොලිස් භටයකුගේ ද දිවි අහිමි කරමිනි. ඒ වතාවේ මෙන් ප්‍රචණ්ඩකාරී නොවී මෙවර සාමකාමීව බැංකුවට (උමඟක්) විදීම ඔහුගේ අරමුණ වන්නට ඇති නේ ද?

මූලාශ්‍රය - roar meadia

Rate This Article

Thanks for reading: බ්‍රසීල මහ බැංකුවට උමඟක්, Stay tune to get latest Blogging Tips.

Getting Info...

Post a Comment

Cookie Consent
We serve cookies on this site to analyze traffic, remember your preferences, and optimize your experience.
Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.
AdBlock Detected!
We have detected that you are using adblocking plugin in your browser.
The revenue we earn by the advertisements is used to manage this website, we request you to whitelist our website in your adblocking plugin.
Site is Blocked
Sorry! This site is not available in your country.